V2025

පුවත්

19 සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ, බිත්‍රාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණ වෙනුවෙන් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද එය බැංකු හා වෙළඳ නිවාඩුවක් නොවන බව අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ ය.

ලංකාවේ තවත් ලී ක්වාන් - මහතීර් ඩබලක් : අන්දන්න ලෑස්තියි !

පොහොට්ටුව පැත්තේ ඉඳලා අයින්වෙලා, අලුත් සන්ධානයක් හදාගත්ත කණ්ඩායම, මේ දවස්වල ලොකු ලොකු වැඩ ටිකක් ප්ලෑන් කරගෙන යනවලු. එයාලා හොයනවලු ඊළඟ රට බාරගන්න පුළුවන් ලී ක්වාන් යූ කෙනෙක්. ඒත් තවම හම්බවෙලා නෑලු.

එහෙම ලී ක්වාන් කෙනෙක් හොයන අතර මැද්දේ, ඒ වගේ වැඩ කරන්න හපනා කියලා හිතං ඉන්න, කටකාරයෙක් ඒ වැඩේට සුදුස්සා එයාය කියලත් හිතන්ලු ඉන්නේ.

කොහොම වුණත් මේ අයගේ පළවෙනි දැල එලන්න යන්නේ , රජවෙන්න ට්‍රයි කරලා පැරදුණු කණ්ඩායම එක්ක.

රටේ ලොකු තැන වෙන්න, දැන් ඉන්න ලොකු තැන එක්ක තරග කරපු එයා ඇතුළු කණ්ඩායම, මේ අලුත් සන්ධානයට ගන්න , ප්ලෑන් කරලලු තියෙන්නේ.

ඒ කණ්ඩායමේ අර රටේ නායකයා වෙන්න හීන දැක්ක කෙනාව, මහතීර් මොහොමඩ් කරනවා කියලත් පොරොන්දු දීලලු.

එතකොට අරයා ලී ක්වාන්, මෙයා මහතීර්.... ඒවලු ජනාධිපති අගමැති සිහින.

ලංකාවට ආපු සමන්තා පවර් : මිතුරු මංගල සිහිකරයි !

''මංගල සමරවීර යනු තමාගේ මූලික වටිනාකම් හා අදහස් මත පදනම්ව, සෑම විටෙකම රට මුල් තැනෙහි තබා කටයුතු කළ, අතිදක්ෂ, නිර්මාණශීලී මෙන්ම හාස්‍යරසය හඳුනාගත්, ඉතාමත් විරල දේශපාලකයෙකු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් එම ට්විටර් පණිවිඩයෙන් පවසන්නීය.

තමාගේ ආදරණීය මිතුරෙකුව සිටි මංගලගේ ආධ්‍යාත්මික ගුණයෙහි මතකය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධයෙන් තමන් විස්මයට පත් වූ බව ද ඇය කියා සිටින්නීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAID හි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමග තමන් පැවැත්වූ හමුවීම්වලදී කෙතරම් දුරට මංගලගේ අදහස් හා බලපෑම් සාකච්ඡාවට බඳුන් වූයේද යත්, තමන් ඉදිරියේ ඔහු ප්‍රාදූර්භූත වනු ඇති බව පවා තමන් බලාපොරොත්තු වූ බව ද පවර් පවසන්නීය.

ශ්‍රී ලාංකිකයින් මේ වන විට බලවත් අභියෝගවලට මුහුණ දී සිටින අතර, මංගලගේ ඥානය, තරුණ ප්‍රජාව සමග ඔහු පැවැත්වූ සබඳතා සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය තවදුරටත් නොපැවතීම දැඩිව දැනෙන බව ද පවර් කියා සිටින්නීය.

අප අතර ඔහු නොසිටීම ගැන ශෝක වූවද,ඔහුගේ මතකයෙන් අපට ප්‍රබෝධමත් විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, තමන් පෞද්ගලිකව එසේ කරන බවත් ඇය වැඩිදුරටත් පවසන්නීය.

mangala yt

mangala osl

යන්න කලින් මංගලගේ සොයුරියත් හමුවෙලා !

