පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි ගමන නිම කරයි
සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද(01) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබේ.
1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලබා ඇති ඒ මහතා මියයන විට වයස අවුරුදු 83 වන වියේ පසු විය.
සිංහල සිනමාවේ වෙනස්ම ආකාරයේ පෙම්වතෙක් ලෙස පැවති සම්ප්‍රදාය කණපිට පෙරළු නළුවෙක් ලෙස ප්‍රකට ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.
ඔහු "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල" යන චිත්‍රපටවල රඟපෑ අතර "අහස් ගව්ව" චිත්‍රපටයේ රංගනයෙන් ඉතා ජනප්‍රියත්වයට පත් විය.
"බඹරු ඇවිත්" හි සනත්, "පොඩි මල්ලි" හි බර්ටි, "අනූපමා" හි රජී අයියා, "අපේක්ෂා" හි නිමල්, "පරිත්‍යාගය" හි ධානප්‍රේම, "සිංහබාහු" හි සිංහබාහු, "යස ඉසුරු" හි සුරංග, "පෙම් රජ දහන" හි සාජන්ට් ජයතිලක සහ "වජිරා" හි නිමල් වැනි චිත්‍රපටවලින් ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිංහල සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.
දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන ඔහුට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර මේ වසරේ දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.
කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං අයියා වෙනුවෙන් පුද කර ඇති අතර 2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලද්දේය.

අද සිට ස්ටීම් අධ්‍යාපනය මෙරට අධ්‍යාපන පද්ධතියට
ලොව රටවල් 96 ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීම අද (31) සිදු කෙරිණි.
ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වාදීමේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත් ප්‍රධාන වැඩසටහන අද (31) පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේදී ය.
ඒ අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික විද්‍යා පදනමේ සභාපති, මහාචාර්ය රංජිත් සේනාරත්න යන අය හා තානාපතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
සෙසු පළාත් සඳහා ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර අමෙරිකාව 1999 දී හඳුන්වා දුන් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හරහා විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැළසෙයි.
මේ සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය විෂයන් ඇතුළත් වේ.
අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත -
'' ඊළඟට අපි යන්නේ ලෝකයේ පරිවර්තනීය යුගයකට. අද සමහර රටවල් සැලසුම් කරනවා තාක්ෂණය යොදා ගන්නකොට රැකියා අහිමි වෙද්දි කොහොමද ඒ අයව කොහොමද ඒවට අනුගත කරගන්නේ කියන කාරණය. ඒවා තමය පර්යේෂණ. අපේ කොහොමද?අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ඕනි දරුවෝ විශ්ව දැනුම ලබා ගන්න ඕනි අය ඒක පැත්තකින් තියලා පොලිසියෙන් කඳුළු ගෑස් කනවා පාර දිගේ. මේක වෙනස් වෙන්න ඕනි. සමහර කතා කරනවා අවුරුදු 75 ක් වෙනසක් වෙලා නෑ. ඔව්.. හැබැයි දැනුම අතින් අපි ඉහළයි. දැනුම යොදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි අපිට තියෙන්නේ. ඔබ හිතෙනවාද වෙනත් රටවල්වල ඔය ඔක්කොම විභාග මත මනින්නේ කියලා. දැන් මේක විශාල වදයක් වෙලා දරුවන්ට නේද.. ගුරුවරුන්ටත් එහෙමයි. කියන්නේ කොළ පුරවනවා ඉවරයක් නෑ කියලා. න්‍යාය, මූලධර්ම, සිද්ධාන්ත ඉතාම සරලව ක්‍රියාකාරකමත් එක්ක ලබා දෙනවා දරුවන්ට. කුමන මට්ටමකින් පාසලෙන් ඉවත් වුවත් ඔවුන්ට තනියෙන්ම සමාජිය අභියෝගවලට මුහුණ දෙන්න පුලුවන් ආකාරයට මේ අය හැඩැගැහෙනවා. ඒක තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ මේ අධ්‍යාපන පරිවර්තනයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආදායමෙන් සීයට 62 ක් නිර්මාණය කරන්නේ ස්ටීම් අධ්‍යාපනයෙන් ආපු උදවිය. අපි තාම තේ පොල් රබර් ඔය ටික අපනයනය කරලා විදේශ විනිමය හොයන්න යනවා. ඊළඟට ලක්ෂ 12 ක් ඉන්නේ කවුද මැදපෙරදිග. නුපුහුණු ශ්‍රමිකයෝ. ඒ අයගේ විදේශ විනිමය මත අපි යැපෙන්න හදනවා. ඊට පස්සේ අපිට ණය ගන්න වෙලා තියෙනවා. නෑ අපේ සම්පත්වලට අගය එකතු කරන්න වෙනවා. ඒ සඳහා නිර්මාණකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනි. ඒක කුඩා කල සිටම පුහුණු කිරිම තමයි ස්ටීම් අධ්‍යාපනයෙන් වෙන්නේ. ඒ අනූව කිසිම දරුවෙක් විෂය ධාරාව අනූව මෙකෙන් ඉවත් වෙන්නේ නෑ.."
කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව හා නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි ලොව නැගී එන විෂයන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියට මෙන් ම පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතු අතර කෘත්‍රීම බුද්ධිය නිසා ඉදිරියේ දී රැකියා අහිමි වන මිලියන 300ක ජනතාව වෘත්තීය ක්‍රියාදාමයට අනුගත කරගැනීමේ මං සොයන ලෝකය සමග අප ද එක් විය යුතු බවත් නව අධ්‍යාපන පරිවර්තන හරහා මෙරට දරුවන්ට එයට මග සැලසෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.
