පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මගින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂා සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති පාලන මිල (උපරිම ගාස්තුව රු. 400/-) ඉක්මවා මුදල් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 උල්ලංඝනය කළ වවුනියාව, රෝහල් පාරේ පිහිටි “අබිෂා හොස්පිට්ල් (Abisha Hospital Pvt Ltd)” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර 11ක් පුරා පැහැර හැර ඇති බවට පාර්ලිමේන්තුවේදී අද (19) බරපතල චෝදනාවක් එල්ල විය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16කට අධික කාලයක් තමා රාජකාරි කළ බවත්, මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝලය හිටපු පොලිස්පතිවරයා තමා ගෙන් ඉල්ලා නැති බවත්, එහෙත් මියගිය දිනයේ පමණක් පරීක්ෂා කිරීමට බව පවසා තම පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ ඉල්ලා සිටි බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා ලෙස රාජකාරි කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් ඊ.එම්. ප්‍රසන්න අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ දැඩි ඒකාධිපති පාලනයක් ගොඩනැගෙමින් තිබූ පසුබිමක 1983 කළු ජූලිය නිර්මාණය කර, අහිංසක දෙමළ පුරවැසියන් දහස් ගණනක් මරා දමා දේපොළ කොල්ලකා ගිනිබත් කර, වසර 43ක් සම්පූර්ණ වී තිබේ.
තම රජය පොරොන්දු වූ ආකාරයට ම වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකිරීමට කටයුතු කරන්නේ යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
2017 වසරේ අප්‍රේල් 14වන දින මීතොටපුල්ලෙහි කුණ කන්ද නාය ගොස් ගමේ මිනිස්සු තිස් දෙකක් කුණුකන්දට යට වී මිය ගිය බවත්, ගෙවල් 300ක් විනාශ වූ බවත්, දහම්පුර, පන්සල්හේන යනාදි ගම්, ගම්පිටින්ම නාය ගොස් ඒ ගම් සුසාන භූමි බවට පත්වූ ආකාරය ලංකාවේ ජනතාවට මතක දැයි අවිශ්වාස ය.
සමහරු වසාදමා තිබෙන නිවස්වලටත් වන්දි ඉල්ලන බවත් එයින් ගෙවීම් කටයුතු ප්‍රමාද වන බවත් එය රාජ්‍ය නිලධාරීන්ගේ වරදක් නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.
පවතින වටපිටාව එතරම් යහපත් නොවන බැවින් නොපමාව පෞද්ගලික මට්ටමින් හෝ ආරක්ෂාව සපයාගන්නයි විදෙස් තානාපති නිලධාරීන් කිහිපදෙනෙකුම හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.
වත්මන් රජය දිගින් දිගටම මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ට හිරිහැර කරන, අඩත්තේට්ටම් කරන, පීඩනයට ලක් කරන, රටාවක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කළ සිද්ධියට හිටපු සංචාරක ඇමැති බැසිල් රාජපක්ෂ යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දිය යුතු ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමය දමා ඇති බව කියන ජාඇල ප්‍රදේශයේ ස්ථානය ලබන 03 වනදා පරීක්ෂා කිරීමට අවශ්‍ය සහාය දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකායට අද (30) නියෝග කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා අධ්‍යාපනයට කුඩම්මා ගේ සැලකිල්ල දී ඇති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම සඳහා පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ: ගම්පළ නගරය, සරසවිගම, දෙල්තොට, දොලුව ආදි ප්‍රදේශවල සුළි සුළඟින් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාව පොලියට ණය ලබාදෙන පුද්ගලයින් ගෙන් මුදල් ලබාගැනීමටත් කටයුතු කර තිබෙන බවත්,
ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාය විසින් අත්අඩංගුවට ගන්නා ලද සංගීත් ජයසේකර නමැති පුද්ගලයා ලබන 16වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (3) නියෝග කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට රෝගාතුරව සිටි ඔහු මිය යන විට 82 වන වියේ පසු විය.
දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.
2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.
2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