එසේම එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙවර සංචාරයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සොයුරිය හමුවී මංගල සමරවීරගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබිණ.

 සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම මිතුරියකි.

මංගල සමරවීර ගේ දේශපාලන ජීවිතයට 30 වසරක් සැපිරීම නිමිත්තෙන් 2019 පෙබරවාරි 28 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ විශේෂ දේශනය සිදුකරනු ලැබුවේද ඇමරිකාවේ සිට පැමිණි සමන්තා පවර් විසිනි.

 

 

ආසියානු ක්‍රිකට් ශූරයන් දැල්පන්දු ශූරියන් : රථ පෙළපාළියකින් කොළඹට !

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී උත්කර්ෂවත්ව පිළිගැනීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි .

අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ රථ පෙළපාළියකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිතය.

මෙම රථ පෙළපාළිය ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන අතර ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම්වල නිල අනුග්‍රාහකයින් වන ඩයලොග් ආසි ආටා සමාගම ඊට සමාදර අනුග්‍රහය දක්වයි. එම අවස්ථාව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ බොහෝ පෞද්ගලික රූපවාහිනී නාළිකා විසින් වරින් වර සජීව විකාශය කරනු ලැබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත රථ පෙළපාළිය කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙන අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධානය කර තිබේ.
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තබමින් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කෙරේ.

මරික්කාර් හැංගුවට වැඩක් නෑ : ප්‍රේමදාස තාත්තයි පුතයි දෙන්නෙක් !

1970-77 සමයේ පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට දක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් සිටි බව සමගි ජන බලවේගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද (12) පැවැති ජන හමුවක් අමතමින් එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළ අතර එදා සිටි රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කණ්ඩායමක් සමගි ජන බලවේගය වටා අදද එකතු වී සිටින බවත්, රට යළි ගොඩනැගීමේ හැකියාව එත්තේ එම කණ්ඩායමට පමණක් බවත් පැවසීය.

මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , ප්‍රේමදාස පාලනය යටතේ ලලිත් - ගාමිණි නම් වූ දර්ශනයෙන් සහ ප්‍රයෝගිකත්වයෙන් සැබෑ දක්ෂයන්ට ප්‍රබල කැපිල්ලක් පැමිණි බවත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස එම දක්ෂයින්ට එජාපයෙන් ඉවතට යන්න සිදුවූ බවත් මරික්කාර් මන්ත්‍රීවරයා අමතක කර ඇති බවයි.

එදා දෝෂාභියෝගය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශූර දේශපාලනය මැදිහත්වීම නොතිබෙන්න අද වන විට ප්‍රේමදාස යුගයක් ගැන ඉතිහාසයක් නොමැති වන බවත් ඔවුන් සිහිපත් කරයි.

එහෙත් ඒ පිළිබඳ අබමල් රේණුවක කෘතඥතාවක් නොමැති සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් සිය දේශපාලනය මුළුමනින්ම වික්‍රමසිංහ නම් නායකයා විනාශ කිරීම නමැති වෛරී දේශපාලනයක නිරත වන බවත් ඒ නිසාම එජාප - සජබ ලෙස බලකඳවුරු දෙකක් ලෙස එජාපය කැබලිව ගිය බවත් ඔවුන් සිහිපත් කරයි.

දියුණු දේශපාලන දැක්මක් නොතිබුණත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ප්‍රායෝගික දේශපාලනඥයකු ලෙස නමක් තැබුවත් සජබ නායක සජිත් දැක්මක් හෝ ප්‍රායෝගිකත්වයක් නොමැති දුර්වල නායකයකු බවත් දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි. එවැනි නායකයකු යටතේ රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කොපමණ ප්‍රමාණයක් සජබ තුළ සිටියා කීවත් ඔවුන්ට දේශපාලන අනාගතයක් නැති බවත් , විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාසගේ වත්මන් භූමිකාව හරහා එය හොඳටම පැහැදිළි වන බවත් විචාරක අවධාරණය වී ඇත.

