Image

හෘද රෝගීන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්: මාසයක් ඇතුළත සැත්කම් කිරීමට පහසුකම්

හෘද රෝගීන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්: මාසයක් ඇතුළත සැත්කම් කිරීමට පහසුකම්

රජයේ රෝහල්වල හෘද සැත්කම් සඳහා මාස ගණනාවක් ගතවන දීර්ඝ පෝලිම් අවසන් කර, හෘද රෝගයක් හඳුනාගෙන මාසයක් ඇතුළත සැත්කම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේග රජයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ජනරැළි මාලාව යටතේ ඊයේ (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජනරැළිය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

වර්තමානයේ රජයේ රෝහලකින් හෘද සැත්කමක් කරගැනීම සඳහා මාස 7ත් 8ත් අතර කාලයක් බලා සිටීමට ජනතාවට සිදුවී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම තත්ත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නවීන උපකරණ, කැත් ලැබ් (Cath Lab) පහසුකම් මෙන්ම ඇම්බියුලන්ස් රථ ප්‍රමාණය ද ඉහළ නංවන බව වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි බෝනොවන රෝග පාලනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, සෑම පවුල් 10,000කටම එක් සුවතා මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කරමින් මෙරට තුළ උසස් සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා පැවැසුවේ මෙසේය.

පවුල් 10,000කට එක සුවතා මධ්‍යස්ථානය බැගින් ස්ථාපිත කරනවා. දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වැනි බෝනොවන රෝග පාලනයට විශේෂ වැඩපිළිවෙළක් හදනවා. රජයේ රෝහලකට ගිහින් හෘද සැත්කමක් කර ගන්න මාස 07,08ක් ඉන්න ඕන. හෘද රෝගය හඳුනාගෙන මාසයක් තුළ සැත්කම කළ හැකි අන්දමින් අවශ්‍ය උපකරණ අපි ලබා දෙනවා. අවශ්‍ය ඇම්බියුලන්ස් රථ සහ කැත් ලැබ් පහසුකම් ලබා දෙනවා. මේ අන්දමින් අපි දියුණු සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න