ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුවක්

ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත.

එම අවස්ථාවේ දී AI Impact 2026 සමුළුව සඳහා ආරාධනා කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ජනපති අනුර කුමාර දිසානායක ස්තූතිය පළ කර ඇත.

ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජනාධිපතිවරයා, දිට්වා සුළි කුණාටුව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය අගය කරමින්, ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කර ඇත.

 

akd2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න