 

අගමැති ධුරයේ වෙනසක් නෑ !

අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීමට පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ සූදානමක් ඇති බවට පළවන ප්‍රචාරය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරයි.

මේ බව අවධාරණය කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (12) පවසා ඇත්තේ විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවය.

වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පරිනත දේශපාලනඥයකු බවත් ඔහු එය ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලව බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක් වන අතර ඔවුන්ට ලැබෙන වාහන ගණන පවා ඉතාම සීමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

උඩරට විවාහ ගැසට් පත්‍රය නිකුත්වෙයි !

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට  අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් අනුවය.

බාලවයස්කරුවකු ගේ විවාහය සඳහා නිසි බලධාරියකුගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව නව කෙටුම්පතින්  ඉවත් කර ඇත. උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනු ඇත.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගෝස්තු මස  1 වැනි දින අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවට සහය දෙන්න ADB සූදානම් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) ඇතුළු නියෝජිත පිරිස අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වු අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar) සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

ආසියානු කුසලානය ලංකාවට

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය කරයි.

අද (11) පැවැති අවසන් මහා තරගය පකිස්තානයට එරෙහිව ළකුණු 24ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ළකුණු 71 ක් ද වනිදු හසරංග 36 ක්ද ධනංජය ද සිල්වා ළකුණු 28ක් ද ලබා ගනිමින් මුළු ළකුණු 170ක ඉලක්කයක් පකිස්තාන කණ්ඩායමට ලබා දීමට සමත් විය.

ළකුණු 171ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ළකුණු 147කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පකිස්තාන කණ්ඩායම එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුළු 3ක් ද ප්‍රමෝද් මදුශාන් කඩුලු 4ක් ද බිඳ හෙලීමට සමත් විය.

final 1

ආසියානු දැල්පන්දු ශූරතාවය ලංකාවට !

ආසියානු කුසලානය සඳහා සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආසියානු කුසලාන ජයග්‍රහණය කරනු ලැබීය.

තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63ක් ලබාගත් අතර සිංගප්පූරුව ලකුණු 52ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 06 වන අවස්ථාව මෙය වේ.

රැජින ගැන චන්ද්‍රිකාගේ මතකයක් ඇවිස්සෙයි !

දෙවන එලිසෙබෙත් මහ රැජින සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය මතකයක් අලුත් කර ඇති අතර එය පහත දැක්වෙයි .

දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුණේ මා හටය. එහිදී ඔවුන්ට සුබ පතමින් සිදු කළ කතාව පහත වේ.

Congratulations Your Majesty !
Your Royal Highness,
Your Excellencies,
My Lords, Ladies and Gentlemen,

The Banquet traditionally offered by Her Majesty the Queen to Heads and Special Envoys of Commonwealth Governments is a particularly vivid symbol of our association. This year, it has the added aura of a Golden Jubilee, in more than one sense. I, therefore, feel especially privileged to have the opportunity of addressing Her Majesty this evening on behalf of all the Commonwealth Governments.

It was fifty years ago, that the process of transforming the British Empire into the evolving Commonwealth of Nations commenced, with the gaining of Independence by India & Pakistan. That momentous beginning provided both an inspiration and an impetus for the world-wide" process of decolonisation, which we witnessed in the ensuing years. That we in the Commonwealth are today a microcosm of that larger world is merely illustrative of the scale of an empire on which the sun supposedly never set.

We in the Commonwealth encompass a geographical spread across the globe. We embrace a variety of ethnicities, religions and cultures, which find replication and reflection throughout the world. In terms of state power, we count amongst us nuclear powers and Permanent Members of the UN Security Council, and Members of the Group of Seven, along with small island states and countries, which are deemed least, developed. And there is much that binds us.

