පුවත්
කවුරුත් බලාසිටි ගැසට් පත්‍රය මුද්‍රණයට යවලා !
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ බවය.
කෙසේවුවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(29) ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ අනෙකුත් සාමාජිකයින්ගේ අත්සනින් යුතුව පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ ගැසට් නිවේදනය තවමත් රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බවය.
නිදහස් දිනය කළු දිනයක් - TNA
දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පවසයි.
දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැවසිය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තවදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මෙසේ පැවසිය.
"නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒක පරිවර්තනය වුණා. ඒ නිසා මේ රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට නිදහසක් ලැබුණේ නෑ. සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුණා කියලා, හිතාගෙන හිටියා. ඒ වුණත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුණේ නෑ කියලා. ඒ නිසා තමයි මේ 75 වන නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා ඒක සමරන වෙලාවේදී මේ රටේ ජීවත්වන කාටත් ඒ නිදහස ලැබුණේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසාම අපි මේක සමරන වෙලාවේ මේක කළු දිනයක් කියලා ප්‍රකාශ කරලා, රටට හරියාකාරව නිදහස ලැබෙන්නට අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා."
දෙමල ජාතික සන්ධානය එසේ නිදහස් දිනය වර්ජනය කරද්දී දකුණේ විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ද පෙබරවාරි 4 දිනය 'කළු දිනයක්' ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
විදුලි කප්පාදුව දෙදිනකට අත්හිටුවයි
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
වාර්තා වන ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලය මේ තීරණය ගෙන ඇත්තේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ලැබීම නිසාය.
මේ අතර ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමකට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය පළකර ඇති බවත් වාර්තා වෙයි.
අවසන් සටන ඇරඹේ : ජනක ඇමති කාංචනගෙන් ගේම ඉල්ලයි !
ස්වාධීන කොමිසම් සභාවකින් දෙන ලද තීරණයක් නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හෙට (30) දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක පවසයි.
අද (29) සවස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කර සිටියේ ස්වාධීන කොමිසම් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බවය.
මේ අතර කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් අද පැවති මාධ්‍ය හමුවක දී තමා ගෝඨාභය රාජපක්ගෙන් පෞද්ගලික සභාපතිධූරයක් ඉල්ලූ බවට පැවසීම නොදන්නා කතාවක් බව ද ජනක රත්නායක පැවසීය.
එම මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
"මේ වගේ ස්වාධීන කොමිසම් සභාවලින් දෙන තීරණ නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම, කොමිසම් සභාවල ස්වාධීනත්වයට නිගරු කිරීමක් ඒ අනුව හෙට දිනයේ සිට මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර අපි ගන්නවා.
මේක කළමනාකරණය නොකර තමන්ට ඕන කැබිනට් තීරණය බලෙන් අපි ලවා කරවා ගන්න අසාධාරණ විදියට විදුලිබිල සංශෝධනය කරලා, මහජනතාවගේ මුදල් ලබාගැනීමට තමා මේ කටයුත්ත කරන්නේ මේ ඇමතිවරයා. සිසුන්ට අවශ්‍ය විදුලිය ලබාදීමට ඇමතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා තමා එක එක ප්‍රශ්න ගේන්නේ.
ඇමතිගේ භාෂාවෙන්ම කිව්වොත් අපිව බිත්තියට තල්ලු කරලා ගන්න හදනවා. ඒක නම් හරියන්නේ නෑ.
මම එක දේශපාලන පක්ෂයකවත් සම්බන්ධ නෑ. එතුමා වගේ මම අලියාගේ වලිගයේ එල්ලිලා යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කිසිම දේශපාලන බැඳීමක් නැතුව කොමිසමේ රාජකාරි ස්වාධීනව කරගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ගෙන් සහයෝගය ලැබෙනවා. මොකද එතැන ඉන්නේ උගත් බුද්ධිමත් අය. එයාලව රවට්ටන්න බෑ. දේශපාලන ප්‍රෙෂර් එකට පොඩ්ඩක් එහෙ මෙය වෙයි. පස්සේ තේරුම් ගන්නවා.
