පුවත්

කොවිඩ් 19 නව උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් !
කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN1 හේතුවෙන් මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .
සංවෘත වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම විශාල ලෙස අවම කර ගත හැකි බව ද එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.
එසේම අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝගවලින් පෙලෙන්නන්, ගර්භනී මවුවරුන් ශ්වසන රෝගවලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින් ඔවුන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බවත් නිවේදනයේ සඳහන් ය.

යුක්තිය මෙහෙයුම ගැන පොලිසිය තීන්දුවක් අරගෙන !
යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළ යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන ආකාරයට නත්තල් සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් ආරක්ෂක සහ රථ වාහන කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මෙහෙයුම් යම් ප්‍රමාණයක අඩුවීමක් පවතී.
ඒ හැර යුක්තිය මෙහෙයුම නවතා දමා නොමැති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ලබාදෙන තොරතුරු අනුව ක්‍රියාත්මක වන බව ද ඔහු පවසයි .
මෙහෙයුම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් පදිංචි ස්ථානය වෙනස් කර ජාවාරම්වල නිරත වන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කර සිටියි .

ශ්‍රී ලංකන්ට නව ගුවන් යානයක්
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය මෙහෙයුම් කටයුතු සඳහා නව ගුවන් යානයක් එක්කර තිබේ.
එයාර් බෙල්ජියම් සමාගමෙන් බදු දී ඇති නව එයාර්බස් ඒ 330-200 යානය මෙසේ මෙහෙයුම් කටයුතු සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වෙයි.
ආසන 262 කින් යුත් මෙම ගුවන් යානය දෙසැම්බර් 29 වනදා සිට ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි වෙත පියාසර කිරීමට නියමිතය.

අභියෝග හඳුනාගෙන එක්ව ජයගමු : ජනපතිගේ නත්තල් පණිවිඩය !
අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක නත්තල සමරන අතර රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දිනය නිමිත්තෙන් සිය සුබ පැතුම් පණිවිඩය නිකුත්කරමින් පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත්කළ සම්පූර්ණ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය පහත දැක්වෙයි .
නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.
දිළිඳුන් සමග වේලක් වළඳන්න’’ යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු වෙමු.
සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියළු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි.
නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බව මගේ හැඟීමයි.
අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ආරාධනා කරමින් ලෝකවාසී සැමට සාමය, සතුට සපිරි සුබ නත්තලකට සුභාශිංසන එක් කරමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