Most obviously, we share usage of a common language, albeit spoken in myriad accents and intonations. I dare say Ma'am, that had Bernard Shaw been alive today, he may well have considered re-writing some lines of PYGMALION. We also share a commitment to practise democratic governance, although here, too, we have adapted the original Westminster model to suit our respective native genius.

We are also governed by the common law, that great body of jurisprudence, tried and tested by centuries of usage.

And, many of our countries engage in a special form of esoteric sport, so complex and shrouded in mysterious rituals that it drives half the world to despair in seeking to comprehend it, while to the other half it is a religion, not a game. Only we in the Commonwealth know that a square cut is not a succulent bovine offering, that off drives, on drives and cover drives are not options available to a landscape artist, that a Yorker is not a pudding, that a googly is not an Indian sweetmeat. No other game is capable of bringing the life of entire nations from the West Indies to Australia, from South Africa to the Indian sub-continent to a halt for a day while eleven young men watched by millions across the globe pursue a small spherical object with frantic fervour over an open field. Coming from the country that has produced the current world champions in the art of hitting, throwing and catching that object, I can vouch for the fact that cricket, at least, provides a level playing field on which large and small players can contend on equal terms.

The amalgam of all this is a distinctive Commonwealth ethos, which, I believe, could have a particular relevance in today's world. We have chosen to maintain our association despite the disparities we reflect, and despite, too, our simultaneous membership in other associations, which are more sharply focused upon our respective political and economic interests and concerns. At our periodic and regular meetings, we freely and frankly share views reflecting wide differences of perception. Yet we nonetheless endeavour to synthesise those views to the greatest feasible extent. with a view to forging common attitudes and approaches to world issues.

This ethos is evident throughout our interaction at various levels: as governments, as groups of parliamentarians, as members of professional bodies in many disciplines, and as voluntary groups engaged in a wide range of social and humanitarian tasks. In all of this, our common objective always is to maximise the mutual benefits to be derived from such interaction. I venture to suggest, therefore, that if any group of countries in today's world has a propensity to come together in a co-operative and mutually supportive relationship, surely we in the Commonwealth do.

The very nature of today's world should impel us then to concentrate our minds on such a prospect. For in the world at large, we are now well embarked upon a uni-polar international order. driven by a process of economic globalisation of which the most visible characteristic is the dominance of transnational corporations and the inequality of benefit for the rich and the poor, Viewed in this context Ma'am, one might entertain some reservation about that ancient proposition, which holds that "the meek shall inherit the earth. It behoves us in the Commonwealth, therefore, to bend our best efforts towards achieving that understanding and accommodation, between states of very disparate resources, which alone could create a truly level playing field, which is not so high that some of us cannot climb on to participate in the game.

I mentioned earlier that there is another aspect to the Golden Jubilee, which coincides with our gathering here. It is a particular delight and privilege Ma' am, for all of us to be here in Edinburgh in close to the time when, together with prince Philip, you will be celebrating your 500 Wedding Anniversary. We congratulate you and rejoice with you on this happy occasion. All of us wished to mark your Golden Anniversary by presenting you with a suitable gift, as a token of our appreciation for all you have given us in the Commonwealth over the last 50 years.

A major part of our gift, which I am honoured to present to you on behalf of all the Commonwealth Governments, could not be brought to Edinburgh because, as others and 1 hope, it is even now firmly secured in place high above St. George's Hall at Windsor Castle It is a creation of decorative plasterwork - I understand the technical term for it is a tresllion, which incorporates in its design both the Order of the Garter and, ar its heart, the Commonwealth Emblem. It will therefore be a significant and, I hope, a permanent fixture in the superbly - restored St. George's Hall, and will be a visible symbol of the respect and affection in which you both are held throughout the Commonwealth.

I suspect, Ma'am, that you may have already seen our gift in St. George's Hall, but we have brought you a photograph of it tonight to indicate the greater part of our present.

