Image

මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගැනීමට CID නිලධාරීන් ඇය ගේ නිවසට

මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගැනීමට CID නිලධාරීන් ඇය ගේ නිවසට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් අද (අප්‍රේල් 24) ඇය ගේ නිවස වෙත පැමිණ ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇය ගේ නීතිඥවරුන් කළ දැනුම් දීමකට අනුව, CID නිලධාරීන් ඇය පදිංචි ස්ථානයට ම ගොස් මෙලෙස ප්‍රකාශය සටහන් කර ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රකාශය ලබා ගනන්නේ 2023 වසරේ දී හිටපු ජනාධිපතිවරයා සහ මෛත්‍රී වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ය. එම සංචාරයේ දී ඇය බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ (University of Wolverhampton) පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී ඇත.

එම සංචාරය සඳහා රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න