මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සතුව තිබූ දුරකථන 30ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මෙම දුරකථන දත්ත විශ්ලේෂණයේදී පද්මේ සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන් පිරිසක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ ඇතැම් දේශපාලඥයන්ගෙන් ප්‍රකාශ පවා සටහන් කරගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

