විරාජ් ලියනආරච්චි විසින් රචිත ''ඒ අවලං හිනාවයි'' කෙටිකතා සංග්‍රහය දෙසැම්බර් 31වන දින සවස 05.30ට මහල්වරාව බේකරිය කලා අවකාශයේ දී ජනගත කෙරේ.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72වන පිටුවට අනුව 35000ක් උපාධිධාරීන් බඳවා ගැනීමේ විග්‍රහයක් ඇති බවත්, ඒ අනුව 20000ක් ගුරු වෘත්තියට, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව ආදී ලෙස 35000ක් බඳවා ගන්නා ආකාරය ඇති බැවින් මේ බඳවා ගැනීමේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට වසරක අභ්‍යාසලාභී පුහුණුවක් ලබා දී මේ කාලයේ දීමනාවක් ලබා දී බඳවා ගන්නා ලෙස යෝජනා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දි පැවසී ය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මාදැල් ධීවරයන් සමග සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාට එරෙහි ‘විල්පත්තු‘ නඩුවට මොකද වුණේ; දැන් තත්ත්වය මොකද, තීන්දුව මොකක්ද, විල්පත්තු ප්රශ්නය කියන්නෙ මොකක්ද, අපි අද සාකච්ඡා කරමු 2020 දි අභියාචනාධිකරණය විසින් ලබාදීපු විල්පත්තු නඩු තීන්දුව ගැන. (සහ එහි වත්මන් ප්‍රගතිය ගැන)
අද මේ රටට සිදුවී ඇත්තේ දේශපාලන පක්ෂ තමාට මන්ත්‍රීවරයෙකු වීමට, තමා ගේ පක්ෂයට බලය ලබා ගැනීම සඳහා, තමාට අගමැතිවරයෙක් වීම සඳහා, තමාට ජනාධිපතිවරයෙක් වීම සඳහා විවිධ අවස්ථාවල බොරු කීම හේතුවෙන් ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටීම යැයි ඒක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
සෑම පුරවැසියෙකු ගේ ම භාෂා අයිතියට ගරු කරන, සමානාත්මතාව ආරක්ෂා කරන සහ විවිධත්වය ශක්තියක් බවට පත් කරන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
වසර 2025 අයවැය යෝජනාවලට අනුව, 2019 ජනවාරි 1 දින හෝ ඊට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ දෙවන අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනය කිරීමට තමන් සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණය මගින් නිෂ්ප්‍රභ කර ඇත.
2025/2026 අධ්‍යයන වර්ෂයන්ට අදාළව සිසුන් තෝරා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් සඳහන් කරයි.
විශ්වවිද්‍යාලය යනු ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන ස්ථානයක් නොව ප්‍රශ්න ආරම්භ වන ස්ථානයක් යැයි මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22 ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇත.
විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
මිනිස් හිත් කියන්නේ අභිරහස් සාගරයකට ය. පිටතට සන්සුන්ව පෙනෙන දිය පෘෂ්ඨයක් යට හුස්ම හිරකරවන සුළි සුළං සහ අඳුරු ගාම්භීර ගැඹුරක් සැඟවී තිබෙන්නට පුළුවන. විශේෂයෙන් ම ආදරය, විවාහය සහ විශ්වාසය නමැති පදනම මත ගොඩනැගෙන සබඳතා ඇතුළත ස්ත්‍රියක ගේ සිත විඳවන නිහඬ පීඩනය සමාජයට පෙනෙන්නේ ඉතා කලාතුරකිනි.
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ අද එදා පැවසූ දේට වඩා හාත්පසින් ම වෙනස් ප්‍රකාශයක් කර ඇත. එනම් තමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි වෙත යොමු කළ ද අමාත්‍යවරයා එම ලිපියි බාර නොගන්නා බවයි.
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වර්තමාන ආණ්ඩුව ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා විහාර සන්තකව පවතින ඉඩම් පවරා ගැනීමට පෙර විහාර ගම් දේවාල පනත අධ්‍යනය කර එය සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
හාල් මිල පාලනය කිරීමට හැකිවන්නේ රජය වී මිලදී ගැනීමට සෘජුව මැදිහත් වී යම් වී සංචිත ප්‍රමාණයක් තබා ගැනීමෙන් බවත්, එසේ නොමැතිව පෞද්ගලික අංශයට හෝ වෙළඳපොළට මිල තීරණය කිරීමට ඉඩ දීමෙන් ගොවියාට සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
කොළඹ ප්‍රදේශයේ බීම නිෂ්පාදනය හා අලෙවියට අදාලව සිදුකළ වැටලීමක දී අනාවරණය වූ ආහාර සුරක්ෂිතතා හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බීම නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩ මුදලක් එලෙස නියම කළේ ය.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට හිටපු ඇමැති විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අද (11) නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

