විපක්ෂ නායකවරයා ගේ නව වසරේ පළමු පරිත්‍යාගය

විපක්ෂ නායකවරයා ගේ නව වසරේ පළමු පරිත්‍යාගය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව වසරේ හාහා පුරා ගියේ කරවනැල්ල මූලික රෝහලටය. ඒ හුස්ම වැඩසටහන යටතේ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමකට ය. සජිත් තම රෝහලට එන බව දැනගත් හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ සේවකයින් කරවනැල්ල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට කිව්වේ සජිත් සමග සාකච්ජාවක් අවශ්‍යම යි කියා ය. ඒ අනුව ඊට ඉඩකඩ ලබාදුන් වෛද්‍ය අධිකාරි සජිත් ගෙන් එම සාකච්ජාව ඉල්ලා සිටියේය.

කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ චන්ද්‍රතිලක නම් මහත්තයකු කතාව අරඹමින් මෙලෙස පැවසී ය…

කරවනැල්ල රෝහලට කුඩම්මා ගේ සැලකිලි

''විපක්ෂ නායකතුමා, අපේ රෝහල තමයි මේ රටේ CT ඉස්කෑන් යන්ත්‍රයක් තියෙන එකම මූලික රෝහල. කෑගල්ල රෝහලට පස්සේ මෙහේ තියෙන ප්‍රධානම රෝහල කරවනැල්ල. මේ රෝහලේ කණිෂ්ඨ සේවයින් ගේ කාඩර් එක 265 සිටිය යුතුයි. ඒත් ඉන්නේ 160යි. පළාත් සභාව අද ක්‍රියාත්මක නෑ. අපිට කුඩම්මගේ සැලකිලි. සබරගමුව පළාතේ සුළු සේවකයින් අතිරික්තයක් තියෙන්නේ, ඒත් කරවනැල්ලට කිසි කෙනෙක් දෙන්නේ නෑ. ආණ්ඩුකාරවරියට අපි ලිව්වා, කිසිම ප්‍රතිචාරයක් නෑ. සර් මේ අපේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවේ කියන්න.”

ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් පැවසුවේ: මමත්, අපේ මන්ත්‍රී සුජිත් සංජයත් මේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය උපදේශක කාරක සභාවට අනිවාර්යෙන් යොමු කර විසඳුම් ලබාදෙන ලෙසට ආණ්ඩුවට පෙෂර් එකක් දෙන්නම් කියා ය.

අපි ජනතාව ගේ ප්‍රශ්න කතා කරනකොට අපිට හිනා වෙනවා

''සර්, අපිට සේවක පුරප්පාඩු සීය ම එපා අපිට අලුතින් තිහක් දෙන්න. අපි මේ රෝහල හොඳට දුවලා පෙන්නන් නම්. සර්ට විතරයි අපේ ප්‍රශ්ණය අහන්නවත් උනන්දුවක් තිබුණේ. ස්තුතී සර් ඒ අවස්ථාව දුන්නට.''

''මේකනේ... අපේ වගකීම වෙන්න ඕන මේ රටේ මිනිස්සු ජීවත් කරන එක නේ... ඉතිං අපි මේ හුස්මෙන් රෝහල්වලට උදව් කළාට, ඒවා පවත්වාගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න රෝහලේ සේවකයින් ඉන්නත් ඕන නේ... මේක චේන් එකක්. අපි මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕන. අපි බලමු... අපිට රටේ පරිපාලන තීන්දු ගන්න බෑ. අපිට පුළුවන් ඔයාල ගේ ගැටලු ආණ්ඩුවට ඉදිරිපත් කරන්න. අපි ඒ දේ කරනවා. ඒ වගේම අපි මේවා ඉෂ්ට කරන්න කියලා ආණ්ඩුවට ලොකු පෙෂර් එකක් දෙනවා. ඔයාලත් මේ අපි කරන වැඩේ හරි ද, වැරදි ද කියලා හිතන්න. එහෙම නේද වෙන්න ඕන...? අද වෙන්නේ අපි ජනතාව ගේ ප්‍රශ්න කතා කරනකොට අපිට හිනා වෙනවා. දැක්කා නේ පහුගිය දවස්වල එයාලා කරපු වැඩේ.

එහෙම කියපු සජිත් කරවනැල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයට නව වසරට සුබ පතමින් එම ස්ථානයෙන් පිටත් වුණා.sajith 1000

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න