දැනුම අතින් ඉහළ ස්ථානයක සිටින මෙරට ශිෂ්‍ය ප්‍රජාවට සිය කුසලතා ඔප් නංවා ගැනීම මගින් ඊට අනුගත වීම එතරම් දුෂ්කර නොවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
ඉදිරියේ දී දීපව්‍යාප්ත ව ක්‍රියාවට නැංවෙන මෙම නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ දෙස් විදෙස් සේවයේ නියුතු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා වෙනත් විද්වතුන් සමග බුද්ධිමය සංවාද හා සාකච්ඡාවල යෙදෙමින් ප්‍රායෝගික ව විෂය සිද්ධාන්තමය දැනුම උකහා ගැනීමේ අවස්ථාව මෙරට පාසල් සිසුන්ට උදා වනු ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපනඥයන්, විද්වතුන් හා නිලධාරීන් මෙන් ම ප්‍රතිලාභී ශිෂ්‍ය ප්‍රජාව ද ඇගයීමට ලක් කළේ ය.

මෛත්‍රීට තවත් අධිකරණ නියෝගයක් !
රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (මාර්තු 30) විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පවත්වා තිබේ.

අධිවේගී බස් ගාස්තුත් පහළට
ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබේ.
ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31) සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
එම ගාස්තු ලේඛනය පහතින් දැක්වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් !
කේ.ඩී.එන් රංජිත් අශෝක රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්

අප්‍රේල් 02 රැස්වීම Fake News එකක් බව මහින්ද කියයි
ජාතික සම්පත් විකිණීමට එරෙහිව අප්‍රේල් 02 වනදා එස් ද එස් ජයසිංහ ශාලාවේ දී පැවැත්වෙන

සාලිය පීරිස් වෙනුවෙන් BASL නිවේදනයක් !
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති මෙන්ම ජනාධිපති නීතීඥවරයෙකුද වන සාලිය පීරිස් ගේ වෘත්තීය රාජකාරි සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතීඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලමින් නිවේදයක් නිකුත් කොට ඇත.

ගෝඨා එලවපු විදිහට IMF එළවමු : අන්තරේ ලොක්කා මැප් එක දෙයි !
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ප්‍රාතිහාර්යක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ පැන්නූ ආකාරයෙන්ම රාජපක්ෂලා පැන්නූ ආකාරයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පන්නා දැන් යුතු බවද ඔහු පවසයි .
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ බව සඳහන් කර සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුව ලබාගන්නේ ණය මුදලක් බවත් රටේ ණය අර්බුදයට ආණ්ඩුව විසින් යෝජනා කර ඇති උත්තරය ද ණය ගැනීම බවත් ඔහු එහිදී පැවසීය .
ගිය වසරේ මාර්තු මස තිස් වෙනිදා රටේ ජනතාව පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම සඳහා අරගලය මුලින්ම ආරම්භ කළ කරන ලද බවත් එවන් ඉතිහාසයක් නැවත නැවත ඇතිවිය හැකි බවත් ඔහු පවසයි .
එවන් තත්ත්වයක් යළි ඇතිවීමට ඕනෑතරම් තත්ත්වයත් යළි මේ මොහොතේ නිර්මාණය වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන සංවිධානයක් බවට නඩත්තු කරන අන්තරේ කැඳවුම්කරු සිදුකරන මේ ප්‍රකාශ හරහා රටේ අර්බුදය නිවැරදි ලෙස තක්සේරු කිරීමට ඔවුන්ට ඇත නොහැකියාව තහවුරු කරන බවයි.
නිල වශයෙන් බංකොලොත් වූ රටක් යලිත් ගෝලීය මූල්‍ය බලවතුන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහය අනුමත වීමෙන් බවත් ඒ හැර ඒ සඳහා වෙනත් කිසිදු අවස්ථාවක් නොමැති බව වසන්තලා නොදැනීම ඒ දේශපාලනයේ බංකොලොත් බව ප්‍රකාශ වීමට වැඩි දෙයක් නොවන බවත් විචාරක මතය වී තිබේ.

ක්‍රීඩා ඇමතිගෙන් ICC යට ලිපියක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ නිල සාකච්ඡාවකට පැමිණෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියකින් දැනුම් දී ඇත .
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට පළවූ වාර්තා පනදම් කර ගනිමිනි .
ක්‍රිකට් පමණක් නොව මෙරට සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන කටයුතු සඳහා දේශපාලන ඇගිලි ගැසීමක් සිදුව නොමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කර සිටියි.
ඒ අනුව මේවනවිට වාර්තා පළ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇගිලි ගැසීම් ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් අතර නිල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි .

තෙල් වෘත්තීය සමිති උපවාස ගාය සනීපයි : කට වහගෙන හිටියට බැසිල්ටත් දොස් !
ඉන්ධන සැපයුම අද (30) දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුව ද සේවකයන් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවත් කොළොන්නාව තෙල් පර්යන්තයෙන් පමණක් අද දිනයේ බවුසර් දහසකට ආසන්න සංඛ්‍යාවක් පිටත්කර හැරි බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
රටපුරාම ඉන්ධන තොග බෙදාහැරීම නිසා ඊයේ දිනයේ කිසිඳු ස්ථානයක පෝලිම් හෝ ඉන්ධන හිඟයක් වාර්තා නොවූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු පරිශ්‍රයන් ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
වාර්තා වන ආකාරයට වෘත්තිය සමිති එකමුතුව ලෙස වර්ජනයක් සහ උපවාසයක් අරඹමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කටයුතු අකර්මණ්‍ය කිරීමට උත්සාහ කළත් ඒ වෙනුවෙන් බහුතර සේවකයන් ප්‍රමාණයක් එකඟකර ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බවත් දැනගන්නට ඇත.
බැසිල්ටත් බැනුම් !
මේ අතර පොදුජන පෙරමුණට සම්බන්ධ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පවසා සිටින්නේ ජාතික සම්පත් විකුණද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසාගෙන සිටීම වැරදි බවය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවද පැවසූ ඔහු කාංචන විජේසේකර මහතාගේ අත්තනෝමතික වැඩකටයුතු හමුවේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසා ගෙන නොසිටිය යුතු බවද කියා ඇත.
එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමාගම් වල ගිණුම් තර කිරීම වැළැක්වීම එකම අරමුණින් සිදු කරන්නක් මිස ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක් මෙහි නැතැයි ද ඔහු කියා සිටියේය.
ඛනිජ තෙල් සංස්ථාව ජාතික සම්පතක් ලෙස හඳුන්වාදීමට අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයන් උත්සාහ කළද එය මිත්‍යාවක් බවට සමාජ මාධ්‍ය තුළ ද ප්‍රතිචාර දක්වෙමින් ඇත. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පළවූ ප්‍රතිචාරයකි.

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම වේගවත් කිරීමට කමිටුවක් !
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව එළිදැක්වූ “ DIGIECON 2030”, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇත.
DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලැබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කර ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100ක් වෙන් කරන බවයි. එසේම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීමට ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
නාස්ති කිරීමට කාලයක් නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසල්වැසි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් , ඉතා වේගයෙන් දියුණු වන කලාපයක් ලෙස විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් පෙන්වා දුන්නේය.
ඉහළ තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ හරිත ආර්ථිකයක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් තරගකාරී වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට නව තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් වැළඳ ගත යුතු බව ද පැවසීය.
එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර තිබෙන බව “DIGIECON 2030” විසින් සහතික කරනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළේ “ DIGIECON 2030” ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි.
“ DIGIECON 2030” හරහා, සියලුම පාර්ශ්වකරුවන්ට ඩිජිටල් පරිසර පද්ධතියකට පහසුකම් සැලසීම සඳහා රජයේ කැපවීම සහ මඟ පෙන්වීම් ලබා දෙමින් ආයෝජන සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැඟීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඩිජිටල් පරිවර්තනයකට තුඩු දෙන සහ මානව කේන්ද්‍රීය තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් හවුල්කාරිත්වයන් ගවේෂණය කරන ව්‍යාපෘති මාලාවක් වෙනුවෙන් රජය පෙරමුණ ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, අලි සබ්‍රි, කංචන විජේසේකර , රමේෂ් පතිරණ, නසීර් මොහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, අරවින්ද් කුමාර් යන ඇතුළු මැති ඇමතිවරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?start=3726#sigProId875c9c3fbf

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ
ශ්වසන ආසාදනයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේදී රෝහලේ ගතකර ඇති බව වතිකානුව ප්‍රකාශ කරයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට 86 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු පසුගිය දිනකිහිපයක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙලී ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහු රෝහල් ගතකර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කර තිබේ.
ඉදිරියේදී පාස්කු සති අන්තය මෙන්ම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වසරේ කාර්යබහුලම කාලය මෙය වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ජවිපෙ කාඩර් එක ආගමානුකූල ජීවිතයක !
ආගමට අනුව ජීවත්වන පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ තම කණ්ඩායමේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.
තමන් බුද්ධාගමට ගරු කරන්නේ පවුලෙන් ආ නිසා නොව තමන් බුද්ධාගම සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඒ ගැන හදාරා ඇති නිසා බවද ඔහු පවසයි.
ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින්ය.
වත්මන් ආණ්ඩුව පන්සිල් පද එකක්වත් රකින්නේ නැති බවත් ඔවුන් ආගමානුකූලව කටයුතු නොකරන බවත් සඳහන් කරන ඔහු බෞද්ධයන් විසින් අනෙක් ආගම්වලට විරුද්ධව ජනතාව උසිගන්වා නම් ඊට තමන් විරුද්ධ බවත් කියා සිටියේය.
තම දේශපාලන ව්‍යාපාරය ආගම් විරෝධී එකක් නොවන බවත් ආගම් වලට ගරු කරන ආගම් ඇදහීමට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
මීට පෙර පෞද්ගලික දේපළ ක්‍රමයට එරෙහි සමාජවාදී ප්‍රතිපත්තින්ද ජවිපෙ ඉවත්වූ බව ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පෞද්ගලික දේපළ පවරා ගැනෙනු ඇති බවට එල්ලවූ චෝදනාව හමුවේය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විචාරකයන් පවසන්නේ, ජවිපෙ මේ වන විට මාක්ස් ලෙනින්වාදී ප්‍රතිපත්තියෙන් බැහැරව ලිබරල් දේශපාලනය වැළඳ ගනිමින් සිටින බවය. එහිදී දේශපාලන උපක්‍රමයක් වශයෙන් දූෂණ විරෝධය සටන් පාඨයක් ලෙස යොදාගෙන ඇති බවත් විචාරක මතය වී තිබේ. ජවිපෙ මේ වෙනසට හේතුව වී ඇත්තේ රට මුහුණදී ඇති අර්බුදය සඳහා සමාජවාදය තුළ විකල්පයක් නොතිබීම නිසා බවත් විචාරකයන් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට නවසිලන්තයට යන්නට ඇමති අවසරය තවමත් නෑ !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපති හා ලේකම් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නවසිලන්තයට යාමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ඉල්ලා තිබුණද මේ දක්වා ඊට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හටගෙන තිබෙන අර්බුදය හේතුවෙන් හුදු පුද්ගලික කරුණු පදනම් කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත.
එසේම ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර තිබූ අන්‍යනොන්‍ය අවබෝධය සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුබද්ධ ක්‍රීඩා සංගමයක් බව පෙන්වාදෙන අප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දේශපාලන අතපෙවීම් පිළිබඳව දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත වාර්තා වීමෙන් පසු ඒ සඳහා කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෑතකදී ත්‍රී පුද්ගල කමිටුවක් පවා පත් කර ඇති බවය.
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගයෙන් කටයුතු නොකිරීම මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමක් අභියසට ළගා වෙමින් තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තිම චාන්ස් එක ගැන : ජනාධිපති කියයි !
ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති “IMF සහ ඉන් ඔබ්බට"සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ මෙම ප්‍රධාන විධායක නිලධාරී සාකච්ඡා මණ්ඩපය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, රජය ඒ සඳහා කැපවී සිටින බවත්ය.
ඩී.එස්. සේනානායක මහතාගේ යෝජනා මත පිහිටා කටයුතු නොකිරීම සහ 1965 ෂෙනෝයි වාර්තාව ක්‍රියාත්මක නොකිරීම ඇතුළුව ශ්‍රී ලංකාවට සංවර්ධනය අත්පත් කරගැනීම සඳහා ලද අවස්ථා මඟහැරී ගිය බව සිහිපත් කළ ජනාධිපතිවරයා, 1978 ජනවාර්ගික ප්‍රශ්නය මගින් ද රටේ ප්‍රගතිය මන්දගාමී වූ බවත් එමගින් රට යළිත් සංවර්ධනයේ අඩිතාලමට ගැනීමට තිබූ අවස්ථාවක් මඟහැරී ගිය බවත් සඳහන් කළේය.
ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් වෙන්කළ නොහැකි අතර, රට දියුණු වීමට නම් එය විසඳිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විභව යහපත් බවත් රට කඩිනමින් ඊට යොමුවෙමින් ඩිජිටල්කරණයද ආරම්භ කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දැනටමත් රටේ සම්පත් ඕනෑවටත් වඩා නාස්ති කර තිබෙන ශ්‍රී ලංකා ඛණ්ජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් හෝ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා නොව දුප්පත් සහ අවදානමට ලක්වූ පාර්ශ්වවල අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්‍ෂණය සඳහා මුදල් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය
රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා අද අපි මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා. මම නැවත ඒ පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පවත්වන පළමු සාකච්ඡාව මෙයයි.එය පවත්වනු ලබන්නේ අපගේ පළමු වාණිජ ආර්ථිකයේ සංකේතයක් බඳු මෙම ගෝල්ෆේස් හෝටලයේදීයි.
මෙරට වැඩවසම් ආර්ථිකයක සිට වාණිජ ආර්ථිකයක් කරා වූ පළමුවන පරිවර්තනය සිදු කළේ බ්‍රිතාන්‍යයන් විසිනි.එම වතු ආර්ථිකයේ ප්‍රථම ව්‍යාපාරය වූ කෝපි වගාව කඩා වැටුණා. ඉන්පසුව තේ, රබර්, පොල් සහ අනෙකුත් කර්මාන්ත සේවාත්, කොළඹ වරායත් විශාල පරිවර්තනයකට ලක් වුණා. මෙම සාකච්ඡා මණ්ඩපය පළමුව බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රශ්න සහ දෙවනු ශ්‍රී ලාංකිකයන් තම ප්‍රශ්න සාකච්ඡා කළ සාකච්ඡා මණ්ඩපයක සංකේතයක් බව කිව යුතුයි.
ඉතින් ඒ පරම්පරාව අවුරුදු 50කින් අලුත් ආර්ථිකයක් ඇති කළා. දැන් නිදහසින් පසු එම කාර්යය කරගෙන යාමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා. අපි කොතරම් හොඳින් එම කටයුතු කර තිබෙනවාද කියනවා නම් අද අපේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාව ජනගහනයෙන් 12.5% සිට 25% දක්වා වැඩි වී තිබෙනවා.එක ආහාර වේලක් මඟහැරෙන ජනතාවක් අද අපේ රටේ ඉන්නවා. ලක්ෂ 05කට රැකියා අහිමි වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රැසක් කඩාවැටීමේ අවධානමට ලක්ව සිටිනවා. මොකක්ද සිදු වුණේ? වගකිවයුත්තේ කවුද? අද අපි පත්ව සිටින තත්ත්වයට අපි සියලුදෙනාම වගකිව යුතු බව මතක තබා ගන්න.
දේශපාලනඥයන් වේවා, ව්‍යාපාරික ප්‍රජාව වේවා, ඒ වගේ වෘත්තිකයන්, වෘත්තීය සමිති , සිවිල් සමාජය, මාධ්‍ය , රාජ්‍ය පරිපාලකයන් අපි කිසිවෙකුට ඒ වගකීමෙන් බැහැර වෙන්න බැහැ. තවදුරටත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගතහොක් අප මෙම ගැටලුවේ දී සාර්ථකත්වයක් ලබා ගන්නේ නැහැ. මෙහිදී අපට වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පමණක් නොවෙයි. ඉන් ඔබ්බට සිදු කරන්නේ කුමක්ද යන්නයි වදගත් වන්නේ. අපි දැන් කළයුත්තේ මතු පරපුරට සෞභාග්‍යමත් සමාජයක ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමයි. රජය කටයුතු කරමින් සිටින්නේ ඒ සඳහායි.
සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දුන් ආකාරයට එහි මූලාරම්භය අපහසුයි. කෙසේ වෙතත් අප ඉදිරියට යා යුතුයි. අපට එය කිසි ලෙසකින්වත් එය මගහැරිය නොහැකියි. අපගේ කාර්යභාරය වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොවෙයි. ආර්ථික වර්ධනය ඇති කිරීමත්, එය නව ගෝලීය ආර්ථිකය තුළ වර්ධනය කරමින් ඉදිරියට යාමටත් අප කැපවී සිටිනවා.
අපි මෙය ඉටු කිරීමට නම්, අපගේ දියුණුවට බාධාවක් වූ විශාලතම ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව මතක තබා ගත යුතුයි. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි. ආර්ථික ප්‍රශ්නවලින් අපිට ජනවාර්ගික ප්‍රශ්නය වෙන්කොට සැලකිය නොහැකියි. අපි ඒ ප්‍රශ්න දෙකම විසඳාගත යුතුයි. මම ඒ ප්‍රශ්නය ගැන මේ මොහොතේ කටයුතු නොකරන්නේ, මේ ඒ සඳහා කාලය හෝ ස්ථානය නොවන නිසයි. කෙසේ වෙතත්, අපි ඒ පිළිබඳ තීරණය කළ යුතුයි.