Ma'am, my happy task is not yet complete. We felt that we could not really let this occasion pass by simply leaving you both with a photograph. We all feel that you both deserve a gift of a more personal kind. We are therefore presenting you with two paintings by the distinguished artist, Emma Faull. The first is a gift to you Ma'am, and is of a Green Peacock, and the second to you Prince Philip is of a Golden Pheasant. Both have been beautifully depicted in exotic-and, as it happens Commonwealth - habitats.

It is now my great honour Your Royal Highness, Your Excellencies, My Lords, Ladies and Gentlemen, to invite you to join me in a Toast to Her Majesty the Queen, Head of the Commonwealth and His Royal Highness, the Duke of Edinburgh.

Scotland November 20, 1997

වතු කම්කරුවන්ට විශේෂ දීමනාවක් !

සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට සහභාගී වෙමින් ය.

වතු කම්කරුවන්ට මෙන්ම නාගරික වතු ප්‍රජාවටද මෙම දීමනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

රනිල් - ජවිපෙ එකඟතාව ක් !

කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ මවගේ මරණ ගෙදරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වෙලා. මාකඳුරේ ගෙදර තමයි දේහය තැම්පත් කරලා තියන්නේ. අවසන් කටයුතු තියන්නේ අද (11) හවස මාතරදී .

ජනාධිපති රනිල් මාකඳුරේ ගෙදරට යනකොටත් , රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ඇතුළු පිරිසක් ඇවිත් ඉඳලා,

ඔය අතරේ තවත් කෙනෙක් ආවා. ඒ තමයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති .

හඳුන්නෙත්තිත් , ජනාධිපති ඇතුළු විශේෂ ප්‍රභූන් ඉන්න කාමරේට ආවා. ජනාධිපතිවත් හම්බුණා. හම්බෙලා කොහොමද කියලා අහපු, ගමන් හඳුන්නෙත්ති මතක් කළා, අතුරු අයවැය කතාව වෙලාවේ , ජනාධිපතිතුමා හඳුන්නෙත්තිව උපුටා දක්වමින් කරපු ප්‍රකාශය.

ඒ ප්‍රකාශයෙන් කියවුනේ , රජය කරන්න ඕන ප්‍රතිපත්ති සම්පාදනය විතරයි . රජය ව්‍යාපාර කටයුතු කරන්න ඕන නෑ කියලා .

හඳුන්නෙත්ති ජනාධිපතිට කිව්වේ, " අන්න ඔබතුමා පාර්ලිමේන්තුවේදී මගේ නම කියලා , ඒ ටිකේ මට මීඩියා වලින් ගැලවිල්ලක් නැතිවුණා, මාර අමාරුවක දැම්මේ "කියලා.

සුපුරුදු හිනාව දාලා , ජනාධිපතිතුමා ඊට පස්සේ හඳුන් එක්ක චැට් එක කකන්ටිනිව් කරලා.

එතනදි ජනාධිපති රනිල් කියලා තියෙනවා බිංගිරිය කේන්ද්‍ර කරගෙන කර්මාන්ත පුරයේ වැඩ අවසන් කරලා , ආයෝජකයන් කැඳවන වැඩේ ඉක්මන් කරනවා කියලා . ඒ වගේම ආයෝජකයන් ඉල්ලන්නේ අක්කර 1000 ට වැඩි ඉඩම්, ඒ ප්‍රමාණයට ඉඩම් තියෙන්නේ කුරුණෑගල සහ හම්බන්තොට විතරක් බවත් ජනාධිපති කියලා . ඒ වගේම තමයි ඉදිරි කාලයේ ඉක්මනින් හැදෙන්නේ බස්නාහිර සිට දකුණට ඇති කළාපය බවත් ජනාධිපති රනිල් කියලා .

