2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.


