විනිසුරුවරුන් ගේ වැඩ කරන කාලය අවුරුදු දෙකක් දීර්ඝ කිරීම පිළිබඳ කතිකාවක් සමාජයේ ඇති වී තිබෙනන බවත්, ඒ පිළිබඳ විවිධ ප්‍රශ්නසහ ගැටලු විවාදයට භාජනය වෙලා තිබෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (20) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.
විනිසුරුවරුන් ගේ වැඩ කරන කාලය දීර්ඝ කරන්නැයි කිසිවකු ඉල්ලා නොසිටියා මෙන්න ම මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළ සියලුදෙනා: නීතිඥ සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව, සිවිල් සමාජය ඇතුළු බොහෝ දෙනෙක් මේ තීරණයට දැඩි විරෝධයක් පළකර ඇතැයි ද මහාචාර්ය ජී. එල්. පීරිස් වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ මෙම මාධ්‍ය හමුවේ දී මහාචාර්ය ජී. එල් පීරිස්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් දැක්වූ අදහස් අන්තර්ගත වියමන යි.








newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
