පරිණත සහ විධිමත් ආකෘතියක් සහිත දේශපාලන පක්ෂ උද්ඝෝෂණ සහ විරෝධතා දක්වන මාදිලියක් පවතින බවයි. එසේ නොමැතිව පවත්වන පෞද්ගලීක උද්ඝෝෂණය හෝ විරෝධතා යනු දේශපාලන විකෘතියක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආණ්ඩුව මාස අටකට අධික කාලයක් විගණකාධිපති ධුරය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයකු පත් කිරීම කල් දමමින් සිටි අවස්ථාවේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා පත් කරන ලෙස මහානායක ස්වාමීන් වහන්සේලා ආණ්ඩුවට ලිඛිතව දන්වා ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසී ය.
නව විගණකාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වන විශේෂ හමුවක් පසුගිය 31 වන දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ශාලාවේදී පැවැත්වූ නමුත් එහිදී විගණකාධිපති ධුරය සඳහා කෙනෙක් පත් කිරීමට එකඟතාවයක් ඇති වී නොමැති බව වාර්තාවේ.
විගණකාධිපති තනතුරෙහි වැඩ බැලීම සඳහා ධර්මපාල ගම්මන්පිලට ලබාදී තිබු නිල කාලය පසුගිය දෙසැම්බර් හයවෙනිදා හමාරවිය.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව හිටපු විගනකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු මේ වන තෙක් ස්ථිර විගනකාධිපතිවරයෙක් පත්කිරීමට අනුර දිසානායක ජනාධිපතිවරයා අසමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසී ය.
කඳුකරයේ මේ විනාශය ගැන මුලන්ම කීවේ විජේවීර නෙවේ දොස්තර වික්‍රමසිංහ කියල පළ වූ පෝස්ටුවට සුනන්ද දේශප්‍රිය ලියූ පහත දැක්වෙන සටහන හොඳ සංවාදයකට මුල පිරීමක් කියල තමයි මගේ කල්පනාව.
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026 සඳහා නිර්දේශිත කාව්‍ය දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026 සඳහා නිර්දේශිත කෙටිකතා දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026 සඳහා නිර්දේශිත නවකතා දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026 සඳහා නිර්දේශිත පරිවර්තන (සිංහල) දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය (2026) හි 'වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය' තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය2026 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරඟ අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ විශ්ව විශ්ව විද්‍යාල පද්ධතියක් මගින් සංවිධානය කරනු ලබන ප්‍රථම සහ එකම ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මාන ප්රදානය වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2026 පසුගියදා(02) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2026 හි වසරේ විශිෂ්ටතම කෙටිකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
වගකීමේ සහතිකය නිකුත් නොකර විදුලි උපාංග විකිණීමට තිබූ ආයතනයක හිමිකරුවකුට රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම කිරීමට අද(16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අර්බුදයක අද්දරට ම පැමිණ ඇති අතර, ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් රජය මේ වන විට අතිශය අසීරු තීරණයකට මුහුණ දී සිටී.
විදුලිය ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දුන්හ.
සවස 6 සිට රාත්‍රී 10 වන තුරු අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඇමතිවරු පෝලිමේ පැමිණ රටේ ජනතාවට ටියුෂන් දීම අරඹා ඇති බවත්, ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නියමිත පරිදි විදුලිය උත්පාදනය නොකරන්නේ ඇයි ද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ ය.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් එය කඩිනමින් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
කොළඹින් දුරබැහැර ඈත පිටිසර මඩකලපුව ඒරාවූර්පත්තු පූන්නකුඩා වෙරළ තීරය අසබඩ පූණ්යරාමය විහාරාධිපති දඹගල්ලේ වනරතන හිමියෝ බුදු දහම ප්‍රචලිත කිරීමට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් කරන අපේ කාලේ වැඩවසන අමුතුම තාලයේ සේවාවක් ඉටු කරන හිමිනමකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