ඔය වෙලාවේ හඳුන් ඇහුවලු ජනාධිපති ගෙන් දැන් සංචාරක කර්මාන්තය නංවන වැඩේ මොකද කියලා

ජනාධිපති උදාහරණ එක්කලු දුන්නේ . මුලින්ම අරගෙන තියෙන්නේ ගාල්ලේ කොටුවේ පොලිසිය . පොලිසිය වෙන තැනකට යොමුකරලා, ඒ තැන සංචාරක කර්මාන්තයේ වැඩකට ගන්න ඕන කියලා ජනාධිපති කියලා තියෙන්නේ .

ඒ වගේම තමයි , අනුරාධපුර දුම්රිය බංගලා ටික. සුද්දන්ගේ කාලේ හැදුවේ . මේවා සංචාරක කර්මාන්තයේ ආයෝජන වලට දීලා , ඉඩම් රෙන්ට් කරන්න පුළුවන් කියලා ජනාධිපති කිව්වලු.

ඒ විතරක් නෙවෙයි , කොටුවේ ජනාධිපති මන්දිරය තියෙන්නේ . ඒක ආර්ට් ගැලරියක් කරලා, සංචාරක ආකර්ශනය අදින අමුතුම වැඩක් දාන්න පුළුවන් තැනක් කියලා ජනාධිපති කියනකොට හඳුනුත් ඒක අනුමත කරලා . ඒ වගේම තමයි , නාවික හමුදා , ගුවන් හමුදා මූලස්ථානත් යුද හමුදා මූලස්ථානය තියෙන තැනට දාලා , පොලිස් මූලස්ථානය ගුවන් හමුදාවේ දැන් මූලස්ථානය තියෙන තැනට ගේන්නත්, කොළඹ කොටුවේ තියෙන ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි වෙනම සංචාරක ආකර්ශනය අදින කළාපයක් කරන්න ඕන කියලත් ජනාධිපති කිව්වලු.

ආරංචි විදිහට හඳුන් ඒකත් අනුමත කරලා.ඒ විතරක් නෙවෙයි , ජනාධිපති මන්දිරය ආර්ට් ගැලරියක් කරනවා නම්, රොස්මිඩ් බංගලාව වගේ , මුදල් ගෙවලා මිනිසුන්ට නවතින්න දෙන්නත්, ඒ හරහා තවදුරටත් ආදායම් උපයන්න පුළුවන් කියලාත් හඳුන්නෙත්ති යෝජනා කරලා.

සුනිල් හඳුන්නෙත්ති තවත් යෝජනාවක් කරමින් කිව්වලු, ගොඩක් නගරවල තියෙන තැපැල් කන්තෝරු ඉපැරැණි ගොඩනැගිලි වල විශාල ඉඩක් එක්ක තියෙන්නේ . නමුත් දැන් තැපෑල වැඩ කරන විදියට ඒ ගොඩනැගිලි හොඳ රෙපයාර් එකක් දීලා ගත්තොත් ඒවත් සංචාරක ආයෝජන වලට මරු කියලා. ඒ විතරක් නෙවෙයි , සමහර නගරවල තියෙන ටෙලිකොම් එකේ ගොඩනැගිලිත් එහෙමයි කියලා හඳුන් කියලා .

හඳුන්ගේ යෝජනා ගැන සිනාමුසුව පිළිගත්ත ජනාධිපති කිව්වලු, යෝජනා කරා වගේ නෙවෙයි , වැඩ කරනකොටත්, සේරටම විරුද්ධයි ගාන්නේ නැතුව සහය දෙන්න කියලා. විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම ජවිපෙ ලෙසත් ජාජබ ලෙසත් ප්‍රතික්ෂේප කිරීමත් මතක් කරලමලු ජනාධිපති එහෙම කිව්වේ. ඒ වෙලාවේ හඳුන් කිව්වලු, හරි හරි ඔබතුමන්ලා හොඳ දේවල් කරන්න , අපි සහය දෙන්නම් කියලා .

