දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් 200කට පමණ ජීවත් වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් නිවාස ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. ඒ. පී. ධනසූරිය පැවසී ය.
ඒ සඳහා අවශ්‍ය ඉඩම් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හඳුනාගෙන ඇති බවත් එම ප්‍රදේශ මහල් නිවාස තැනීමට සුදුසු දැයි වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ලබා ගෙන අවසන් බවත්, මහල් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිරි කටයුතු නිවාස අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය එකතු වී සිදු කරගෙන යෑමට නියමිත බවත් හෙතෙම පැවසී ය.

