V2025

පුවත්

ICC ප්‍රධානියා සහ අමාත්‍ය හරීන් අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  අතර හමුවක් අද පැවැත්විය.

නිවේදනයක් නිකුත් කරමින් යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි හමුවක් බවට එය පත්වූ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩිස් ශ්‍රී ලංකාවට පැමිණියේ අද පෙරවරුවේ ය.

මේ අතර, ජෙෆ් ඇලඩිස්  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතර හමුවක්ද අද සවස සිදුවීමට නියමිත බවද අදාල නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

ඈන් කුමරිය දිවයිනට

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (10) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය .

ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබූ අතර අද පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

එතුමිය සමග ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අලි සබ්‍රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව හරිස්චන්ද්‍ර , නිවුස්ටෙඩ් බාළිකා , විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල් වල කුඩා සිසුන් පිරිසක් සහ උඩරට – පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත පැමිණ සිටියහ .

ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ ( Golden Book ) හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සම්ප්‍රාප්ත වූවාය .

එහිදී පැවැත් වූ තේ පැන් සංග්‍රහයකින් පසු විශේෂ රිය පෙරහැරකින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ඇගලුම් කම්හලක් නිරීක්ෂණයට ද පැමිණියාය .

පොන්නම්බලම් අරුණාචලම් ගේ “ලාංකීය” සංකල්පය  “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට කැපවෙනවා !

නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්  ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමිනි.

ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි.

මල් කළඹක් තැන්පත් කර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා අනතුරුව අරුනාචලම් පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතා බහකටද එක් විය.

පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල, දෙමළ හෝ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් ද සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එක් කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගි සිටීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය ඩී. එම් ස්වාමීනාදන් මහතා සහ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240109 WA0009

IMG 20240109 WA0010

සජිත් ආයෙත් මොළේ තරම පෙන්වයි !

හූති කැරලිකරුවන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය.

රට බංකොලොත්වී ඇති අවස්ථාවක මෙසේ කටයුතු කිරීම වැරදි බව පවසමින් විපක්ෂ නායක මෙසේ පැවසුවේ අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින්ය .

මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්‍ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් මෙහිදී ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේ පැවසීය .

අපි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධයි. අපිට ගෝලීය වගකීම ඉෂ්ට කරන්න වෙනවා. ඉන්දියාව හඳට රොකට් එකක් ඇරියේ මිලියන 800 ක් දුප්පතුන් ඉන්න වෙලාවක. නමුත් ඒ රටේ මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැහැ. සමුද්‍රි ආරක්ෂාව ගැන අපි වගකියන්න ඕන. දැනටමත් අපි ගැඹුරු මුහුදේ ආරක්ෂක කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායක ගේ ජාත්‍යන්තර සම්බන්ධතා මෙන්ම ඒ තුළ මෙරට අත්පත් කරගත යුතු භූමිකාව පිළිබඳව මෙලෝ හසරක් නොමැතිව මෙවැනි ප්‍රකාශ සිදුකරන බවක් පෙන්නුම් කරන බවය.

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ගේ භූමිකාව කොතරම් පිරිහීමකට ලක්ව ඇති බව තේරුම් ගැනීමට ඔහුගේ මේ ප්‍රකාශය පමණක් වුවත් සෑහෙන බවත් , විපක්ෂ නායකට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනප්‍රිය දේශපාලන විවේචන එල්ල කරමින් සිටීම පමණක් බවත් විචාරකයන් පෙන්වා දෙයි.

දිලිත් සමග විවාදය අනුර ප්‍රතිකේෂ්ප කරයි !

සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර විසින් කරන ලද අභියෝගය ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර සිටියේ ය.

ඒ විද්‍යුත් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවයි.

එනිසා ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද මන්ත්‍රීවරයා පැවසීය .

හොඳටම ගලලා : යාලේ ප්‍රධාන පිවිසුම වහලා !

යාල ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම අද (09) සිට දින නියමයක් නැතිව වසා ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පවතින අධික වැසි තත්වයත් සමඟ යාල වනෝද්‍යානය අද පෙරවරුවේ සිට ජලයෙන් යටවී ඇති අතර ඒ අනුව පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත .

යාල වනෝද්‍යාලයේ ප්‍රධන පිවිසුමට පැමිණෙන සියලු මාර්ගය ජලයෙන් යටවී ඇති අතර උද්‍යානය තුළ මාර්ගවලින් අඩක් මේ වන විට ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වෙයි .