කොහොම හරි ඔය කතා අන්තිමේ , එතන හිටපු පොහොට්ටු මැති ඇමතිලත් කතා වුනාලු, " මාර වැඩක් නේ, ජනාධිපතිගේ යෝජනා වලට හඳුනා එකඟයි . හඳුනගේ යෝජනා වලට ජනාධිපති එකඟයි ", දැන් නම් ටිකක් කැරකැවිල්ලත් වගේ කියලා .

දේශපාලන වාර්තාකරු

එළිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න : ජනාධිපති බ්‍රිතාන්‍යයට !

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි .

මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සැප්තැම්බර් 17 හෝ 18 මහා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතය බවත් වාර්තා වෙයි .

එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළකර තිබිණ .

එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර ඇත .

1952සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනය.

ගොවි ගැටලු යට ගහන : ආණ්ඩුවේ බහිරවයෙක් ගැන ඇමති හෙළිකරයි !

වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ගොවි ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නමුත් ඒ කටයුතු කඩාකප්පල් කරන අයකු ආණ්ඩුවේ සිටින බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (12)කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර අනිද්දා (13)දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව කී අමාත්‍ය මහින්ද අමරවීර එහිදී තමා ගොවි ගැටලු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් එහිදී ද විසඳුමක් නොලැබුණ හොත් ගොවි ගැටලු විසඳීමට කර අරින ආණ්ඩුවේ ප්‍රබලයාගේ නම හෙළි කරන බවත් සඳහන් කළේය.

22 ට පස්සේ කැබිනට් එකත් 30 ක් වෙයි

ඔන්න ඒපාර අලුතින් කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනකු පත් කරන්න තීරණය කරල කියල ආරංචියි.

ඉන් දහ දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඉතිරි දෙදෙනා සෙසු පක්ෂවලින් නම් කිරීමට නියමිතයි කියලයි කියන්නේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනෙක් නම් යෝජනා වෙලා ලු..

ඒත් නාමල් කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ කියල ජනාධිපති රනිල්ට කියලා .

දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමන් , ඒඑල්එම් අතාවුල්ලා සෙසු පක්‍ෂ වලින් යෝජනා වෙලා.

දැනට කැබිනට් ඇමතිවරු 18 දෙනෙක් ඉන්නවා. ඔය කියන විදියට තව 12ක් එකතුවෙනවා.

කොහොම වුනත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියන්නේ 22 ව්‍යවස්ථා සංශෝධනෙට ඉස්සෙල්ල නම් කැබිනට් සංශෝධනයක් කරන්න ජනාධිපති රනිල්ගේ අදහසක් නැහැයි කියලා ...

ළහිරු ඇප මත නිදහස් !

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ.

රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි.

මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදීය .

ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.

කෙසේවෙතත් ලහිරු වීරසේකරගේ ගෙල ප්‍රදේශය සිරකර ඇති බවට ඔහුගේ නීතීඥවරුන් චෝදනා කරන අතර ඒ හේතුවෙන් ඔහුව මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.

ඇඟලුම් ක්ෂේත්‍රය රැකගන්න : ජනාධිපති ලේකම්ගෙන් උපදෙස් !

රටට විශාල ආදායමක් ගෙන දෙන  ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත .

ඇඟලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්ෂිතතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ක්ෂේත්‍රයේ  මතුව ඇති පසුබෑම මගහරවා ගනිමින් එහි උන්නතියට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති ලේකම්වරයා පැහැදිළි කළේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු ක්ෂේත්‍රයේ කටයුතුවලට  බලපා ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.

රට මුහුණදී ඇති  අභියෝගකාරී අවස්ථාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ආරක්ෂා කර ගනිමින් එහි උන්නතියට ගත හැකි සියලු පියවර ගැනීමට කැපවන බවට ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය අංශ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූහ.

මේ සම්බන්ධයෙන් වන කඩිනම් විසඳුම් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැන්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් බව ද පැවසීය.

Page 203 of 386