Image

ජනපති ලාල් විජේනායකට අවසන් ගෞරව දක්වයි!

ජනපති ලාල් විජේනායකට අවසන් ගෞරව දක්වයි!

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර පෞද්ගලික මල්ශාලාව වෙත අද (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ සාමාජිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

එම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න