Image

භික්ෂුවගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිම අයිතියක් නෑ - සජිත් ප්‍රේමදාස

භික්ෂුවගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිම අයිතියක් නෑ - සජිත් ප්‍රේමදාස

සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන අප රටේ දැන් සිදුවන දේ හිතාගත නොහැකි බවත් බුද්ධ ශාසනයට ලබා දෙන මුල් තැන අද ක්‍රියාත්මක නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ යම් යම් නීතිරීති රෙගුලාසි ක්‍රමවේද වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති මහා විහාර වාංශික ස්‍යාමෝලිපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨ අනුනායක ධුරන්දර සද්ධර්ම කීර්ති ශ්‍රි සුගතධම්ම විශාරද අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ මුණ ගැසුණු අවස්ථාවේදීය.

බුද්ධාගමට සේම සෙසු ආගම් සහ ජාතීන්ට ද හිමි නියමිත තැන ලබා දිය යුතු බවත්, චීවරයට දොහොත් මුදුන් දී සැලකිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා, සති දෙකක් ගෙන කමිටු දමනවාට වඩා පැය විසිහතරෙන් තොරතුරු සොයා ආගමික නායකයන්ගේ ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් දේවල්වලට බලපෑම් නොවන, චීවරයේ ගරුත්වය සුරකින රෙගුලාසිවල වෙනස්කමක් සිදුවිය යුතු බවත් ප්‍රකාශ කළේය.

එසේම මේ සම්බන්ධයෙන් යෝජනාවක් සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති බවත්, කල් නොමරා සති දෙකේ කමිටු නොදා කඩිනම් තීන්දුවක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. සිවුර ගැලවීමේ ක්‍රියාවලිය අන්ත දුෂ්ට ක්‍රියාවක් බවත්, එයට කිසිදු අයිතියක් ගිහියන්ට නොමැති බවත් පැවසූ ඒ මහතා, දැන්වත් මේ නීතිරීති වෙනස්කම් කිරීම සඳහා සිදු කළ හැකි උපරිම බලපෑම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඉටු කරන බවට වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න