මහල් නිවාසවල හිමිකාරීත්වයත් සින්නක්කර ඔප්පු මගින් දෙන්න - සාගල
රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සින්නක්කර ඔප්පු මගින් ජනතාවට රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය පැවරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි 2024 වසර තුළදී නිවාස 8351 කට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු, ඉදිරිපත් කර ඇති නිෂ්කාශන සහ සහතිකවලට අදාළ ගැටළු, ඇපකර ගැටළු මෙන්ම ඇතැම් නිර්දේශ ලබා ගැනීම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. කේ රණවීර, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ජේ. එම්. බද්‍රානි ජයවර්ධන , සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක යන මහත්ම මහත්මීන් සහ රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අසිරිමත් නන්තල අදයි
ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති.
‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි.
සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙකි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මව මරියතුමිය වන අතර පියා ජුසේතුමා වෙති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ආසන්නව තිබියදී මරියතුමිය සහ ජුසේතුමා ජන සංඝණයක් සඳහා බෙත්ලෙහෙම් නුවරට යෑමට සිදුවූහ.
ජුසේතුමාගේ උපන් ගම වන බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ උපත වූ රාත්‍රීය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයාගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගව ලෙනක නවාතැන් ගත් අතර ඒ හේතුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගව ලෙන තුළ සිදුවිය.
දාවිත් රජුගේ පරපුරෙන් පැවත එන ජුසේ නැමැති පුද්ගලයෙක් සහ මරියතුමිය විවාහව සිටි නමුත් ජේසුස්තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත් එතුමාගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බව ක්‍රිතු දහමේ සඳහන් වේ.
නත්තල් දා උපන් සාමයේ කුමරුවෝ ජීවිතය සාමය, සංහිඳියාව, සාධාරණත්වය සහ මානව හිතසුව පිණිස කැප කරමින් වංචාව, දූෂණය සහ බලලෝභයට එරෙහිව අභිතව නැගී සිටීමෙන් කරුසයේ ඇණ ගසා මරණයට පත්කිරීමෙන් පසුව තෙදිනකින් උත්ථානය ලබා සකල මානව වර්ගයාට විමුක්තිය ළගාකර දුන් බව කිතු දහමේ කියවේ.
එකළ ලෝකයේ පාපක්‍රියා නවතා යහපත් ජීවිත ගතකරන මිනිස් සමාජයක් නිර්මාණය කිරීම මෙම අසාමාන්‍ය උපතේ අභිප්‍රාය බවත් එවන් වටිනා අභිප්‍රායකින් යුතුව වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත අනුස්මරණය කිරීම කිතුනු බැතිමතුන් නත්තල් උත්සවය වේ. පෘතුගීසි වචනයක් වන ‘නතාල්’ යන වචනයෙන් නිර්මාණය වූ ‘නත්තල’ යන වචනයෙන් ‘උපත’ යන්න අර්ථගන්වයි.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත අසාමාන්‍ය සුවිශේෂී උපතක් ලෙස ලෝක වාසී කිතුනු බැතිමත්හූ සළකති.
ක්‍රිස්යානු භක්තිකයෝ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයානන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යැයි විශ්වාස කරන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස් වෙසින් මෙලොවට පැමිණීමේ අරමුණ මිනිසා පාපය නම් වූ දුකෙන් මුදවා මිනිසාට වරප්‍රසාද නම් වූ සාදාකල් පවතින සතුටදීම යැයි ඔවුහූ විශ්වාස කරති.
ඒ අනුව නත්තල බෙදාගැනීමේ මංගල්‍යයක් වීමත් සමඟ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමඟ ලෝකවාසී ජනතාවට බෙදාගැනීමේ ප්‍රීතිවන්ට මූලිකත්වය දෙති.
ගුණගරුක බව, දයාව, කරුණාවන්ත බව, ඉවසිීම සහ සමාවදීම වැනි වටිනා ගුණාංග සමඟින් ප්‍රීතිවීම ක්‍රිස්තු භක්තියෝ පරම්පරාවෙන් පවත්වාගෙන එති.
‘නත්තල’ කිතුනු භතිමතුන්ගේ උත්සවයක් ලෙස අඛණ්ඩව සැමරීමත් සමඟ ගවලෙන, නත්තල් ගස, නත්තල් ආසිරිපත්, වල්ගා තුරුව සහ නත්තල් ගීතිකා ආදි සැමරුම් අංග රැසක් එකතු විය. ශ්‍රී ලාංකික කිතුනු භක්තිකයෝ ද නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරමින් ඊයේ (24) මාධ්‍යම රාත්‍රීයේ නත්තල් දේවමෙහෙයවලට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නත්තල් දේවමෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේදී පැවැත්විණි.
මැක්ස්වල් සිල්වා රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් නත්තල් මැදියම් රැයේ දේවමෙහෙය පිටිපන දූව දේවමෑණියන්ගේ දේවස්ථානයේදී ද, ජේ. ඩි. ඇන්තනි ජයකොඩි රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් රාගම කුරුකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේදී සහ ඇන්ටන් රංජිත් රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් මෝදර ගර්භවාස දේවස්ථානයේදී නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්විණි.
මෙම දේවමෙහයන්ට සමගාමීව කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, රාගම බැසිලිකා සහ මීගමුව ශාන්ත මරියා යන ප්‍රධාන දේවස්ථාන ඇතුළුව රට පුරා සියලුම දේවස්ථානවල දේවමෙහෙය පැවැත්විණි.
දේවස්ථානවලට ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 දුරකථන අංකයට කතා කරන්න
අසිරිමත් නත්තල සැමරෙන අද (25) දිනයේත් දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, මෙලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 යන විශේෂ අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දීමක් සිදුකළ හැකි බවය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කළේය.
ඊට අමතරව බීමත් රියදුරන් සහ සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරම් සිදුකරන පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කතරගම දේවාලයේ ලොකු කපුවා අතුරුදන්?
රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපුවා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඔහුගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු පෙරේදා (23) පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.
තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අඹුසැමි යුවළ පවුලේ සමීපතමයන් බවද පැමිණිල්ලේ සඳහන් වේ.
තම පියා එම දෙදෙනාගේ නිවෙසට ඉකුත් 8 වැනිදා ගිය පසු මෙසේ අතුරුදන්ව සිටින බව ද දරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත.
මෙම අඹුසැමි යුවළගෙන් තම පියා ගැන විමසුවත් ඔවුන් දෙදෙනා ඊට පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද ඔවුන් පවසා ඇත.
පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඔවුන්ගේ දරුවකුට ඇති වී ඇතැයි කියන අපලයක් දුරුකිරීම සඳහා රුහුණු කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක් පමණ බර රන් තැටියක් නැතිවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
රන් තැටිය නැතිවීම සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න විසින් රත්නායකට එරෙහිව 2021 වසරේදී එවක සිටි පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබිණි.
lankadeepa.lk