එසේම මේ වන විට උද්‍යානය තුළ ඇති සංචාරක නිකේතන 06ක් වසා දමා ඇති බවද සංචාරක නිකේතන දෙකක කොටු වී සිටි සංචාරකයින් පිරිසක් අද පෙරවරුවේදී ආරක්ෂිතව රැගෙන ආ බවද වාර්තා වෙයි .

කෙසේ වුවත් කටගමුව හා ගල්ගේ පිවිසුම් දෙක තවමත් විවෘත කොට තිබෙන බවත් වාර්තා වෙයි .

එමෙන්ම කිරින්ද දෙස සිට යාල උද්‍යානයට පිවිසෙන මාර්ගය මෙන්ම උද්‍යානයට පිවිසෙන යෝදකන්ඩිය හරහා සිතුල්පව්ව මාර්ගයද ජලයෙන් යටවී ඇති බවත් දැනගන්නට ඇත .

දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර 

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.

දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මෙසේද පැවසීය.

රටට අවශ්‍ය දියර කිරි ප්‍රමාණයෙන් අප ස්වයංපෝෂිත නැහැ. ජාතික අවශ්‍යතාවයෙන් 40%ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 60% ක ප්‍රමාණය ආනයනය සදහා රුපියල් බිලියන 34කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට අපට සිදුව තිබෙනවා. වසරකට අපට කිරි ලීටර් මිලියන හත්සිය පනහක් අවශ්‍ය වුවත් අප විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ, ලිටර් මිලියන 350ක් පමණයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රංශ ආධාර සහිතව කර්මාන්ත ශාලා 06 ක් ආරම්භ කළා. වාරියපොල, වෙන්නප්පුව, අත්තනගල්ල, කොළඹ සහ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි නිෂ්පාදනාගාරයක් විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් උපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීම සදහා රුපියල් ලක්ෂ 600ක ආධාර ප්‍රංශ රජය මගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් සඳහා නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය රුපියල් මිලියන 60 ක් වැය කළා. මෙම කර්මාන්ත ශාලාව මගින් දිනකට කිරි ලීටර් 5000ක් පරිභෝජනය සදහා නිකුත් කෙරෙනවා.

ඒ වගේම යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශවල මෙවැනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සදහා ප්‍රංශ රජය දැනුවත් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ද මිලියන 250ක් වෙන් කර තිබෙනවා. විශේෂයෙන් එළු කර්මාන්තය දියුණු කිරීම සදහා මිලියන 200 ක් ලබා දී තිබෙනවා.

ඒ වගේම තීරුබදු සහන සහිතව විදෙස් රටවලින් ගෙන එන සත්ත්ව ආහාර සාධාරණ මිලට ගොවියාට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුට උපදෙස් ලබා දී තිබෙනවා.

සත්‍ය කොමිසමේ පනත සම්මතයි !

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (9) වැඩි ඡන්ද 41 කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 48 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 7ක් පමණි.

ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

වඩාත් විශේෂ සිදුවීම වූයේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

එහිදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පනත් කෙටුම්පතට ඡන්දයක් අවශ්‍ය බව මුලසුනට දැන්වු අතර ඡන්ද විමසීම සිදුකෙරුණේ ඒ අනුවය.

මුතු මැණික් මාලිමාවට : ගලි බවුසරයේ කුණු සජිත්‍ට - ජවිපෙ නලින් හේවගේ

ජාතික ජන බලවේගයට මුතු මැණික් කැට දුසිම් ගණන් එකතු වෙන විට විපක්ෂ නායකවරයා ගලි බවුසරයෙන් කුණුගොඩවල් බාගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ය.

පාලකයන් මැතිවරණයක් කිට්ටු වන විට විදුලි ගාස්තු අඩු කිරීමට සූදානම් වන බවත් ඉන් පසුව ටකරන්, සිල්රෙදි, අරක්කු බෙදණු ඇති බවත් ජනතාවද ඊට රැවටී ඡන්දය ලබාදෙනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

කෙසේ නමුත් එම පොත අයිති අතීතයට බවත් අනාගතයට එය අයිති වන්නට ඉඩ නොතබන බවත් ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාවකට චීනයෙන් දැනුම

චීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Shenhong) අද (09) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී චීන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සුබපැතුම් පත්‍රය භාර දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කරතා මඟහරවා ගැනීමට ඇති හැකියාව දැකීමට සතුටු වන බව පැවසූ තානාපතිවරයා අතර කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමටද සහතික විය.

ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමේ වැඩසටහනක් චීනය විසින් ආරම්භ කරන බවත් එය ඉදිරි යල කන්නයේදී දියත් කරන බවත් චීන තානාපතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක  සහ චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධුරය ජලනි ගේ මසීට : චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීම ගැන සෝචනීය පුවතක් !

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (09) තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඊට හේතුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීමක් බව වාර්තා වෙයි .

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ අතර තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දුන් බවද පැවසීය .

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවයි .

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ බිරිඳ ගේ මස්සිනා වන නයන වාසල තිලක හට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම වෙනුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තා වන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සිදුවීම මෙසේය

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිත සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ වියදම් පාර්ශ්වය නයන වාසල තිලක බාරගෙන ඇති අතර ඒ වෙනුවෙන් වන කොන්දේසියක් ලෙස තමන්ට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය බවට නායකත්වය දැනුවත් කර ඇත .

ඒ අනුව චමින්ද විජේසිරි ට පසුව බදුල්ල දිස්ත්‍රික්කයේ සජබ මනාප ලයිස්තුව තුළ ඊළඟ වෙන්ඩ මන්ත්‍රී ලෙස නයන සිටින බැවින් සජබ නායක සජිත් ගේ ඉල්ලීම අනුව චමින්ද විජේසිරි සිය මන්ත්‍රී ධූරයට සමුදී ඇත.

කෙසේ වුවත් මේ වන විට එය මුදල් ගනුදෙනුවක් තුළ සිදුවූවක් බවටද ප්‍රචාරයක් යමින් ඇති නමුත් අප ඒ ගැන විමසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් සාර්ථක වූයේ නැත.

මේ අතර නයන වාසල තිලක සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අනුව ඔහු LPL ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වෙයි. එසේම ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර කටයුතු සිදුකර ඇති අතර එහිදී මැච් ෆික්සින් චෝදනා ඇති බවටද මාධ්‍ය වාර්තා පළවී ඇත.

මේ සම්බන්ධයෙන් චැතම් ස්ට්‍රීට් ජර්නල් youtube නාලිකාවේ පළවූ වීඩියෝව පහත දැක්වෙයි .

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් !

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිව ඇත .

වි.වි ආචාර්යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දීමනාවල සුපිරි වැඩිවීමක් !

වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර තිබේ .

මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව සියයට 25කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු වීමට නියමිතය.

රට ගොඩනගන අභියෝගය ඕන වෙලාවක බාරගන්න සූදානම් - නාමල්

තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බවත් පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාව භාරගැනීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරන බව පැවසුවත් නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්‍ෂය පොදුජන පෙරමුණ පමණක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

පොදුජන පෙරමුණෙන් ගැලවෙච්ච අය වෙනත් දේශපාලන පක්‍ෂ ලෙස සන්ධාගතව සිටි අය බවත් ඔවුන් මේ වන විට වෙනත් බලවේග සමඟ එකතුව සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය .

ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා තම කඳවුරේ සිටිය යුතු නායකයෙක් යැයි පෞද්ගලිකව විශ්වාස කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ බලයට ගේන්න අලහප්පෙරුම මහතා විශාල බලවේගයක් නිර්මාණය කළ කෙනෙක් බවත් මන්ත්‍රීවරයා පැවසීය .

එසේම ජී. එල්. පීරිස් මැතිතුමා සමඟත් සාකච්ඡා කරන්න සූදානම් වුවද ඒ මහතා මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු සිටින නිසා ඒ පිළිබඳව අනාගතයේ තීරණය කළ යුතු බවත් තමන් අවුරුදු 23 දී දේශපාලනයට එන විට ගොඩක් උපදෙස් දුන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

ලේසි නෑ : මිහින්තලේ හාමුදුරුවොත් වෙන්ඩ ජනාධිපති සටනට !

රටේ තිබෙන දේශපාලන පක්ෂවලට පැවැත්මක් හෝ දැක්මක් නැහැ. එබැවින් ඉදිරියේදී එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යටතේ රට පවත්වාගෙන යෑමට කටයුතු කරන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ.