ඇමතිවරයා විදුලිබල මණ්ඩලය කතා කරන්නේ කිසිම දත්තයක් නැතුව. අපි කතා කරන්නේ දත්ත පදනම්ව. විද්‍යාත්මක විදියට මේක කළ යුතුයි කියලා. මෙතැන තියෙන්නේ දේශපාලන අධිකාරියේ අත්තෝනමතික ක්‍රියාවලිය පාවිච්චි කරලා ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, ඒක මහජන උපයෝගීතා කොමිසමට දාලා තමා ගන්න යන්න. මේක ගන්න යන්නේ ඒකක 30 - 60ක් පාවිච්චි කරන ආර්ථික ප්‍රශ්නවල මිරිකිලා ඉන්න ජනතාවගෙන් තමා බිලියන 100ක් ගන්න යන්නේ. මේක අසාධාරණ ක්‍රියාවලියක්. අපි සාධාරණ ක්‍රමයට ගණනය කරලා ඇවිල්ලා තියෙන යෝජනාව ඉදිරියේ දී අපි කටයුතු කරනවා. ඉල්ලන ඉල්ලන විදියට අපි CEB එකට මේක දෙන්නේ නෑ.
ස්වාධීන කොමිසම් තියෙන්නේ, හරියට මේක කළමනාකරණය කරලා නියාමනය කරන්න. ඒ අවස්ථාව මේ අය ලබාදෙන්නේ නෑ. හැම එකටම දේශපාලන මැදිහත්වීම් කරනවා.
ප්‍රශ්නය - කංචන විජේසේකර ඇමතිවරයා කළ චෝදනාවක් තමාපෞද්ගලික බැංකුව සභාපතිධූරයක් සඳහා ඔබතුමා ඉල්ලීමක් කරා කියලා ගෝඨාභය මහත්තයාගෙන්. ඒක ප්‍රතික්ෂේප වුණා ද?
"එතැන හිටිය සභාපතිවරයා එතැන වෘත්තීය සමිති එකතු කරගෙන මට ඒක ලබානොදුන්න නිසා තමයි එතුමා මට මේක දුන්නේ. මට කොමිසම දෙද්දි එක කොන්දේසියක් දැම්මා. ඒ කොන්දේසිය තමා මහජන උපයෝගීතා කොමිසමට අත තියන්න බෑ කියලා. ඒක වෙනස් කරන්න බෑ කියන කොන්දේසිය මට ලිඛිතව තියෙනවා. ඒ සාක්ෂි මං ළඟ තියෙනවා. ඒ වට්ස්ඇප්වල සාකච්ඡා ඔක්කෝම මගේ ළඟ තියෙනවා ලිඛිතව. ඒ නිසා කවුරුත් කියන ඒවා භාරගන්න එපා. මේවා විහිළු කතා. ඒ නිසා එතුමා කතා කරනවා නොදන්න බැංකුවක් ගැන. නොදන්න දේවල් විදුලිබලය වගේ, බැංකු ගැන දන්නෙත් නෑ, මුල්‍ය ගැන දන්නෙත් නෑ, හර බැර ගැන දන්නෙත් නෑ. මෙලෝ දෙයක් දන්නේ නැති ඇමතිවරයෙක් දා ගත්තහම සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කනවා නේ."
ස්වාධීන කණ්ඩායමුත් සන්ධානයකට !
පළාත් පාලන මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් රැසක් සන්ධානගතව පොදු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි දේශය පුවත්පත වාර්තා කර ඇත .
ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් නියෝජිතයින් කිහිපදෙනෙකු උපුටා දක්වමින් එම පුවත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවර ස්වාධීන කණ්ඩායම් ඉතා විශාල ගණනක් ඡන්ද සටනට ඉදිරිපත්ව ඇති බවය.
ඔවුන්ගෙන් බහුතරය මෙයට පෙර ප්‍රධාන දේශපාලන දහරාවේ පක්ෂවලට සම්බන්ධව සිටි අය බවත් එම නිසා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම්වල සම්මේලනයක් කැඳවා මේ අය තමන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ බවත් එහි සඳහන් ය.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ යෝජිත පළාත් පාලන මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බහුතරය පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති බවය.
රාජ්‍ය ආයතනවල සතියක් පුරා ජාතික කොඩිය !
එළැඹෙන 75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, පෙබරවාරි මස 4වන දිනට යෙදෙන 75 වන නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සළකා පෙබරවාරි මස 01 වෙනිදා දින සිට 07 වනදා දක්වා ජාතික කොඩිය එසවීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඊට අදාළ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි සැරිය නිම කරයි !
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වී තිබේ.
වාර්තා වන ආකාරයට අද (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇත.
වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වන කේ.බී. හේරත් මියයන විට 81 වන වියෙහි පසුවුණි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
ජවිපෙ නම් එහෙමයි කියමුකෝ : ඒත් පෙසප ඇයි මෙහෙම ?
ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙන එන ජන කණ්ඩායම් වන්නේ ,
1) මැදපෙරදිග සේවය කරන අය
2)රෙදිපිළි හා අනෙකුත් අපනයන කර්මාන්තවල සේවය කරන අය
3)තේ කර්මාන්තය ආශ්‍රිතව වැඩ කරන අය
රටේ අන්ත දුගී පීඩිත පංතිය අයත් වන්නේ මෙම ජන කණ්ඩායම්වලට. එසේම අඩුවෙන්ම පරිභෝජනය කරන්නෙ මේ අය. ඒ අය වාහන කීපෙකට තෙල් ගහල, ගෙදර ඒ සී දාල ඩොලර් වියදම් කරන්නෙ නෑ.
මෙම ජන කණ්ඩායම් වල සමහර සාමාජිකයන් ඉහළ ආදායම් ලබන ඒ වගේම වාහන කීපෙකට තෙල් ගහල, ගෙවල්වල ඒසී දාල, දරුවන්ව විදේශ අධ්‍යාපනයට යවල විදේශ විනිමය වැඩියෙන්ම පරිභෝජනය කරන වෘත්තිකයින්ට බදු ගැසීමට විරුද්ධව ආණ්ඩුවට බැනලා පෝස්ට් දානවා.
ඇයි?
ජේ වී පී ලිස්ට්වල ඉන්න හුගදෙනෙක් කලින් වියත් මගේ හිටපු එවැනි වෘත්තිකයන් , ගම්පහ ලිස්ට් එකේ ටියුෂන් ගුරුවරු හුගක් ඉන්නව. ඒ අයගෙ ආදායම , ඔවුන්ගෙ පන්තිවලට දරුවො යවන දෙමාපියො දන්නව. ජවිපෙ තමන්ගෙ ලයිස්තුවල ඉන්න ඉහල මැද පංතිකයන් වෙනුවෙන් පෙනී සිටීම තේරුම් ගන්න පුලුවන්
ඒත් පෙසප ,
සමාජ සාධාරණත්වය ගැන කතාකරණ පෙසපත් ජවිපෙ උගුලෙ අහුවෙලා වෘත්තිකයන්ගෙ බදු ගැන කතා කරනවා .
ඇයි?
# වියත් මගේ හිටපු අය ජවිපෙ තෝරගෙන තියෙන්නෙ ගෝඨාභය කරේ තියාගෙන ගියපු ලැජ්ජාව වහගන්න. මේ වියත්තුන්ගෙ අනුගාමිකයො දිගක් පලලක් හිතන්නෙ නැතුව කලින් ගෝඨාගෙ සටන් පාඨ share කලා වගේම වියත්තු ලියන ජවිපෙ සටන් පාඨ share කරනව
# සමාජ මාධ්‍යවලට එන හුගදෙනෙක්ට අනන්‍යතා ප්‍රශ්නයක් තියනව. ඒ ගොල්ලො මාසෙකට සැරයක් හෝටල්වලට ගිහින් කාල මාසයක් පුරා ඒ පොඨෝ share කරල class lift එකක් ගන්න හදනව. අපිටත් tax ගහල මාර වැඩේ වගේ post එකක් දැම්මහම එයාලත් එකපාරම upper middle class වෙනව. එයාල මේකට ආසයි..
මේ හැර වෙන හේතු තියනවනම් ලියන්න.
පුලුවන් නම් tax කැපුනු paysheat එක upload කරන්න.
වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි
සැසිය ඇරඹුණු ගමන් ජනක දොට්ට !
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඊට අදාළ චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පවසා ඇත .
ජනක රත්නායක ඉවත් කිරීමට ක්‍රම කීපයක් ඇති බවත් ඉන් වඩාත් සුදුසුම ක්‍රමවේදය යොදා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර උපුටා දක්වමින් ලංකාදීප පුවතක මේ බව සඳහන් අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යෝජනාව පාර්ලිමේන්තුව රැස්වන මීළඟ පළමු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළ බවත් එහි සඳහන් වෙයි.
අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
ජනක රත්නායක එම ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව කී අමාත්‍යවරයා ඔහුට රාජ්‍ය ආයතනයක කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට පාර්ලිමේන්තු කාරක සභාවකින් ද දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.
ජනක රත්නායක මහතා කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවකදී මහතාට ඒ සඳහා සුදුසුකම් නොමැති බවට මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයිනේ නගර කිහිපයක වායු ගුණාත්මකභාවය යළි පහළට......
දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, නගර රැසක වායු ගුණාත්මකභාවය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 100 ත් 150 ත් අතර අගයක සටහන් වන බවයි.
මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව ඔහු සඳහන් කළේ ය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණයට අනුව ලබන මාර්තු මාසය දක්වා මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව ඔහුවු වැඩිදුරටත් සදහන් කළේය.