දෙවනුව, මෙම තීරණාත්මක මොහොතේ අප අපගේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නේ කෙසේද? කියා සොයා බැලිය යුතුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන නිසා විවෘත සාකච්ඡා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන් ආදීන් මෙහි සිටීම ඉතා වැදගත්.
අපි මෙවැනි සාකච්ඡා සහ විවාද සිදු කළයුතුයි. ඒවා සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සහ ඊට පහළින් ඇති සියලුම සාකච්ඡා ශාලාවල මිසක් වීදිවල නොවන බවත් මා සඳහන් කළයුතුයි. එවන් කලහකාරී තත්ත්වයන් සංවර්ධනය කරා යන අප වැනි රටකට තවදුරටත් ගැළපෙන්නේ නැහැ. නමුත් තීරණය ගත යුත්තේ අප විසින් මිසක් රජය එවැන්නක් බලාත්මක කිරීමට තීරණය නොකළ යුතුයි.
අපට සිදු කළ හැක්කේ නීතිය සහ සාමය සහතික කිරීම පමණයි. එසේ නොමැතිනම් මෙම කරුණු සාකච්ඡා කර විවාද කළ යුත්තේ කොතනද යන්න කියන එක තමයි දෙවන කාරණය. අප එතැන් සිට ඉදිරියට යා යුතුයි.
මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. මොකද ඔබ සියලුදෙනා දන්නා පරිදි හා රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් කරුණුවලට අමතරව වෙනත් වැදගත් අරමුණු තිබෙනවා. එය සැලකිය යුතු ආදායම් පදනමක් ගෙන දෙන අතරම, ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආදායමේ දළ දේශීය නිෂ්පාදන අනුපාතය ඉහළ නංවනවා. මෙය ප්‍රගතිශීලි පියවරක් වන අතර අඩු ආදායම්ලාභී ජනතාව බදු බරින් නිදහස් කිරීමට එය ඉවහල් වනවා.
එම නිසා අප සිදු කළ යුත්තේ 2026 වන විට ආර්ථිකය ස්ථාවර කිරීම සහ 2019 තිබූ අනුපාතයට නැවත පැමිණීමයි. එය තමයි ගැටලුව. කෙසේ වෙතත් IMF අනුමතවීමත් සමඟ ශ්‍රී ලංකාව පෞද්ගලික සහ නිල ණය හිමියන් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සීමාවන්ට අනුකූලව සහ මාර්තු 14 වැනි දින මගේ ලිපිය හරහා මා විසින් කර ඇති කැපවීම්වලට අනුකූලව සාකච්ඡා කළෙමු.
මාස හයක් තුළ විස්තීරණ ණය පහසුකම් යටතේ පළමු සමාලෝචනය සිදුවිමත් සමඟ ඔවුන්ගේ පොරොන්දු රැක ගැනීමටත් ණය හිමියන් සමග කේවල් කිරීමටත් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ප්‍රතිලාභය රටට ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවට සිව් අවුරුදු ආර්ථික වැඩසටහන යටතේ කැපවීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වනු ඇතියි. එබැවින් අපට තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළ යුතුව ඇති අතර, විශේෂයෙන් අපගේ පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කළයුතුව තිබෙනවා.
මෙතැන් සිට අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සිව් අවුරුදු වැඩසටහන පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපේ දරුවන්ට සහ තරුණ පරපුරට අනාගතයක් ගොඩනඟා දීමටනම් අප ඉදිරිය යා යුතුයි. අප ඉදිරියට යා යුතු වන්නේ අපගේ දිගුකාලීන ආයතන සහ ව්‍යුහාත්මක ගැටලු නිරාකරණය කර ගැනීම සඳහායි. මොකද අද ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක. ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැඟීමට නම් අප මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු අතර එය ප්‍රතික්ෂේප කළහොත් තවදුරටත් පහළ මැදි ආදායම් ලබන රටක්ලෙස එකතැන පල්වීමට අපට සිදු වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන ක්‍රියාත්ම කිරීම සමඟ අපට වඩා සෞභාග්‍යමත් අනාගතයක් උදා කර ගැනීමට අවස්ථාව සැළසෙනවා. අපේ සියලු ක්‍රමවේද පිළිබඳව, රජය පිළිබඳව, විපක්ෂය වගේම සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් සමඟ තිබෙන අප්‍රසාදය නිසා තරුණ පරපුර ගාලු මුවදොර පිටියට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. මෙය තමයි අරගලයේ ආරම්භය. නමුත් අවාසනාවකට මෙම සාමකාමී අරගලය ප්‍රචණ්ඩ අන්තවාදීන් විසින් ආක්‍රමණය කළා.
එම තරුණ ප්‍රජාව දැන් ඊට මුහුණ දෙන්නේ කොහොමද ? රට හැර යාම ඔවුන්ගේ විකල්පය වෙලා. ඉතින් අපි මේ පිළිබඳව කල්පනා කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අධ්‍යයනය කර එහි පළමු අදියරට හෝ දෙවන අදියරට සහාය දෙනවාද යන්න නොවෙයි අපි අපේ රටේ ආර්ථික ස්ථාවර කරන්නේ කොහොමද කියා සිතා බැලිය යුතුයි.
එබැවින් කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම, තරගකාරිත්වය සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ආර්ථිකය තුළ රජයේ මැදිහත්වීම අඩු කළ යුතුය. අප සෑමවිටම සියලු දේ රජය විසින් කරනතුරු බලා සිටිනවා. විසඳාගත නොහැකි වෙළෙඳ පොළ ප්‍රශ්නවලට රජය විසඳුම් ලබා දෙන තුරු බලා සිටිය නොහැකියි. ඊළග කරුණ තමයි, පැරා තීරු බදු තාර්කික කිරීම ඇතුළුව තවදුරටත් වෙළඳ ලිබරල්කරණය ලෝක ගෝලීය ආර්ථිකය වඩාත් තරගකාරී කිරීම. අප ද එයට අනුගත විය යුතුයි.
