ප්රාග්ධනය මිනිසුන් ප්‍රතිව්‍යූහගත කරන එක් ක්‍රමයක් වන්නේ ප්‍රකාශ කිරීමට ඉඩදී දේපළ අයිතිය වෙනස් නොකර තබා ගැනීමෙන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසීය.
රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අරගලය අවස්ථාවේ දී තම පක්ෂය අඩියක් පසුපසට ගත්තේ ජීවිත නැති කර, දරුවෝ මරා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුව රකින්නට අවශය නැති බැවින් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන්ට පනවා තිබෙන නඩුව ඔක්තෝබර් 30 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කර සිටියි.
ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව සහ එහි අනුමත ධූරාවලියේ නොමැති තනතුරුවලට නිලධාරීන් තිදෙනකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක ගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළැයි කියන සිද්ධියකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් කොමිසම විසින් අද (30) අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු කිසිවකුගේ බලපෑමක් නොමැතිව නිදහස් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු අවකාශ ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබු අධිවේගී දුම්රියක ගැටීමෙන් වන අලින් 08 දෙනෙකු මිය ගොස් තවත් වන අලියෙකු තුවාල ලබා තිබෙනවා.
ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ජනාධිපතිතුමාගේ දැඩි අවධානයට...,
පොළොන්නරුව කියන්නේ හරි දුප්පත් දිස්ත්‍රික්කයක්. ආර්ථික සවිමත් බව අතින් අනික් දිස්ත්‍රික්ක අතර අපි ඉන්නේ 16 , 17 වගේ තැන්වල. ලංකාවේ ලොකුම වී මෝල් ටික මෙහෙ තිබුනට රටේ සමස්ත ආර්ථිකයට ම වී ගොවිතැන කියන්නෙ ම හූනියමක්. අපිට හරිහමන් ආර්ථික සම්පතකට තියෙන්නේ කවුඩුලු මින්නේරි ජාතික උද්‍යාන දෙක විතරයි. මේ වෙද්දි හබරණ කියන්නේ විදේශීය සංචාරක කලාපයක් ලෙස ඉතා වේගවත් දියුණුවක් අත්පත් කරමින් ඉන්න ප්‍රදේශයක්. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ඉහත කී වන උද්‍යාන දෙකේ , ලෝක ප්‍රසිද්ධ , අති සුවිශේෂී වන අලි එකතුව (great elephants gathering).
හබරණ ගැවසෙන්නේ සීගිරියට එන සංචාරකයින්. නමුත් සීගිරියට එන සංචාරකයින්ගෙන් පොළොන්නරුවට එන්නේ 20% ටත් අඩු ප්‍රමාණයක්.
කොමිස් මුදල් භාණ්ඩ ආනයනය කර බෙදාහරින, අලුත් ම අතරමැදි ව්‍යාපාරික පන්තියකට වාසි සැලසෙන ලෙස ආහාර ද්‍රව්‍ය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කිරීම හේතුවෙන් දේශීය ගොවියාට යන එන මං නැතිවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
අප රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචක රැසක් සිදුව ඇති මොහොතක, අපේ ම සහෝදර ජනතාව ගේ ජීවිත දේපළ හා නිවාස අහිමි වී ඇති මොහොතක,
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසෙනු ඇතැයි කියා ඉන්ධන මිල වැඩි කළා නම්, දැන් එම අවදානම පහව ගොස් තිබෙන අවස්ථාවක මිල අඩු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩල සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ පැවසී ය.
වයස අවුරුදු 16 දක්වා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන නීති රීතී සලසන්නැයි ජාතික මාධ්‍ය පදනම රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අසනීප වූ විට කොත්තමල්ලි බීලා ගෙදර සිටින්න යැයි ජනතාවට දැන් ජනාධිපතිවරයා පවසන බවද, ජනාධිපතිවරයාට එසේ කීමට අයිතියක් නොමැති බවද රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි පාර්ශවයන්හි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරුන් ජනාධිපතිවරයා හමුවේ අද ප්‍රකාශ කර ඇත.
අස්වැසුම දෙවන අදියර යටතේ ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැතිනම් වහාම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය යුතු බව රජය ප්‍රකාශ කරයි.
අස්වැසුම ප්‍රතිලාභීන් 16800ක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර නැනැයි සමාජ සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

