විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් සකස් කරන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේ දී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් රජය සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසී ය.
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකඅතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීමට ජාතික මට්ටමේ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙරටට සිදුකරන ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වන විට රුපියල් කෝටි 215,910 (ඇමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1) ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
දැඩි අපරාධ වලට සම්බන්ධව විදෙස් ගත සැගවී සිටින රතු අපරාධකරුවන් හැත්තෑ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට නියමිත බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 ජූලි 23 සිට 24වන දා දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයයේ 33වන අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50වන සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිත ය.
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 සැප්තැම්බර් මස 02වන දා සිට 03වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.
අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනකු ගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලු බව කියන සිද්ධියට අදාලව දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට අදහස් කරන බව සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දැන්වූයේ ය.
විදේශ දුම්වැටි 12000ක් සන්තකයේ තබා ගත් චීන ජාතිකයෙකු දුම්වැටි තොගය සමග ම කොල්ලුපිටිය ඇසිටෝරියා ගොඩනැගිල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරුභාවයකින් තොරව කටයුතු කිරීම ෙහ්තුවෙන් වාර්තා වන ආකාරයට මේ මොහොත වන විට අප රටේ අරමුදල්වලින් ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් එනම් ඩොලර් ලක්ෂ 25ක මුදලක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වන ආකාරයට මේ ඩොලර් මිලියන 2.5ක මුදල පරිගණක හැකර්කරුවකු විසින් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගෙන ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.එම්.එම්.හිල්මි නමැත්තා ලබන (09) දක්වා රක්ෂිත බන්ධනාගාරත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
පසුගිය කාලය තුළ විවිධ හේතූ මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් විශේෂ ඉල්ලීමක් කළේ ය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන හේතුවෙන් නතර කර ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රටේ විධායකය මැදිහත් වී කළ කිසිම අපරාධයකට, එම විධායකයේ බලය පවත්වා ගන්නා තෙක් කිසිදු යුක්තියක් ඉෂ්ට නොවන්නේ යැයි යැයි නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසී ය.
සියලු දෙනා ගේ ම වගකීම සහ යුතුකම වන්නේ විපතට පත් ජනතාව රැකබලා ගෙන ආරක්ෂා කිරීම වන අතර ඊට අමතරව මින් ඉදිරියට පවා ඔවුන්ට ආරක්ෂිත ජන ජිවිතයක් උදා කරවීමට කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාම ඇප කැපවී කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ආපදා සහනාධාර සහ හිමිකම් ලබාගෑනීමට යාමේදී ඇමැම් නිළධාරීන් ඉතා පහත් ලෙස තෝරාගත් හිතවතුන්ට අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
සේවක අර්ථසාධක අරමුදල (EPF) ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනය වුවද, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඒකක භාර (unit trusts) වැනි තෙවැනි පාර්ශවයන් වෙනුවෙන් අරමුදල් කළමනාකරණය කරන අනෙකුත් ආයතනවලට සාපේක්ෂව එහි විනිවිදභාව සහ තොරතුරු අනාවරණය කිරීම පවතින්නේ අඩු මට්ටමක යැයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.
"ඩිජිටල්කරණය" තුළින් මහජන සේවා වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත සහ පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්, රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ජූලි 02) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