ශ්‍රම වෙළෙඳපොල ප්‍රතිසංස්කරණ මගින් වැඩි කාන්තා නියෝජනයක් ශ්‍රම බලකායට ඇතුළත් කර ගත යුතුයි. නියාමනය සහ ව්‍යාපාරික පරිසරය නවීකරණය කිරීම ඇතුළුව පුද්ගලික ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීමටත් අප කටයුතු කළයුතුයි. එමෙන්ම කාර්යක්‍ෂම විදුලි බෙදාහැරීමේ ජාලයකට මඟ පාදන විදුලි ජනනය මිශ්‍ර කිරීම සහ බෙදා හැරීම වැඩිදියුණු කිරීම මගින් විදුලි පිරිවැය අඩු කිරීමට ද පියවර ගත යුතුයි.
දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමේ දී අප මෙය අනුගමනය කළයුතුයි. අපට වෙනත් විකල්පයක් නැහැ. වෙන කාටකාරි ඊට වඩා හොඳ විකල්පයක් තිබෙනවනම් එය ඉදිරිපත් කළහැකියි. ඉදිරි වසර දෙක තුළ රටේ ඉතා තරගකාරි සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කිරීම මගේ උත්සාහයයි. අපි තරගකාරි විය යුතුයි. එම නිසා ඉන්දියාව සමග තිබෙන අපේ නිදහස් වෙළෙඳ ගිවිසුම ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් දක්වා උසස් කරගත යුතුයි. ඒවගේම අපි කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වට ද සම්බන්ධ විය යුතුයි.
අපි පසුබට විය යුතු නැහැ. ලාඕසයට, කාම්බෝජයට සහ මියන්මාරයට එය සිදු කිරීමට හැකි වුණානම් ඇයි අපිට බැරි. එය තමයි ගැටලුව. එසේනම් අප තරගකාරි විය යුතුයි. ඉහළ තරගකාරිත්වයකට නම් රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් මෙන්ම කාර්යක්ෂම විය යුතුයි. ඇයි මම සමාජ, වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කියන්නේ. අපිට වැඩිපුර මුදල් අවශ්‍යයි. අපිට පාසල් 10,000ක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් 90%ක් ආවරණය වන බව කිව හැකියි.නමුත් අපේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කුමක්ද?
ඉදිරි දශකයේ දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය හෝ දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපනය ඇති රට බවට අපේ රට පත් කිරීමට නම් අපට මුදල් අවශ්‍යයි. ඒක තමයි සමාජ දියුණුව. දෙවනුව, සෞඛ්‍ය පද්ධතිය. සෞඛ්‍යයට විශාල මුදලක් අපි වැය කරනවා. නමුත් ඒ සඳහා අපි වැය කරන සෑම රුපියලකම ප්‍රතිලාභය අපට ලැබෙනවද ? අපි සමාජ ආරක්ෂණ ජාලයට සහ දිළිදු ජන කොටස් නඟා සිටුවීමට වැඩි මුදලක් යෙදවිය යුතුයි.
ඒ නිසා අපි අපේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් යෙදවිය යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලයට හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයට නොවෙයි. අපි දැන් ඒවට මුදල් නාස්ති කළා ඇති. දැන් අපි අඩු ආදායම්ලාභි ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කළයුතුයි.
මේ මොහොතේ හරිත ආර්ථිකය සඳහා අපගේ විභවය ඉතා යහපත් වෙනවා. පුනර්ජනනීය බලශක්තිය පමණක් නොව, හරිත හයිඩ්‍රජන්, හරිත ඇමෝනියා සහ මෙම හරිත ශක්තියේ ප්‍රතිඵලයක් වන තවත් බොහෝ නිමැවුම්, විශේෂයෙන් ජෛව ස්කන්ධය සහ තරංග ශක්තිය අපේ රටේ තිබෙනවා. එම නිසා අප වහාම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයට යොමු විය යුතුයි.
1978 අපි ඇගළුම් කර්මාන්තයට පිවිසුණා වගේම අපි දැන් ඩිජිටල්කරණය ආරම්භ කළයුතුයි. 50%ක් ආර්ථිකය විහිදී ඇති බස්නාහිර පළාතෙන් එය ආරම්භ කර අනෙක් පළාත්වලට ව්‍යාප්ත කළයුතු වෙනවා. ඒ සමඟම එක් රාත්‍රියකට ඩොලර් 500-1000 දක්වා වියදම් කරන සංචාරකයින්මෙරටට ගෙන්වා ගත හැකි අයුරින් අපේ සංචාරක කර්මාන්තය දියුණු කළයුතුයි.
අප මෙය ආරම්භ කළයුත්තේ අඩු ඵලදායිතාවක් තිබෙන කෘෂිකරම ක්ෂේත්‍රයෙන්. අපි කෘෂිකර්මය සහ ධීවර කර්මාන්තය නවීකරණය කළයුතුයි. එමෙන්ම අපි සිව්වන කාර්මික විප්ලවය, ස්වයංක්‍රීයකරණය සහ කෘතිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවලට සීග්‍රයෙන් ප්‍රවේශ විය යුතුයි.
එසේ නම්, එවැනි කර්මාන්ත හා සේවා සඳහා යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට රජය මුදල් වෙන් කළ යුතුයි. මේවා මගේ අදහස් වුවත් ඔබට මීට වඩා අදහස් සහ යෝජනා ඇති බව මම විශ්වාස කරනවා. අපි ඒවා සාකච්ඡා කළයුතුයි. තවදුරටත් බලා නොසිට අපි මෙම අවස්ථාවෙන් ප්‍රයොජන ගත යුතුයි.
ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තිබූ සියලු අවස්ථාවන් අද අපට අහිමි වී තිබේ. අපි නිදහස ලැබුවායින් පසු ඩී.එස්.සේනානායක මහතා කියා සිටියේ අපි කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත විය යුතු බවයි. එවිට ඒ සඳහා යොදවන විදේශ විනිමය ඉතිරිකරගත හැකියි කියලා.ඒ වගේම එතුමා සර් ජොන් කොතලාවල මහතාට යෝජනා කළ ජල විදුලි බලාගාර ආරම්භ කිරීමට.
ඉන්පසුව හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණවලින් වඩා කැපී පෙනෙනක් වූයේ පිලිප් ගුණවර්ධන මහතා හඳුන්වා දුන් කුඹුරු පනතයි. ඇමරිකානුවන් ජපානයේ, දකුණු කොරියාවේ සහ තායිවානයේ කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රතිසංස්කරණයක් සිදු කර තිබුණා. ඔහු සිදු කළේ එය ආදේශ කරගෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ගොඩනැගීමයි. නමුත් ඔහුට විරෝධතා මතු වුණේ විපක්ෂය නොවෙයි ආණ්ඩුව තුළින්මයි. ඒ නිසා තමයි අද අපට දියාරු වුණු කුඹුරු ඉඩම් පනතක් ඉතිරි වී තිබෙන්නේ.
ඒ නිසා ඩී.එස්. සේනානායක මහතා හඳුන්වාදුන් වැඩපිළිවෙළ මත රට ගොඩනැඟීමේ පළමු අවස්ථාව අපට මඟ හැරුණා. නැවතත් 1965 දී ඩඩ්ලි සේනානායක මහතාගේ වාර්තාව සහ ෂෙනෝයි වාර්තාව ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම සමඟ අපට දෙවන අවස්ථාව ද ගිලිහි ගියා. අපි එම අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගත්තා නම් දකුණු කොරියාව සහ සිංගප්පූරුව වැනි රටවල් උදාකරගෙන තිබෙන ආර්ථික ප්‍රගතිය උදා කර ගැනිමට හැකියාව තිබුණා.
“ඉන්පසුව යළි පුබුදමු” ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වාදුන්නත් එය සාර්ථක කර ගැනීමට අපට නොහැකි වුණා. අපට වෙනත් අවස්ථාවන් නෑ. මේ තමයි අපගේ අවසාන අවස්ථාව. අප මෙයින් ප්‍රයෝජන ගන්නාවද, නැද්ද? කියන එක ඔබ සියලුදෙනා තීරණය කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනේ තිබෙන කරුණු සමග අප ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වී එම යෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශ කළ පසු, එම වර්ධනය සිදු කළ යුතු ආකාරය පිළිබඳව අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා කටු සටහනක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. මගේ කැමැත්ත නම් ජාතික පාර්ලිමේන්තු සභාව සහ සමාජයේ සියලුදෙනා සම්බන්ධ කර ගනිමින් අපේ රටේ අනාගතය කෙසේ නිර්මාණය කරගත යුතු ද කියා තිරණය කිරිමයි.
මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අපි වේගයෙන් ඉදිරියට යමුයි කියා. රජය ආරම්භ කර ඇති මෙම වැඩසටහන සමග එක්වන ලෙස මම නැවතත් ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
මෙම සාකච්ඡා මණ්ඩපයේ ආරාධිත දේශනය සිදු කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දැක්වූ අදහස් :
අපි ද්විත්ව හිඟයක් සමග කාලයක් ගමන් කළා. මේ හිඟය වෙනස් කිරීමට සමහරු යම් යම් දේවල් කළා. සමහර යුගවලදී ඒ ගැන සැලකුවේ නැහැ. රාජ්‍ය ආදායම වියදම අතර වෙනස දිගින් දිගටම පැවතුණා. පොළී නොවන රාජ්‍ය වියදම අතර වෙනස කාලයක් සමග වර්ධනයක් ඇති කරනු ලැබුවා. ගෙවුම් ශේෂය පැත්තෙන් බැලුවහොත් ඒ වගෙයි. ණය අරගෙන විශාල යටිතල පහසුකම් සංවර්ධනයකුත් කළා. ඉන් ඩොලර් ඉපයීම අපට අවශ්‍ය වෙලාවට ලැබුණේ නැහැ. පියවීම් කළේ ණය අරන්. නොසිතූ විරූ ප්‍රශ්න රැසකට රට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරය, ඒ වගේම කොවිඩ් වසංගතය පැමිණියා. දින ගණනක් රට වසා දැමුණා. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා.
පොහොර සම්බන්ධ ප්‍රතිපත්තිය නිසා සුවිශාල ගැටුමක් ඇති වුණා. 2022 වසරට යන විට දළ දේශීය නිෂ්පාදිතය 8.2% ක් වෙලා තිබුණා. අපේ ණය තොගය කළමනාකරණය කර ගත්තෙ තවත් ණයක් ගනිමිනුයි. මේ වන විට අපේ තත්ත්වය ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගම් නැවත නැවත අපට දැනුම් දුන්නා. අපට රුපියල් නැහැ. අපි සියයට 20 ක් වෙන් කරනවා. නමුත් සියයට 12 ක් සෙවිය යුතුයි. අපට දේශීය වශයෙනුත් විදේශීය වශයෙනුත් මුදල් නැහැ.
අපේ රටේ විශාල භාණ්ඩ හිගයක් ඇති වුණා. දිගු පෝලිම් තිබුණා. ජනතා උද්ඝෝෂන ඇති වුණා. සංචිත සෘණ අගයකට ආවා. මහ බැංකුවට තීන්දුවක් ගන්න සිදුවුණා ණය හිමියන්ට ණය ගෙවන්නේ නැහැ කියලා.
