පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූහ.
මෙහි දී දෙපාර්ශ්වය අතර දිත්වා සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පවතින ආපදා තත්ත්වය සහ ඉන් පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා යුරෝපා සංගමයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස තානාපතිනිය ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යෑමට, බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට, සහාය ලබා දෙන ලෙසත් මේ අවස්ථාවේ යුරෝපා සංගමය ප්‍රමුඛ ගෝලීය නායකයන් ලබා දෙන සහාය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
