V2025

පුවත්

ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය යොකෝ කමිකාවා  දෙදින නිල සංචාරයක් සඳහා අද (04 ) දිවයිනට පැමිණියාය.

මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානයේ සහයෝගය තවදුරටත් ලබා දීම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගේ සංචාරයේ අරමුණ වී තිබෙන බවයි වාර්තා වෙයි

ඒ අනුව ජපන් විදේශ කටයුතු අමාත්‍ය‍වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

ලාල් සමාජවාදය අත්හැරීම ගැන සතුටුයි : දැන් අනුර සහ ටිල්වින් ගේ වාරය !

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික ලාල් කාන්ත සමාජවාදය අත්හැර දැමීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීමෙන් අනතුරුව දැන් තිබෙන්නේ අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා ගේ වාරය බවත් ඔහු පවසයි .

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ , ලාල් කාන්ත මහත්තයා මාලිමාවේ දැන් සමාජවාදය නැහැ කියලා කතාවක් කියලා තියෙනවා. ඔබතුමා ඒ ගැන මොකුත් දන්නවද..? යනුවෙනි .

ඊට ප්‍රතිචාර දක්වමින් චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පැවසීය .

"යූ ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා…. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරලා, මොකද පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි දැන් අනුර දිසානායක මහත්තයාගෙත්, ටිල්වින් සිල්වා මහත්තයාගේත් වාරය."

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ , ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුව වැනි ආයතන වලින් අයවැය පරතරය පියවීමට ලබාදෙන සහන ලබා නොදුනහොත් ඒවායේ බලපෑම අස්වැසුම වැනි සංවර්ධන වැඩසටහන් වලට ඒවා සෘජුව බලපාන බවත්, ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් මේ වසරේ ලැබීමට ඇති ඩොලර් මිලියන අටසීයක පමණ විදේශ ධනය අහිමි වීමට ඉඩ ඇති බවයි .

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වතු හාම්පුතුන්යට්ජ් වගකීමක් තිබෙනවා - වඩුවේල්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්  මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට සහ රජයට අපගේ ස්තූතිය පිරිනමනවා. නමුත් වතු හාම්පුතුන්ගේ සංගමය මීට අකුල් හෙළමින් සිටිනවා.

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන්ට, ඒ වගේම සිලෝන් ටී නාමය රැක ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවන කම්කරු ජනතාවට වැටුප් වැඩි කිරීමක් සිදු කිරිමට ගත් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක්. වතු සේවකයන්ගේ මෙම වැටුප් වැඩිකිරීම පිළිබඳ ගත් තීරණය හදිසියේ ගත් තීන්දුවක් නොවෙයි. වසරක් පුරා කම්කරු දෙපාර්තමේන්තුව, වෘත්තීය සමිති සහ අදාළ පාර්ශ්වයන් සමග සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි එම තීරණය ගනු ලැබුවේ.

හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගි වීම දිගින් දිගටම මඟ හරිමින් සිටියා. රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේ දී ද හාම්පුතුන්ගේ සංගමය මුනිවත රකිමින් සිටියා. නමුත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සිය බලය යොදා ගනිමින් රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් සඳහා නීත්‍යානුකූලව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඩොලරයේ අගය වෙනස් වීමත් සමඟ ජනතාවට සහන නොදී වතු සමාගම් කකුලෙන් ඇදීම අසාධාරණයි.

රජයට වගේම වතු හාම්පුතුන්ගේ සංගමයටත් මේ පිළිබඳ වගකීමක් පැවරි තිබෙනවා. ඒ නිසා සමාගම්වලට ආණ්ඩුවේ තීරණවලට විරුද්ධව යන්න බැහැ. වතු සමාගම් පවසන්නේ අවසන් තීරණය සඳහා ඉහළ මට්ටමේ කමිටුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. නමුත් සම්පූර්ණ වතු සමාගම් 22 ම අයිති පුද්ගලයින් පස් දෙනෙකුටයි. ඔවුන් තේ වතු ක්ෂේත්‍රයේ පමණක් නොව සංචාරක ව්‍යාපාරය, කුඩා පරිමාණ නිෂ්පාදන, කෘෂිකර්මාන්තය සහ මැණික් වැනි ක්ෂේත්‍රවල ද නිරත වනවා. ඒ වගේම වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති එක්ව මෙම වැටුප් වැඩිවීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

ගුවන් තොටේ වීසා හුටපටය : රජයෙන් සැර නිවේදනයක් !

