මෙම වසර අවසානයේදී මෙරට දළ විදෙස් සංචිතවලට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක් එකතු වනු ඇති බවත් ඒ අනුව ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා කළ ඉහළම දළ විදෙස් සංචිත ප්‍රමාණයට මෙම වසර අවසානය වනවිට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72වන පිටුවට අනුව 35000ක් උපාධිධාරීන් බඳවා ගැනීමේ විග්‍රහයක් ඇති බවත්, ඒ අනුව 20000ක් ගුරු වෘත්තියට, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව ආදී ලෙස 35000ක් බඳවා ගන්නා ආකාරය ඇති බැවින් මේ බඳවා ගැනීමේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට වසරක අභ්‍යාසලාභී පුහුණුවක් ලබා දී මේ කාලයේ දීමනාවක් ලබා දී බඳවා ගන්නා ලෙස යෝජනා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දි පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
