Image

"අල්ලස් සිද්ධියට චාමර සම්පත් රක්ෂිත බන්ධනාගාරයට!

"අල්ලස් සිද්ධියට චාමර සම්පත් රක්ෂිත බන්ධනාගාරයට!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළේය.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

අමාත්‍යවරයාගේ එවකට හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් මෙලෙස රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට කෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවත්, එම පුද්ගලික ලේකම් ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි අල්ලස් කොමිසම පවසා සිටියේය.

ඒ අනුව මෙම සැකකරු සිද්ධියට අදාලව තුන්වැනි සැකකරු ලෙස නම් කර අද අධිකරණයට ඉදිරිපත් කළ බව අල්ලස් කොමිසම දන්වා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න