Image

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 36 වන සංවත්සර සැමරුම සහ 'ජාතික පුස්තකාල පර්යේෂණ සම්මානය 2025' ප්‍රදානය කිරීම

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 36 වන සංවත්සර සැමරුම සහ 'ජාතික පුස්තකාල පර්යේෂණ සම්මානය 2025' ප්‍රදානය කිරීම

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විමර්ශන හා පර්යේෂණ පුස්තකාලය වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත හා අප්‍රකාශිත තොරතුරු ඒකරාශි කිරීමත්, ඒ මගින් ජාතියට තොරතුරු සැපයීමත්, 

රටේ පුස්තකාල හා තොරතුරු සේවා සංවර්ධනය කිරීමත් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ ප්‍රධාන අරමුණ වේ. තව ද ශ්‍රී ලංකාවේ ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය ඇතුළු ලෝකයේ වෙනත් රටවල ජාතික පුස්තකාල විසින් ලබාදෙනු ලබන සේවාවන් හා සමගාමී සේවා රැසක් මෙරට තුළ සිදුකරයි. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය 1990 වර්ෂයේ ස්ථාපිත කර ඇති අතර, මෙම වසරේ දී එහි 36 වන සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 36 වන සංවත්සර සැමරුම් උත්සවය  ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  ප්‍රින්ස් සේනාධීර ගේ සහභාගිත්වයෙන් 2026.04.28 දින පෙ.ව. 9.00 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම සාංවත්සරික උත්සවයේ මුඛ්‍ය දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක විසින් පවත්වනු ලැබේ.

 තවද, පුස්තකාල හා තොරතුරු විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂකයින්, විවිධ උපාධි අපේක්ෂකයින් සහ වෘත්තිකයින් විසින් පසුගිය වසර 03 (2023-2025) තුළ පුස්තකාල හා තොරතුරු විද්‍යා ක්ෂේත්‍රය සඳහා ලබා දී ඇති පර්යේෂණ සහ නවෝත්පාදන දායකත්වයන් ඇගයීම සඳහා පිරිනමනු ලබන ජාතික පුස්තකාල පර්යේෂණ සම්මානය - 2025,  ප්‍රදානය ද මෙදින සිදු කිරීමට නියමිත ය.

liby

p

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න