හදිසි නීතිය පැනෙව්වෙ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන නිසා - අමාත්‍ය විජිත හේරත්

හදිසි නීතිය පැනෙව්වෙ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන නිසා - අමාත්‍ය විජිත හේරත්

හදිසි නීතිය පැනවූයේ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන බැවින් යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසී ය.

හෙතෙම මෙම අදහස් පළ කළේ අද (06) හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව විවාදයට එක්වෙමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

''අපි හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, භාවිත කරන්නෙ නෑ. අපි පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ජනතාවාදී පනතක් ගෙන්න මහජන අදහස් සඳහා විවෘත කර තිබෙනවා. හදිසි නීතිය පැනවීම නිසා සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හේතුවෙන් පහුගිය දෙසැම්බර් සහ ජනවාරි මාස ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි මාස බවට පත් කරන්න අපිට හැකි වුණා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න