නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පැනනැගී ඇති ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම් දෙසැම්බර්මාසයේදී එක්දින වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමින් එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මේ බව සඳහන් කළේය.
මෙම සිදුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ අසාර්ථක ක්‍රියාවලියක් බව ගුරුවරුන්තුලත් සාකච්ජාවක් පවතින බවත් පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට දැනටමත් විරෝධතාවක් දක්වා ඇති බවද ඔහු පවසයි.
එළඹෙන 07 වැනිදාට ප්‍රථම ආණ්ඩුව මෙම කරුණුවලට ප්‍රතිචාර නොදක්වන්නේනම් අනිවර්යයෙන්ම දෙසැම්බර් මස එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව වැඩිදුරටත් හෙතෙම පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
