වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ.
කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයෙකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (25) දින නියෝග කළාය.
2026 වසරේ මේ දක්වා වැටලීම් 119කින් අටපිරිකර විවෘත කර සිදු කළ පරීක්ෂාවලදීත් අක්‍රමිකතා අනාවරණය වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මාලිමා ආණ්ඩුව තෝරා ගත්තේ ජනතාව වුව ද, මාලිමා කණ්ඩායමට කිසිවක් කළ නොහැකි බව මේ වන විට එම ජනතාව තේරුම් ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය.
වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති සහ ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු විදිහට වැඩිම බොරු පොරොන්දු දී ජනතාව රැවටූ නායකයා වෙන කිසිවකු නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ලබන මාසයේ සිට පොදු ප්‍රවාහන වියදම තව වැඩිවෙන බවත් එම මුදල පියවා ගැනීමට සිදුවන්නේ ද කෑම පිඟානෙන් යැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද යැයි පවසන්නේ නම් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
සහල් හා පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිමය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
ලාල්කාන්ත ගෙ වසන්ත සමරසිංහ ගෙ කෝටි ගණන් වටින වත්කම් ගැන සමාජ මාධ්‍යවල පසුගිය දිනවල බොහෝ කතා කෙරුණා. ලාල්කාන්ත ගෙ තෙමහල් සුඛෝපභෝගී නිවස තමයි එහි දී උලුප්පා දැක්වුණේ කොහොමද මෙහෙම මන්දිරයක් හැදුවෙ කියල විමසමින්.
වර්ෂාව හමුවේ ජලයෙන් යට වූ ගොවි බිම්වල නැවත වී වගාවට යොමු වෙන්නේ නම් දිගුකාලීන වී ප්‍රභේදවලට නොගොස් මාස තුනේ වී කාණ්ඩවලට යෑම වැදගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කියයි.
‘’2022 වසරේ සිදු වූ ආර්ථික බිඳවැටීමෙන් පසුව, මෙරට පුරවැසියන් තුළ දුෂණයට හා දේශපාලන පාලනයට එරෙහිව දැඩි කෝපයක් හා වගවීමක් (Accountability) ඉල්ලා සිටීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇතත්, වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම පමනක් රටක සංවර්ධන උපායමාර්ගයක් නොවන බව පැත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ පෙන්වා දෙයි.
මෙය වසර කිපයකට පෙර වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ සිටියදී එතුමා පුවත් පතකට ලබා දුන් සම්මුඛ සාකඡ්ඡාවක් . මෙය අදටත් වලංගු කියමනක් වෙලා තිබීම කාලය විසින් හෝ ක්‍රමය විසින් සහල් ප්රශ්නය විසඳා නැති බවක් පෙන්නුම් කරයි .
කොමිෂන් සභා පනත මගින් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක ඕනෑම රැඳවුම් ස්ථානයකට ඇතුළු වීමට කොමිෂන් සභාව වෙත පැහැදිලිවම බලය පැවරී ඇති බවත්,
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබේ.
අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව ඇතැයි එම ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය පැය 48 කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

