භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ අරමුණින් අද (21) ලොව පුරා ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරයි.
1952 වසරේ දී බෙංගාලි භාෂාව වෙනුවෙන් දිවි පිදූ බංග්ලාදේශ ශිෂ්‍යයින් සිහිපත් කරමින් 1999 දී UNESCO සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
මේ නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, මව් භාෂාව යනු ප්‍රජාවක අනන්‍යතාවය තහවුරු කරන ප්‍රධානතම සාධකය බවයි.භාෂාව හුදු සන්නිවේදන මෙවලමක් නොව, ජන සමාජයක සංස්කෘතිය, සාරධර්ම සහ ඉතිහාසය ඉදිරියට ගෙන යන මූලික වාහකයා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
"ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. යම් ප්‍රජාවක මව් භාෂාව එම ප්‍රජාවේ අනන්‍යතාව තහවුරු කරන ප්‍රධානතම සාධකය යි. භාෂාව සන්නිවේදන මෙවලමක් පමණක් නොව, සංස්කෘතිය හා සාරධර්ම ඉදිරියට ගෙන යන වාහකයා ද වේ."


