මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පසුගිය 18 වැනිදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙම බඳවා ගැනීම් හරහා ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු බොහොමයක් විසඳෙනු ඇතැයි පැවසූ අගමැතිවරිය, විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙම පිරිස බඳවා ගන්නා බව ද සඳහන් කළාය.
මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනවිරත්න යන අය සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

