වසර තුනක් ඇතුළත විදුලි බිල 30%ක් අඩු කරනවා - බලශක්ති අමාත්‍යවරයා

වසර තුනක් ඇතුළත විදුලි බිල 30%ක් අඩු කරනවා - බලශක්ති අමාත්‍යවරයා

තම රජය පොරොන්දු වූ ආකාරයට ම වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකිරීමට කටයුතු කරන්නේ යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා...

“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගාණට අරන් අඩු ගාණට විකුණන එක, මිලදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැලසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා.

ඒ වගේ ම විදුලි ජනනය ධාරිතාවය වැඩි කිරීම සඳහා, දිගුකාලීන ජනන සැලැස්මට අනුව පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික පද්ධතියට අවශෝෂණය කිරීම, ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධතිය පුළුල් කිරීම, පුනර්ජනනීය බලශක්ති ගබඩාකරණ පද්ධති හඳුන්වා දීම, ඉදිරියේදී කල් ඉකුත්වන බලාගාර වෙනුවෙන් සහ අනාගත ඉල්ලුම සැපයීම සඳහා තාප බලාගාර හා ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාර ඉදිකිරීම, මෙන්ම දැනට ක්‍රියාත්මක ජල විදුලිබලාගාරවල ධාරිතාවය වර්ධනය කිරීම ආදී පියවර ගැනීමට නියමිත බවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.''

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න