පළාත් සභා ඡන්දයට අයවැයෙන් බිලියන 10 ක් වෙන් කරයි

පළාත් සභා ඡන්දයට අයවැයෙන් බිලියන 10 ක් වෙන් කරයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක සඳහන් කළේ ඒ සඳහා රුපියල් බිලියන 10ක වැය ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති බවය.

මේ වසරේදීද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් අනුමත වී තිබූ බවද සභාපතිවරයා පවසන ලදි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් දැනට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසදුම් ලැබුණු පසු මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු සඳහන් කළේ  ය.

ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බවද සභාපතිවරයා පවසන ලදි.

ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමය සම්බන්ධයෙන් කඩිනමින් එකඟතාවයට එළඹීමට පියවර ගන්නා බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න