150 වන විද්‍යාලංකාර දිනයට සමගාමීව 100ක් නමකට ගිලන් පස දානය පුජා කිරිමේ පිංකම පෙරේදා (27) පුංචි කැලණිය විහාරාධිපති කුරුඳු වත්තේ ඥානසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන් ආයතනයේදි සිදු කෙරිණි.
එම අවස්ථාවට විද්‍යාලංකාර පරිවෙණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලිමිටියාවේ ඤාණරතන නාහිමි, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය සිය නමකට ගිලන්පස පූජාව පැවැත්වුණි.
විද්‍යාලංකාර පරිවෙණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලිමිටියාවේ ඤාණරතන නාහිමි සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ මෙහිදී විද්‍යාලංකාර පිරිවෙණෙහි ඓතිහාසික වැදගත්කම සහ ආදී කර්තෘවරුන් ඇතුලු ගිහි පැවැදි සියලු දෙනා සිහිකොට පුණ්‍යානුමෝදනා කිරීමද මෙහිදි සිදු කෙරිණි.
ඡායාරූපය :

පුංචි කැලණිය විහාරාධිපති කුරුඳු වත්තේ ඥානසිරි හිමියන් විසින් විද්‍යාලංකාර පරිවෙණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලිමිටියාවේ ඤාණරතන නාහිමිට අට පිරිකර පූජාකළ අවස්ථාව. සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝද ඡායාරූපයේ සිටිති.
(ජේ.මුණසිංහ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