හෙට සිරකරුවන් 1004 දෙනෙකුට නත්තල් සමාවක්
නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 1,004 දෙනෙකුට ජනපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.
කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 989 දෙනෙකු ඒ අතරට ඇතුළත් ය.
බන්ධනාගාර ගතව හෙට දිනට සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලැබීම, දඩ මුදල් නොගෙවීම මත හෙට දින වන විට සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීම, නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෙට දිනය වන විට ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා තිබීම සිරකරුවන්ට මෙම සමාව හිමිවන බවත් වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඇති හෙට දිනට එම දඩුවමින් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඊට අමතරව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති විට ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමේ කාලය ආහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි පොදු සමාව ලබාදෙන රැඳවියන්ට හෙට නිදහස හිමිවනු ඇත.
එසේ නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහත පරිදි වේ.

සති අන්තයේ විදුලි කප්පාදුව එපා : ඇමති දන්වයි !
උත්සව සමය හේතුවෙන් ලබන සති අන්තයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් හදිසි නොවන නඩත්තු කටයුතුවලට විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .
විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පියවර ගතයුතු බවත් නඩත්තු කටයුතු බව පවසමින් නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන්නේ යැයි ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවදානය යොමු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
සති අන්තවල අනවශ්‍ය ලෙස කරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුව ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර වැඩි දුරටත් පෙන්වා දෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇත.
ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට පැමිණියේය.
‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ත්‍රාසජනක යතුරුපැදි ධාවනයක යෙදෙමින් ප්‍රේක්‍ෂක අවදානය දිනාගත් ඒ මහතා ‘මරුවා සමග වාසේ’ ‘සීමන් අප්පු’ සහ ‘සිහසුන’ ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් ද ඇතුළුව චිත්‍රපට 150 කට ආසන්න රංගනයෙන් දායක විය.
ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති රෙක්ස් කොඩිප්පිලි කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්‍රවිය.

මහනුවරින් කොරෝනා මරණයක් : කොරෝනා යළිත් හිස එසවීමේ අවදානමක් !
මහනුවර ජාතික රෝහලෙන් කොරෝන මරණයක් වාර්තා වෙයි.
ගම්පොල, උලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව රෝහල් වාර්තා සදහන් කරයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා ඉකුත් දා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ඔහුව මහනුවර රෝහල වෙත මාරු කර එවා ඇති අතර, එහිදී එම පුද්ගලයා මියගොස් ඇත.
අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
එලෙස මියගිය පුද්ගලයාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක් තිබී ඇති බවත්, ඔහු නිව්මෝනියා තත්ත්වයෙන් පීඩා විඳ ඇති බවත් වෛද්‍යවරුන් පවසනව බව ද රෝහල් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

