වසර 160 කට පමණ ලෝකයෙන් වඳවී ගිය බවට සැලකෙන ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවී ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.
කඩුවෙල පිහිටි, රියදුරු ආසන වමේ සිට දකුණට මාරු කිරීමේ සහ වාහන නවීකරණය කිරීමේ කර්මාන්ත ශාලාවක් වසා දැමීම හෝ අන්සතු කිරීම වළක්වමින් විදේශීය සමාගමකට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඊයේ (19) වාරණ නියෝගයක් නිකුත් කළේ ය.
අද ශ්‍රී ලංකාව නූතන දේශපාලනයේ දුර්ලභ සිදුවීමකට සාක්ෂි දැරුවේ ය. ඒ, හුදෙක් සෙනඟ පිනවීමට සීමා නොවී, ජන හදවත් පසාරු කරගෙන ගිය අතිශය තීරණාත්මක දේශපාලන දේශනයකි.
වමේ සංස්කෘතික දුප්පත්කම රහසක් නෙවෙයි. මේක ජයගන්න උත්සාහ කළේ මහාචාර්ය සුචරිත ගම්ලත් සහ මහාචාර්ය පියසීලි විජේගුණසිංහ.
කලාකාරයෝ විශාල වශයෙන් වමට ආකර්ෂණය වුණා. විශේෂයෙන් කොළඹ යුගයේ කවියෝ. කොල්ලුපිටියේ අල්විස් පෙරේරා ප්‍රධාන යි.
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා (පා.ම) විසින් "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" (Social Media Minimum Age Bill) අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දෙන ලදී. දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතවලින් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය යි.
තමාට අසාධාරණ ලෙස ක්‍රීඩා සම්මානයක් අහිමි වූ බවට ශිෂ්‍යාවක් ප්‍රකාශ කරමින්, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික වර්ණ රාත්‍රී උත්සවයෙන් පසුව සමාජ මාධ්‍යවල හුවමාරුවන වීඩියෝවක්, පුළුල් මහජන විවාදයක් ඇතිකර තිබේ.
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය දෙස හැරී බලන විට, බලය සහ වරප්‍රසාද හඹා යන දේශපාලන සංස්කෘතියක් තුළ, ප්‍රතිපත්තිගරුක බවින් නොසැලී සිටි නායකත්වයන් හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ අතරින්, පරම්පරාගත දේශපාලන උරුමයකට වඩා මහජන සේවය පෙරදැරි කරගත් තාරුණ්‍යයේ අභිමානය රැගෙන ආ, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ගේ දේශපාලන ආගමනය සැබවින්ම සුවිශේෂී වේ.
පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබා දීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මුළුමනින් ම අසත්‍ය යැයි ද එය හෙළා දකින්නේ යැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට, කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළ ද රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිත් නොකරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) නොච්චියාගම දුනුමඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහන සමග එක්වෙමිනි.
එම වැඩසටහනට සහභාගි වෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සැලසුම් සහගතව පාසල් වහන්න හදනවා
''එක පාසලක් ආරම්භ කරන විට හිරගෙවල් දහසක් වැසෙනවා. අප කළ යුතු වන්නේ පාසල් වහන එක නෙවෙයි; පවතින පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම යි. පාසලට අවශ්‍ය භෞතික සහ මානව සම්පත ලබා දෙමින් නූතනවාදී යාවත්කාලීන වූ අලුත් අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතු යි. අපි: අධ්‍යාපනයේ වැඩිදියුණුව, පරිගණක අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා සහ අනෙකුත් භාෂා දැනුම ගැන වගේ ම මුල් ළමා වියේ සිට පරිගණක අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් සක්වළ වැඩසටහන පවා ක්‍රියාත්මක කළා.
එදා මේවා කරන විට කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළාට රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිවක් කරන්නෙ නෑ. මොවුන් පාසල් දියුණු කරනවා වෙනුවට පාසල් වහන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ සිටින තම ගුරු හිඟය පියවන්න හරි අඩුපාඩු පියවන්න හරි බැහැ. ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙන මේ අය කිසිම දෙයක් කරන්නෙත් නෑ. මොවුන් සැලසුම් සහගතව පාසල් වසා දමන්න යනවා. එය කරන්න ඉඩ දෙන්න බෑ. විපක්ෂයට කළ හැකි උපරිම දේ කරනවා.
ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට
ආණ්ඩුවක් තිබිය දී ජනාධිපතිවරයෙක් සිටිය දී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට. එම නිසා අගනුවර සිටින ධානපතියන් සම්බන්ධ කර ගෙන මේ දුෂ්කර පාසල්වල ගැටලු විසඳනවා. පාසල් වසාදාන කුමන්ත්‍රණයත් වසා දමනවා. මෙසේ පාසල් වසා දමනවාට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු යි. ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා. දේශපාලනය නෙවෙයි වැදගත් වෙන්නෙ; පාසලයි වැදගත් වෙන්නෙ. ඒ නිසා භේදයෙන් තොරව පාසල රැකගන්න සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරනවා.
ආණ්ඩුවේ ජනප්‍රියභාවය වැඩි කරගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට ආණ්ඩුව කටයුතු කරන අතර ආගම පිළිබඳව සැගවුණ න්‍යාය පත්‍රයක් වර්තමාන ආණ්ඩුවට ඇතැයි සැකයක් පවතින්නේ යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසී ය.
වර්තමාන ආණ්ඩුවට, දුර්වල මිනිස්සු ආරක්ෂා කිරීම සඳහා හැකියාවක් නැතුවා මෙන් ම අවශ්‍යතාවක් නැතැයි මාධ්‍යවේදී නන්දන වීරරත්න පැවසී ය.
මේ වන විට පවතින යුද්ධය සඳහා ඉරානය හදිසියේ ම සම්බන්ධ වූවා නොව, මේ යුද්ධය පිළිබඳ කල්තියා ම ඉරානය දැන සිටියේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වර්තමාන රජය පච ආකරයක් බවත් ටොම් පච කියා රටේ ජනතාව අන්දවා අද වන විට ජනතාව ලබා දුන් කතිරයෙන් රජ වී ඇත්තේ ජනතාව නොව බොරුව සහ අසත්‍ය බවත් මේ අවස්ථාවේ බොරුකාර පචකාර දේශපාලනයෙන් ඉවත්වී රජය ජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විසිඑක්වන සියවසේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් චින්තනය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. එවැනි යුගයක, හුදෙක් විශ්වවිද්‍යාල කාමරවලට පමණක් සීමා වී තිබූ දර්ශනවාදය (Philosophy) නූතන සමාජයේ සැබෑ ප්‍රශ්න සමග බද්ධ කරමින් ලෝකයේ අවධානය දිනාගත් තරුණ දාර්ශනිකයකු ලෙස ඔලූෆෙමි ඕ. තායිවෝ හැඳින්විය හැකි ය.
දැනට ඇමරිකාවේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ (Georgetown University) දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන තායිවෝ: නූතන දේශපාලන ක්‍රමය, සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාස දෙස නව මානයකින් බැලීමට ලෝකයාට බල කරමින් සිටී.
සමාජ මාධ්‍ය භාවිතය තුළදී කුඩා දරුවකු, අසරණ වූවකු හෝ කාන්තාවක ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකු ගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පසුගිය මාසය කිහිපයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ පරිගණක හා සන්නිවේදන ක්ෂේත්‍ර, ගෙවීම් පද්ධති සම්බන්ධ අපරාධ සීඝ්‍ර ලෙස වර්ධනය වීමක් නිරීක්ෂණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම, රජයේ තැපැල් දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 6 අහිමිවීම, රජයේ බැංකුවකට සහ සේවක අර්ථසාධක අරමුදලට කොටස් හිමි වාණිජ බැංකුවක රුපියල් බිලියන 13 ක් අහිමිවීම, තවත් වාණිජ බැංකුවක වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් යොදාගෙන ගනුදෙනුකරුවන්ට වංචා සිදු කිරීම,පසුගිය කාලසීමාව තුළ වඩාත් අවධානය යොමු වූ සිදුවීම් විය.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්‍රභාත් මලවිගේ මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවා තිබෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම වෙනුවෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන්ගේ ප්‍රධානයෙන් පසුගියදා පැවැත්වූ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පිළිබඳව වරාය විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පවසති.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත.
ඊයේ (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

