RESCON 2025 - වාර්ෂික පර්යේෂණ සම්මේලනය නොවැ 7 සහ 8

RESCON 2025 - වාර්ෂික පර්යේෂණ සම්මේලනය නොවැ 7 සහ 8

පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යයනායතනය (PGIS), පේරාදෙණිය විශ්වවිද්‍යාලය නොවැම්බර් 7 සහ 8 දිනයන්හි දී PGIS පරිශ්‍රයේ දී.

RESCON 2025 යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පශ්චාත් උපාධි පර්යේෂණ වේදිකාවක් වන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යයනායතනය (Postgraduate Institute of Science - PGIS) විසින් සංවිධානය කරන වාර්ෂික පර්යේෂණ සමුළුවයි.

මෙවර තේමාව වන්නේ:“විද්‍යාවේ සහබන්ධනය” – යහපත් හෙට දිනක් උදෙසා විෂය ධාරා ඒකාබද්ධ කිරීම”

මෙම සම්මේලනය විද්‍යා විෂයය දහරාවේ අන්තර්විෂය පර්යේෂණය සහ හවුල්කාරිත්වය උදෙසා වේදිකාවක් වේ.

මෙවර සමුළුවේදී,
* 250ට වැඩි බහුවිධ පර්යේෂණ නිරූපණ,

* 400කට වැඩි සහභාගී සිසුන්,

* ජාත්‍යන්තර ( කැනඩා, සිංගප්පුරූ) ලාංකීය විශිෂ්ට අමුත්තන් ප්‍රධාන කථානායකයන් ලෙස

කෘත්‍රිම බුද්ධිය, පාරිසරික විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ විද්‍යා අධ්‍යාපනය ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් මෙවර සමුළුව නියෝජනය කිරීමට නියමිත ය.

පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යයනායතනයේ (PGIS) රසායන විද්‍යා අධ්‍යයන මණ්ඩලය විසින් මෙවර RESCON සංවිධානය කරනු ලබයි

ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් ලෝක ගැටළු සඳහා ගෙන එන නවෝත්පාදන විසඳුම් දැකබලා ගැනීමට ඔබත් සම්බන්ධ වන්න!

වැඩිදුර විස්තර සඳහා: RESCON | PGIS

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න