මාතර කලා උළෙල අග්‍රාමාත්‍යවරිය ගේ මූලිකත්වයෙන් ඇරඹෙයි

මාතර කලා උළෙල අග්‍රාමාත්‍යවරිය ගේ මූලිකත්වයෙන් ඇරඹෙයි

දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක උත්සවය පෙබරවාරි 19 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේ දී පැවැත්විණි.

මාතර පැරණි මහාධිකරණ පරිශ්‍රය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම කලා උළෙල , පෙබරවාරි 20 සිට 23 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. මෙහි දී දෘශ්‍ය කලා ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට ප්‍රදර්ශන, කලා පොළ සහ ප්‍රවීණයන් මෙහෙයවන ප්‍රායෝගික වැඩමුළු ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත ය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු කලාකරුවන්, ආරාධිත අමුත්තන් සහ පාසල් දරුවන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

 harini2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න