“රට හදන මග යළි අරඹමු මිහින්තලාවෙන්“ වැඩසටහන ආරම්භ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන රැසක සාමාජිකයන් මිහින්තලයට පැමිණ සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමි කියා සිටියේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට සේම ජනාධිපතිවරණයට ද සූදානම් බවයි.

“එක දේශපාලන පක්ෂයකින්, එක ලකුණකින් ලංකාව පුරා විවිධ වෘත්තිකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදු කරන්නේ නැහැ. දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිටත් මා ඇතුළු පිරිසට පූජා කර තිබෙනවා. ජලය,විදුලිය සහ බදු යන සියලු කාරණාවලට අප ළඟ විසඳුම් තිබෙනවා. උද්ධච්ච දරදඬු පාලකයන්ට තවදුරටත් රැඳෙන්නට ඉඩදිය නොහැකියි. එම සියලු දෙනාම “ගෝ හෝම්“ නොව “ගෝ ජේල්“ විය යුතුයි. හොරකම් කළ දේශපාලකයන් සියලු දෙනාම සිරගත කරනවා. ඒවාගේම දේශපාලනඥයන් දේපොළ සොයාගත් ආකාරය රටට අනාවරණය කළයුතු“ යැයි ද උන්වහන්සේ පැවසූහ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසනරතන හිමියන් මෙහි දී කියා සිටියේ රට හැදීමේ මග මීට වසර 2332 කට පෙර මිහින්තලාවෙන් ආරම්භ කළා සේ එය නැවත ආරම්භ කරනු ලබන්නේ ද මිහින්තලාවෙන්ම බවය.

“මිහින්තලා ඓතිහාසික පුදබිමේ වැඩ අකර්මන්‍ය කිරීම පිළිබඳ දිගින් දිගටම සිවිල් සංවිධාන, උගත් බුද්ධිමත් වියතුන් සෑම කෙනෙක්ම පාහේ කතා බහට ලක්කරන කාරණාවක්. මිහින්තලේ පුදබිමේ ආරක්ෂාව පිළිබඳව අද ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා. බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගකීම මෙරට පාලකයන්ට පැවරී තිබෙනවා. ඒත් රටේ පාලකයන් එය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව පේනවා. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයට තක්කඩි බටහිර ගැති දේශපාලන සංස්කෘතිය පත්වෙලා. ජාතිකවාදී සිංහල බෞද්ධයාට පහර ගසමින් රට පාලනය කිරීමට කිසිසේත්ම නොහැකි “ යැයි ද උන්වහන්සේ පැවසූහ.

– Aruna

ෂෙයික් හසීනාගේ ජයග්‍රහණයට ජනපති රනිල් සුබ පතයි !

බංග්ලාදේශයේ පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ ෂෙයික් හසීනා මහත්මිය මෙතෙක් බංග්ලාදේශ ජනතාවට ලබා දුන් දක්ෂ හා දූරදර්ශී නායකත්වය මෙම විශිෂ්ඨ ජයග්‍රහණයට ඉවහල් වූ බවයි.

ෂෙයික් හසීනා මහත්මියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේ දී එම සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කර තිබේ.

හැකි විගස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ෂෙයික් හසීනා මහත්මිය වෙත ඇරයුම් කර ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගනිමින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට එම සංචාරය ඉවහල් වනු ඇති බවත් සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය සමයේ ෂෙයික් හසීනා මහත්මියගේ පෞද්ගලික මැදිහත්වීම මත බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහාය පිළිබඳව ද සිහිපත් කර ඇති ජනාධිපතිවරයා ෂෙයික් හසීනා මහත්මිය ශ්‍රී ලංකාව සහ ජනතාව කෙරෙහි දක්වන ලැදියාව සහ හිතෛෂීභාවයද කෘතවේදීව අගය කර තිබේ.

බංග්ලාදේශ ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය වෙත නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය හෘදයාංගම ශුභාශිංසන පළ කර ඇත.

සජිත් අධිකරණයට !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

ඒ දැනට අයකරන විදුලි ගාස්තු අඩු නොකිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමිනි.

ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල අමාත්‍යවරයා හා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම පක්ෂ අභ්‍යන්තරයේ කතා බහක් මතුව ඇත්තේ , පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු හෝ බහුජන සංවිධාන නියෝජිතයකු යොමුකර සිදුකළ යුතු කටයුත්තක් සඳහා විපක්ෂ නායක ඉදිරිපත්ව සිදුකිරීම ය. ඒ සම්බන්ධයෙන් ඇතමුන්ගේ මතය වී ඇත්තේ තම නායකයා දිගින් දිගටම one man show හැසිරීමක නිරතව සිටින බවයි.

