හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (ඔක්: 29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
මෙම නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද අද දින අධිකරණයේ පෙනී සිටියහ.
ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ දැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන් ද?, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද? යන්න මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කර සිටියේ ය.
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 28 වන දා කැඳවීමට ද නියම කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
