විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, එතකොට මහනායක හිමිවරුත් හොරුද ? - නාමල් රාජපක්ෂ විමසයි
නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කළ ද අධිකරණ ප්‍රමාණය වැඩි නොවන බවත්, අධිකරණ පද්ධතියට බැඳෙන්නට බලාපොරොත්තුවෙන් බලාගෙන විශාල පිරිසක් රැඳී සිටින බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු දෙකෙන් එකක් පිරවීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) ඒකමතිකව අනුමත කර ඇත.
විනිසුරු පසන් අමරසේන අධිකරණ සේවා සංගමයෙන් ඉල්ලා අස්වෙමින් ඊයේ සංගමයේ සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර ඇත.
එංගලන්තයේ නීතිඥවරයකුට අවුරුදු 75ක් දක්වා සේවයේ නියුතුව සිටිය හැකි බවත්, ඇමරිකාවේ නම් ජිවිතාන්තය දක්වා වුව ද සේවයේ යෙදිය හැකි යැයි ද නීතිඥ අනුර හෑගොඩ පැවසී ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්ගේ කාලය දීර්ඝකිරිමට අවශ්‍ය නම් වහාම ජනමත විචාරණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සහ අනෙකුත් විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම වයස ඉහළ නැංවීම කිසි ලෙසකින් හෝ යහපත් හා ප්රජාතන්ත්රවාදී ව්‍යවහාරයක් නොවන බවත් එබැවින් විනිසුරුවන් ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව සාකච්ඡාවට බදුන් කිරීමකින් හෝ තොරව ප්‍රතිකේෂ කිරීමට රජය පියවර ගත යුතු යැයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇති බව සැලකිල්ලට ගන්නා බවත්, මෙම යෝජනාව ව්‍යවස්ථා සංශෝධනයක් වන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතරයකින් සම්මත වීමෙන් අනතුරුව, ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රට Next සංවිධානය සඳහන් කරයි.
විනිසුරුතුමන්ලා ගේ අනිවාර්ය විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවට දැන් දින 43ක් ගත වී ඇති බවත්, මේ වන විට: ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ නීතිඥ සංගමය, බදුල්ල නීතිඥ සංගමය ඇතුළු දිස්ත්‍රික්ක් සංගම්, නීතිඥ එකමුතුව (ලෝයර්ස් කලෙක්ව්), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතී සංගමය, ආසියානු නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය ඇතුළු සියලු දෙනා සේවා දිගුවක් ලබා දීමට සහ විශ්‍රාම වයස ඉහළ දමනවාට විරුද්ධයි යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
විනිසුරුවරුන් ගේ වැඩ කරන කාලය අවුරුදු දෙකක් දීර්ඝ කිරීම පිළිබඳ කතිකාවක් සමාජයේ ඇති වී තිබෙනන බවත්, ඒ පිළිබඳ විවිධ ප්රශ්නසහ ගැටලු විවාදයට භාජනය වෙලා තිබෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේ ම ජාත්‍යන්තර නීතිඥ සංවිධානත්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර සහ මහාචාර්ය දීපිකා උඩගම වගේ නීති ක්ෂේත්රයේ ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න විද්වතුන්ගේත් විරෝධය පවා නොතකා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ ධුර කාලය දීර්ඝ කරන්න ජනාධිපති අනුර ප්රමුඛ මාලිමාව ආණ්ඩුව දැඩි අධිෂ්ඨානයක ඉන්න බව පේන්න තියෙනව.
පසු ගිය දිනකිහිපයක විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශිර්ෂයක් සහ විපක්ෂ නායකවරයා ගේ යැයි හැගවෙන අත්සනක් යොදාගනිමින් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය නිවේදන ලෙස ප්‍රකාශන දෙකක් විවිධ සමාජමාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය විම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූහ.
නොරොච්චෝල විදුලි බලාගාරයේ ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි India House හිදී සිදු විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව වසරේ හාහා පුරා ගියේ කරවනැල්ල මූලික රෝහලටය. ඒ හුස්ම වැඩසටහන යටතේ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමකට ය. සජිත් තම රෝහලට එන බව දැනගත් හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ සේවකයින් කරවනැල්ල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට කිව්වේ සජිත් සමග සාකච්ජාවක් අවශ්‍යම යි කියා ය. ඒ අනුව ඊට ඉඩකඩ ලබාදුන් වෛද්‍ය අධිකාරි සජිත් ගෙන් එම සාකච්ජාව ඉල්ලා සිටියේය.
නඩු ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වනවිට ගොඩගැසී ඇති මුළු නඩු සංඛ්‍යාව මිලියන 1.1 කට වඩා අධික බව අධිකරණ අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දී තිබෙන අතර එම නඩු ප්‍රමාණයට සාපේක්ෂව විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කර නොමැතිවීමත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමත්, රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්රමාදවීමත් මෙම නඩු ප්‍රමාදයට හේතුවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව දන්වමින් විපක්ෂ නායකවරයා ප්රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් මේ නිසා මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතඝ ලෙස පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

