ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත 'කාල ගැඹර' නමැති අභිනව කාව්‍ය සංග්‍රහය සහ 'චෙරි කැටේ සහ පීච් ඇටේ' නාට්‍ය පිටපතපෙබරවාරි 09වන දා සවස 03.00ට නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සේවා ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස් විසිනි; කවි ගායනය සහ කවි කියවීම සිදු කරනු ලබන්නේ කථිකාචාර්ය ඉන්දිකා උපමාලි සහ ආචාර්ය රංජන සේනාසිංහ විසිනි.
උත්සවය සංවිධානය කරනු ලබන්නේ විදර්ශන ප්‍රකාශන ආයතනය යි.
සැමට විවෘත ආරාධනා...!