පාර්ලිමේන්තු අවස්ථාවේ පවා විපක්ෂ නායක ලෙස සජිත් අනෙක් විපක්ෂ මන්ත්‍රීවරුන් ට අදහස් දැක්වීමට ඇති කාලය වෙන්කර ගනිමින් කටයුතු කිරීම ද ඔවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

අනුර කුමාර මහත්තයෝ එන්න ප්‍රසිද්ධ සංවාදයකට - දිලිත් ජයවීරගෙන් අභියෝගයක් !

ජනතාවට යහපත්, අහයපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත් එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

 ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවති මහනුවර දිස්තික්‍රක් සමුලුව අමතමින්ය.

 "එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහැ . ඒ විරෝධතා ඇහෙන්නෙත් නැහැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ." යැයිද හෙතෙම කිවේය.

 තුන්වැනි ලෝකෙන් "යම" ලෝකයට ගෙන යන මෙම රැඩිකල් පක්ෂ හොරු අල්ලලා ඒවා මිනිස්සුන්ට දෙන බවට සිදු කරන ප්‍රකාශ පුහු කතා බව පැවසු ඒ මහතා රට ඉදිරියට යාමට නම් සියලු දෙනා එකතු වු සභ්‍යත්ව මාවතකට යා යුතු බවද පැවසීය.

 එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

 "එළියේ තිබෙන දේශපාලන රික්තය නිසා අපිට සොභාවධර්මයා විසින් ලබාදුන් ආශිර්වාදයක් ළෙස සලකා ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කිරීම තමයි අපේ අරමුණ. අප රෙට් ඉතිහාසය පුරාම දේශපාලනය බල කඳවුරු දෙකකට බෙදිල තිබුණා. ඒ කඳවුරු දෙකට තිබුණු ඡන්ද අද වෙනස් වෙලා. සමීක්ෂණ වාර්තාවලින් පැහැදිළිව ප්‍රකාශ කරන්නේ සියයට 60 කට වැඩි පිරිසක් ඒ සාම්ප්‍රදායික කඳවුරුවලින් මිදිලා නව විසඳුමකට එමින් සිටින බව. ඒ නව විසඳුම කුමක්ද. ඒ සදහා කිනම් සාධනීය අවකාශයක් ප්‍රවේශයක් තිබේද කියල තමයි සාකච්ඡා කළ යුත්තේ. අවලාද මඩ ගැහිලි මැද අපි ඉදිරියට යන්නේ නැහ. ඉදිරියට ගිහිල්ල තියෙන්නේ සුලු පිරිසක් පමණයි. ශ්‍රි ලංකාවේ තවත් රැකියාවක් හැටියට දේශපාලනයේ නිරතව ඉන්න, මේක වෘත්තියක් විදියට කරගෙන ඉන්න බොහෝ දෙනා මේ දේශපාලනය ඇදගෙන ඇවිත් තියෙනවා මෙතනට. ඒ නිසා තමයි අද රටට මේ තත්වය උද්ගතවෙලා තියෙන්නේ. අපි සංකල්ප හතරක් ගැන කතා කරනවා. සභ්‍යත්වය, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රෙරණය හා උපාය මාර්ගික සැලස්ම. ඒ තමයි ඒ හතර. අපි කතා කරන්නේ මේ හතර ගැන විතරයි. අපි මේ හතරෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලු සාම්ප්‍රදායික දේශපාලනයන්ට දේශපාලන බලවේගවලට මම නැවත නැවත ආරාධනා කරනවා අපි ඔය මඩ වලට ඇදගෙන යන්න එපා කියල. මම සුදාමින් සිටිනවා අනුර කුමාර සහෝදරයා එක්ක සජීව සාකච්ඡාවකට යන්න. මම නැවත නැවත ඔහුට ආරාධනා කරනවා.

