Image

ශෂී වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව 26 වැනිදා තෙක් කල් තැබෙයි!

ශෂී වීරවංශට දඬුවම් නියම කිරීමේ  නඩුව 26 වැනිදා තෙක් කල් තැබෙයි!

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරිය වු ශෂී වීරවංශට අදාල දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 26 දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළේය.

එදිනට විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාල කාර්ය සටහන් වර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අද (12) දින එම ඇපෑලට අදාල නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුයි අධිකරණය මෙම නියෝගය දෙනු ලැබුවේ.

පෙර නඩු දිනයේ දි විත්තිකාරිය වෙනුවෙන්  අධිකරණයේ පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය සටහන් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද යන්න පිළිබඳව විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ නීතිඥවරයා කියා සිටියේ ඉදිරි දිනයේදී එය ගොනු කරන බවය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ලබන 26 වැනි දින කැඳවිමට  නියම කළේය.

අදාල චෝදනාවට විත්තිකාරිය  වරදකාරිය කරමින් මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022 මැයි මස 27 වන දින තීන්දුවක් ලබාදෙමින් වසර දෙකක සිර දඬුවමක් සහ ලක්ෂයක දඩයක්‌ නියම කර ඇති අතර  එම දඩය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක් නියම කර තිබුණා.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් එම  තීන්දුව 2026 ජුනි මස 11 වැනි දින මහාධිකරණය මගින් ස්ථිර කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න