රාජ්‍ය සේවයේ නිවාඩු අඩු වෙයි !
රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර ඇත.
එහිදී අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද යෝජනා ඉදිරිපත්වී තිබේ.
ඒ අනුව, විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදම මෙන් 11.4%ක් බව පෙන්වා දෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායකවිය යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා ඇති බව සඳහන්ය.
ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජනා 45ක් ඉදිරිපත් කර ඇති බව විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කළේය.
මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විශ්‍රාමික ප්‍රජාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අපේක්ෂිත සහනයන් පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කර තිබේ.
පොලීසිය සහ යුද හමුදා රණවිරු සංගමය ඇතුළු කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව සඳහන්ය.
daderana.lk

ආණ්ඩුව IMF රූකඩයක් : ටිල්වින්ගෙන් චෝදනාවක් !
රට තුළ මතු වූ අර්බුදයේදී ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතූ නිසා දැන් එහි රූකඩයක් බවට පත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි .
අද වන විට ආණ්ඩුවේ වර්තමාන වියදම් පියවා ගැනීමට මුල්‍ය අරමුදල විසින් ලැබෙන මුදලින් නොගෙවන ලෙස දැනුම්දී තිබෙන බවත් ආණ්ඩුව වියදම් සොයා ගැනීමට ක්‍රමවේදයක් නැතිව බදු වැඩි කර ගැනීමට කටයුතු කර ඇති බවත් ඔහු පවසයි .
ආණ්ඩුව අදවන විට වැට් බද්ද 18% තෙක් ඉහළත් දැමීමෙන් ජනතාව තවත් අසීරු තාවයට පත්ව ඇති බවද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි.
මෙතෙක් කල් වැට් බද්ද අය නොකල භාණ්ඩ වර්ග අනූ හතකට අය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ හරහා ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක්ව ඇති බවත් සඳහන් කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ පවතින අර්බුදයෙන් රට ගොඩ දැමීමට තම පාලනයක් යටතේ හැකියාව ඇති බවයි .
එහෙත් ඒ කෙසේද යන්න නොපැවැත්වීමටත් ඔහු ප්‍රවේසම් වෙයි.

හදවතේ ගායක චාමරට නියුමෝනියාව : තවමත් ICU !
කළුබොවිල ශික්ෂණ රෝහලේ දැඩි සිත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ තවත් කලක් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.
ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.
ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
කළුබෝවල රෝහලේ දැඩි සත්කාර ඒකකයට චාමර වීරසිංහ ඇතුළත් කර තිබුණේ පසුගිය 17 වනදා ය.

25 සහ 26 බොන්න නෑ !
එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.
නත්තල් දිනය සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත්කර ඇති නමුත් සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත .
මේ අතර 2023 දෙසැම්බර් මස 26 වන අඟහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට නියෝග කර තිබේ.
එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත්වෙන බවත් වාර්තා වෙයි .

යුක්තිය දින තුනකට නවතී!
මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ පාතාල කණ්ඩායම් ඉලක්ක කර රට පුරා ක්‍රියාත්මක "යුක්තිය" පොලිස් මෙහෙයුම දෙසැම්බර් 25, 26 සහ 27 යන දින තුන තුළ තවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි .
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ "යුක්තිය" මෙහෙයුම මෙසේ නතර කරුණු ලබන්නේ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති නිසා බවයි.
ඉන් පසුව යුක්තිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට නියමිතය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මෙසේද පැවසීය .
"රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ... පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරියේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා."

ඉන්ධන හල් වෙත විශේෂ දැනුම්දීමක් !
එළැඹෙන උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී ඇති බව වාර්තා වෙයි .
ඊට අනුව සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.
මේ සමග අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලු ඉන්ධනහල් කටයුතු කළයුතු බවයි .

ඉටුකම ඉවරයි : ජනතාව පරිස්සමෙන් !
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුව (Home Page) මත ඉදිරිපත් කරමින් 2022. 10. 28 වන දින සිට බල පැවැත්වෙන පරිදි එම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය නිම කරනු ලැබීය. ඊට අදාළව පළ කරන ලද දැන්වීම් හා මුදල් පිළිබඳ විස්තරයක් පමණක් මේ වන විට එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය වේ.
මේ වන විට මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන බැවින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇත. එබැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දී සිටී.
Page 131 of 473