දිනුවත් පැරදුනත් ඇත්ත කියනවා : ආර්ථිකය ගැන ජනාධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
http://www.newstube.lk/news?start=3708#sigProIda4b869d73d
පාර්ලිමේන්තුවේ වාර අවසන් කළාට පස්සේ වෙනදේ මෙන්න !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇත .
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ.
ඊට අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ලබන පෙබරවාරී 08 වනදා පෙ.ව 10.00 ට ආරම්භ වෙයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වෙයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය.
තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ.
ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භ වූ අතර ඊයේ (27) වාර අවසාන කරන මොහොත වන විට පාර්ලිමේන්තුව දින 58ක් රැස්වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමිවෙයි.
බන්කි මූන් ආයෙත් ලංකාවට !
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බන්කි මූන් එළැඹෙන 6 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .
ඔහුගේ මෙම සංචාරයේදී මෙරට තිරසර සංවර්ධනයට හා දේශගුණික විපර්යාසවලට අදාල ගිවිසුම්, සම්මුති කිහිපයක් ඇතිකර ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .
බන්කි මූන් මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති වරයා හා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ මේ සංචාරය සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයක් අනුව බවත් දැනගන්නට ඇත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවකට අනුව ඔහු මෙරටට පැමිණේ.
ළඟදීම මාලිමාවේ ආණ්ඩුව එනවා : රට හැර යන්න එපා - අනුර දන්වයි !
මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
"අපි සියලුම දෙනා එක්වී රට හදමු" යයිද ඔහු සඳහන් කළේය.
ජාතික ජනබලවේගය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.
වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.
චාල්ස්ගේ ඉල්ලා අස්වීම : කොමිසම කිසිඳු දැනුම්දීමක් කර නෑ - ව්‍යවස්ථා සභාව කියයි !
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ එස්.එස්.චාල්ස් මහත්මිය පසුගියදා ඉල්ලා අස්වූ බව නිවේදනය වූ අතර ඒ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව හතරක් දක්වා පහත වැටී ඇත.
මේ අතර පී.එස්.එම්.චාල්ස් ගේ මේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් තීරණය කර නොමැති බවත් වාර්තා වෙයි.
එසේම ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇති බවය.
මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට දැනුම්දී ඇති දිනය ලෙස මාධ්‍ය වාර්තා වල දැක්වුණේ පසුගිය 25 වනදාය.
මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන !
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ්ට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්නට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේය.
මරණ තර්ජන එල්ල වූකේපීපී පතිරණ සහ දිවාරත්න යන සාමාජික මහත්වරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.
එස්.බී. දිවාරත්න හා කේ.පී.පී. පතිරණට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය.
-මුලාශ්‍රය lankadeepa
වික්ටෝරියා නුලන්ඩ් ලංකාවේ සංචාරයක
දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අමෙරිකා - ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් අමෙරිකානු නියෝජිතවරිය ඉදිරි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා සංහිඳියාව ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ගවලට අමෙරිකාවේ අඛණ්ඩ සහය සහතික කිරීම දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියගේ සංචාරයේ අරමුණ වී තිබේ.
මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරනවා - ආරක්ෂක ඇමති
රටේ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑ ම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තමාට උපදෙස් දී ඇති බව ද හෙතෙම කීය.
අනාගත දරු පරපුර විනාශ කිරීම වහා නතර කරන ලෙස තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් කුමන ආකාරයකින් හෝ නතර කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.
මත්ද්‍රව්‍ය උවදුර හා පාතාලය මැඩලීම වැනි කාරණා පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පිළිබඳව මේ වසරේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවැසීය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා එබව අවධාරණය කර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ලේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.
“මත්ද්‍රව්‍ය-මිනීමැරුම්-ස්ත්‍රී දූෂණවලට මරණ දඬුවම දිය යුතුයි”
මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම්වලට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලයුතු බව තමාගේ පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත් ඒ සියල්ල මුලිනුපුටා දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.
මෙවැනි අපරාධ සිදු කරන පිරිස මේ සියල්ල වහා නතර කිරීමට පියවර නොගන්නේ නම් ඔවුන් කොහේ හෝ සැඟව සිටිමින් මේ ව්‍යාපාර මෙහෙයවුවත් ඒ සියලු දේ විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවැසීය.
තව ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දීමට 118 ක්‍ෂණික දුරකතන අංකය ඔස්සේ හැකියාව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මහ ජනතාවගේ සහයෝගය ඉතා වැදගත් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසුවේ ය.
Page 207 of 444