 අපිට අවශ්‍ය සාධක අපිම සපුරා ගත යුතුයි. මේ රටේ අද මිනිස්සු දුක්විදින විදිය අපි ඔක්කොම දන්නවා. අන්ත දුගි දුප්පත් තත්වයට රටේ මිනිස්සු සියයට 80ක්ම පත්වෙලා. වැඩිපිරිසකට කරකියා ගන්න දෙයක් නැහ. ලංකාවේ මධ්‍ය පරිමාණ මහාපාරිමාණ සුලු පරිමාණ ව්‍යාපාර සීග්‍රයෙන් වැහිල යනවා. පත්තර බලන විට තේරෙනවා ඇති මේ ව්‍යාපාර කොයිතරම් වෙන්දෙසි දානවද කියල. මේ කෙන් අපි මිදිය යුතුයි. අවලාද නගන මේ බාල දේශපාලනයෙන් අපි මිදිය යුතුයි. අපි ඉස්සරහාට යන්න ඕනෑ. අපේ රටේ තරුණයින්ට අගයක් තියෙන්න ඕනෑ. ජාති ආගම්වලට ගරුකරන ශිෂ්ටාචාරය පළමුවෙන්ම රැක ගත යුතුයි. ඒ තුලින් විතරයි මේ රටේ මානව ප්‍රාග්ධනය මේ සියලු දෙනා අතර එකතු වෙන්න පුලුවන් ක්‍රමය. පවතින දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන පක්ෂ වන එජාපය, සජබ, ජාතික ජනබල වේගය, පොහොට්ටුව එක තැනකට එකතු වෙලා. ඒකයි පාර්ලිමේන්තුවේ හැම පනතක්ම සම්මත වෙන්නේ. මිල වැඩි කිරීම්, බදු වැඩිකිරීම් ඕනෑම වෙලාවක කරන්න පුලුවන්. ඔක්කොම එකට ඉන්නේ.

 ගමේ ඉන්න සෑම දුප්පත් මනුස්සයෙක්ම පවුලක්ම ගන්න සමෟද්ධිය කියන අටමගලය නැති කරල ඒ මිනිස්සු බලාත්මක කරමු. ඒ අය කීයක් හරි උපයා ගන්න වැඩපිළිවෙලකට යොමු කරමු. ඒකට තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන්නේ. ඒ තුලින් ඇතිවෙන ප්‍රතිපලයක් ලෙස අන්තිම දුගි පැලටත් ඔවුන්ගේ විශ්වාසය මත කටයුතු කළ හැකියි. ඔවුන්ට සතුටින් ජිවත් වීමේ පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එයින් අදහස් වෙන්නේ නැහ ලංකාවේ ව්‍යවසායකයා අපි අමතක කළා කියලා. අද රටේ ව්‍යවසායකයා අතින් රටට ලොකු සේවයක් වෙනවා. ඔවුන් තමයි රැකියා ටිකවත් ලබල දෙන්නේ. රජය ගෙන යන මේ බදු ප්‍රතිපත්තියට වැඩිදුරක් යන්න වෙන්නේ නැහ.

අද ලෝකේ සෑම රටක් දියුණු වෙලා තියෙන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යක් තුලින්. වසර 70ක් දුක්වින්ද ඉන්දියාව අද දියුනු වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය මෝදි විසින් ඇතිකළ නිසා. ජනතාවගේ ඔලුවට හැමෝම සෘණාත්මක දේවල් පමණක් දැම්මොත් කවදාමත්ම මේ ජාතිය ගොඩ එන්නේ නැහ. ඒ නිසා තමයි අපි මේ සෘණාත්මක ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන්නේ. අපි කතාකරන්නෙ කරන්න පුලුවන් දේ ගැන පමණයි. අපේ ජනතාව දැනුම බුද්ධියෙන් පිරි පිරිසක්. අපි කියන මේ හැමදේකටම උපාය මාර්ගික සැලැස්මක් තියෙනවා. අපි කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේදිත් උපාය මාර්ගික සැලස්ම ගැන පමණයි. ඒකට දින වකවානු තිබෙනවා. ඒ අනුව වැඩකරල ඔබ හැම අභිප්‍රේරණය කරලා ජාතිකත්වය මත පදනම් වු රජයක් තුළ මේ වැටුණු වලෙන් ගොඩ ඒමට පුලුවන් කමක් තිබෙනවා. සාප්‍රදායික දේශපාලන බලවේග එක්ක හැප්පෙන එක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් අපි ඊට වඩා එහාට ගිය උපාය මාර්ගික වැඩපිලිවෙළක් තුළ ජයග්‍රහණය කාර ගොස් ඉල්ලක ගත වැඩපිලිවෙළකට අනුව කටයුතු කරනවා. සාම්ප්‍රදායික දේශපාලන ගති ලක්ෂ අපි දන්වා ඒවා අතික්‍රමණය කරමු."

Page 117 of 464