Image

“මානව සුරක්ෂිතභාවයෙන් තොර පරිසරයක් තුළ සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් පැවතිය නොහැක” - දිනන දකුණ සාමූහිකය

“මානව සුරක්ෂිතභාවයෙන් තොර පරිසරයක් තුළ සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් පැවතිය නොහැක” - දිනන දකුණ සාමූහිකය
  • රාජ්‍ය අංශයේ වැඩවර්ජන ඉල්ලීම්වලට විසඳුම් දෙන ලෙස ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති විසින් දියත් කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා දිනන දකුණ සාමූහිකය සිය පූර්ණ සහයෝගය සහ සහෝදරත්වය පළ කර සිටින බව "දිනන දකුණ" සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හෙට(30) දින ආරම්භ කිරීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය, මේ රටේ ජනතාවගේ මානව සුරක්ෂිතභාවය බරපතළ අර්බුදයකට ඇද වැටීම පිළිබඳ ඛේදවාචකයේ අවසාන අනතුරු ඇඟවීමක් ලෙස එම සාමූහිකය සලකයි.

මෙය රජය අර්ථ දක්වන පරිදි හුදෙකලා කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොව, මිලියන සංඛ්‍යාත පුරවැසියන් අන්ත අසරණභාවයට ඇද දමා ඇති දරාගත නොහැකි ජීවන වියදම් අර්බුදයට එරෙහිව පැන නැඟුණු සාධාරණ මෙන්ම නොවැළැක්විය හැකි ප්‍රතිචාරක් බව සඳහන් කරයි.

ප්‍රාථමික ගිණුමේ ශේෂය පවත්වා ගැනීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 16%ක රාජ්‍ය ආදායම් ඉලක්කය කරා ළඟා වීම වැනි සාර්ව ආර්ථික දර්ශක පෙන්වා දෙමින් වත්මන් පාලනය ආර්ථික ප්‍රකෘතියක් පිළිබඳ කරුණු දැක්වුවද, එම සංඛ්‍යාලේඛන පිටුපස දිනෙන් දින උග්‍ර වන සමාජ අර්බුදයක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

මානව සුරක්ෂිතභාවයෙන් තොර පරිසරයක් තුළ සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් පැවතිය නොහැකි බව අවධාරණය කරන දිනන දකුණ සාමූහිකය, ආර්ථික යුක්තිය සහ මානව ගරුත්වය වෙනුවෙන් ගෙන යන මෙම අරගලයට සිය සහයෝගය පළ කර සිටින බව වැඩිදුරටත් දන්වා සිටී.

සම්පූර්ණ නිවේදනය කියවන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න