වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු සියලු දෙනාගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක පැවසී ය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (Sri Lanka–India Media Friendship Association - SLIMFA) සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
වෙනිසියුලාවට බලපෑ භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 4300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මස 30වන දිනට යෙදී ඇති වෙසක් පොහොය දින: අනුරාධපුරය සහ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයෙහි පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහභාගි වන බැතිමතුන් ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ජී. ඩී. ඒ. සමරසිංහ සඳහන් කරයි.
2026 වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් 2026 මැයි 30 සහ 31 යන දෙදින සියලු ම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.
ඔබේ වෙළෙඳසැලේ විකිණීමට, ගබඩා කර තැබීමට හෝ බෙදාහැරීමට ඇති භාණ්ඩ කොහෙන් ලබාගත්තේ ද යන්න තහවුරු කළ හැකි ලේඛන ඔබ සතුව තිබිය යුතු බව ඔබ දන්නවාද?
අල්ලස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ඉටුකිරීම ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර වන පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය, ප්‍රකාශ කළ පරිදිම අද දින උදෑසන 08.00 අවසන් කරන ලදී.
රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අතිශය පුද්ගලික අභිලාෂ සහිත දෙමාපියන් ගේ දරුවන් වෛද්‍ය වෘත්තියට පිවිසීමෙන් ඉක්බිතිව අන්ත පුද්ගලවාදීන් වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
තලාපති විජේ ඔහුගේ TVK( ටැමිල් වෙට්රි කසාගම්) පක්ෂයෙන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කර කොංග්‍රසය සහ තවත් පක්ෂ සමග එකතුවී ආණ්ඩුව පිහිටුවා ප්‍රධාන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු ප්‍රධාන අමාත්‍ය සහ DMK නායක එම්. කේ. ස්ටාලින් හමුවීමත් දෙදෙනා සළු පොරවාගෙන ගෞරව කිරීමත් අපට නම් අදහා ගත නොහැකි දෙයකි.
අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළා.
මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබිය දී අරගල සමයේ දී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද (05) කැඳවී ය. එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ පුර්ව නඩු විභාග සම්මන්ත්රණ සඳහා නඩුව ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවන ලෙසයි.
වත්මන් රජය මෙතෙක් කරන ලද කටයුතුවලින් රටේ ගොවි ජනතාව, ධීවර ප්‍රජාව,මෙන්ම කම්කරු ජනතාවගේද අනාගතය අනතුරේ හෙලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රි ලංකා රජය දේශීය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ආහාර සැපයුම ස්ථාවර කිරීමට නවීන ක්‍රම යොදා ගත යුතුව ඇතැයි ජිවන වියදම මැන බැලීමේ ලොව ප්‍රකට Numbeo ජීවන වියදම දර්ශකය (Cost of Living Index) නවතම දත්ත විශ්ලේෂණය කිරීමේදි පෙන්වා දිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පවසති.
ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එවැනි කිසිඳු නායයෑමක් සිදුව නොමැති බවත් ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසති.
වනජීවි නිලධාරීන් කන්ඩායමක් කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි නියෝග කළාය.
දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ගේ සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද ( 28) අල්ලස් කොමිසට නියෝග කළේ ය.
ඊයේ (07) විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා හදිස්සියේ ම ඉවත් වූ හේතුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