අපට යන්න තිබූ ඒකම තැන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන අනුමත වීමත් සමග අපේ රටේ සාමාන්‍ය ජනතාව රතිඤ්ඤා පවා පත්තු කළා. ඒය ජයග්‍රහණයක් බව ඔවුන් දැක්කා. සුවිශේෂී අභියෝග රැසකින් තමයි අපි ඉදිරියට යන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කලින් ඇති කරගත් ඒකඟතා බහුතරයක් ආරක්ෂා කර ගන්න බැරි වුණා. ජනප්‍රිය තීන්දු තීරණ ගන්න සිදුවුණා.
දැන් අපට ඊට වඩා වෙනස් අභියෝගයක් තිබෙනවා. ජාත්‍යන්තර ආයතන වෙනදාට වඩා අප ගැන සොයා බැලීම වරදක් නැහැ. අපි ඉටු කළ යුතු වැඩවලට සමගාමීව උද්ධමනය පාලනය කළ යුතුයි. අපේ ආහාර උද්ධමනය සියයට 90 ඉක්මවා ගියා. සාමාන්‍ය ජනතාව ඉතා අසීරූ තත්ත්වයකට පත් වුණා. රට තුළ භාණ්ඩ සුලබ කරන්නත්, භාණ්ඩ ආනයනය කරන්නත් අපට බැහැ. අපි ගත් කෙටිම තීන්දුව තමයි බැංකු පොළී ඉහළ දැමීම. හැමෝටම අසීරුයි. මහ බැංකුව ගත් අසීරූ පියවර නිසා උද්ධමනය සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබෙනවා.
අපි සෘජු බදු වැඩි කළ යුතුයි. අපි අහිමි කරගත් දේ යළිත් ගත යුතුයි. මේ සියල්ල මැද අපෙන් ගිලිහී යන ආදායමකුත් තිබෙනවා. උපක්‍රමශීලීව අපෙන් ඒවා ගන්නවා. නැත්නම් විවිධ හේතූන් නිසා ගිලිහෙනවා. අපි ජාතික ව්‍යායාමයක යෙදී සිටිනවා. ඒය සාර්ථක කර ගත යුතුව තිබෙනවා.
විදුලි බල මණ්ඩලය කාලයක් වැඩ කළේ සමාජ සුබසාධන ආයතනයක් ලෙසයි. විදුලිබිල වැඩි කිරීම ජනප්‍රිය තීන්දුවක් නොවෙයි. හරියාකාරව නිසා කෙනාට සමාජ ආරක්ෂාව ලබා දිය යුතුයි. මේ අය නිසියාකාරව තෝරාගත යුතුයි. ඒ වගකීම ගත යුත්තෙ නිලධාරීන්. නිලධාරීන් වගකීමක් ගන්න බැහැ කියනවා. අපි යන යහපත් ගමනේදී වැඩ කිරීමත් ප්‍රශ්නයක්. මහ බැංකුව ස්වාධීන කළ යුතුයි. එම පනත පාර්ලිමේන්තුවට ගෙනැත් තිබෙනවා. ඒ වගේම අපි ශක්තිමත් දූෂණ මර්දන පනතක් ගේනවා. අලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ජනතාව සමග කටයුතු කිරීමේදී එවැනි දේවල් කළ යුතුව තිබෙනවා.
රජය ව්‍යාපාරවලින් ඉවත් වීම හොද දෙයක්. විනිවිදභාවයකින් මේවා කරනවා. නමුත් සමාජය බලන්නේ වෙනස් ආකාරයකටයි. අපි හැමෝම ජනතාවට සත්‍ය තත්ත්වය පැහැදිලි කළ යුතුයි. සාමාන්‍ය ජනතාවගේ ඒදිනෙදා වියදම් අඩු කරන්න නම් ඒවැනි දේවල් කළ යුතුයි. වරලත් ගණකාධිකාරුවන් යනු ඉතා දක්ෂ මූල්‍ය කළමනාකරුවන් පිරිසක්. විශිෂ්ට දක්ෂයන් හැටියටයි අපි ඔවුන්ව දකින්නේ. ඒ දක්ෂ්‍යන්ට ලොකු වගකීමක් තිබෙනවා. රට නගාසිටුවීමේ ගමනට ඔබ සියලු දෙනාගේ කැපවීම සහ සහාය අවශ්‍යයි. ඔබලා තමයි ප්‍රධාන ආයතනවලින් ආදායම ලබා දෙන්නේ. මේ සියලු කරුණු දෙස ධනාත්මක, යහපත් ඇසකින් බලන්න කියා මම ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරයා මීට වසර 20 පෙර මේ අදහස් පළ කරන අවස්ථාවේ අපි ඊට විරුද්ධව කතා කළා. බලය ලබා ගන්න එම පුද්ගලීකරණය කියන කාරණය අප සමාජගත කළා. දැන් අපිට ඒ වරද තේරෙනවා . අපිට හිතෙනවා මේ ගත්ත තීරණය දැන් ප්‍රමාද වැඩි ද කියලත්. කොහොම වුණත් රට ස්ථාවරව පවත්වාගෙන යා හැකි ඒකම ක්‍රමය මෙය පමණයි.
විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග , මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ගෝවින්ද සාමි, ශාරධ අමලින්, නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ හසිත ප්‍රනාන්දු , මෘදුකාංග සේවා සංගමයේ සාමාජික අශික් අලි, වරලත් ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති කෙන් විජයකුමාර්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සභාපතිනී අනෝජි ද සිල්වා ,ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති සංජය බණ්ඩාර යන මහත්ම මහත්මීහු සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?start=3726#sigProId7ed8e34d4f

නව ත්‍රස්තවාදී පනතට අනුව සැකකරුවන් රඳවා ගන්න හැටි මෙන්න !

රටේ රාළ - සජිත් ජනාධිපතිතුමනි, අනුර ජනාධිපතිතුමනි මඳක් අසනු මැනවි
රටක රාජ්‍ය ක්‍රියාවලියෙදී අපිට හම්බ වෙන ප්‍රධාන ව්‍යුහයන් දෙක වෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති
Page 208 of 463