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව රජය අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් අතර එම කැබිනට් තීරණය අභියෝගයට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු කරන බවද සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාවට එන සංචාරකයින් සඳහා රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබු ඔන්ලයින් වීසා පහසුකම මෙතෙක් අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි.

නමුත් මැයි පළමුවැනිදා සිට එම කටයුතුවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉවත්වී පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබුණි.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය නොකරනු ලැබු සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක්ද මෙම සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබීය.

කෙසේවෙතත් මැයි පළමුවැනිදා සවස 05 සිට පෞද්ගලික සමාගමේ නිලධාරීන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීමෙන් දිගු පෝලිම් නිර්මාණය වූ අතර ඊට ගුවන් මගීන් කිහිපදෙනෙකු විරෝධය පලකර සිටින වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

විශේෂ කරුණ වන්නේ මේ එක් මගියෙකු ශ්‍රී ලාංකිකයකු වීම සහ ඔහු ආවේගශීලී ලෙස රජය විවේචනය කරමින් කඩාකප්පල් කාරී ලෙස හැසිරීම ය. මේ විරෝධය දැක්වීම කිසියම් දේශපාලන ප්‍රයෝගයක් ද යන්න කෙරෙහි ද අවධානය යොමුව ඇත.

කෙසේ වුවත් අදාළ පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30 ට පමණ තාවකාලිකව අත්හිටුවා මෙරට ආගමන විගමන නිලධාරීන් විසින් වීසා නිකුත් කිරීම ආරම්භ කරනු ලැබීය.

මෙවැනි පසුබිමක කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර සඳහන් කර සිටියේ වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගම් වෙත පවරා ඇතැයි කියන එම සමාගම් ඉන්දියාවේ කේන්ද්‍රගත හෝ ඉන්දීය සමාගම් නොව වෙනත් රටක් මූලස්ථානය කරගත් සමාගම් බවය.

ඒ අනුව, කවර ආකාරයකින් හෝ ඊට ඉන්දියාව සම්බන්ධ කිරීම වැරදිසහගත බව මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කළේය.

කෙසේවෙතත් මෙරටට පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුල් වීමේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS Global සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතියෙන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවය.

VFS Global සමාගම රටවල් 151ක වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388ක සේවා සපයන ලෝ ප්‍රකට සමාගමක් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට වීසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශිය සමාගමකට පවරා ඇතැයි පළවෙන වාර්තාවල පදනමක් නොමැති බවත් කැබිනට් මණ්ඩල තීරණය අභියෝගයකට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියාකරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් ය.

ගාසා හි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක් !

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (03) බාර දෙනු ලැබීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සහ මාවනැල්ල සහිරා විද්‍යාලයේ විදුහල්පති ඒ. එම් නව්සාඩ්, ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් එස්. එම් නවාස්, සහ එම්. එස්. එම්. නලිම්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. එච් රිලාෆ් මොහොමඩ්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. එල් මොහොමඩ් රිෆ්කාන්, එම්. එස්. එම් නිලාර්ඩීන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නලින් ද සිල්වා ගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක් !

මහාචාර්ය නලින් ද සිල්වා ගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශෝක පණිවිඩයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

ශෝක පණිවිඩය

සෛද්ධාන්තික මහාචාර්ය භෞතික විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් අභාවප්‍රාප්ත වීම පිළිබඳ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි.

පසුව සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹුණු චරිතයකි.

එතුමන් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා විසින් රචිත කෘති, දේශන සහ එතුමන්ගේ මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත. එමෙන්ම නූතන බෞද්ධ ජාතික දැක්ම නිර්මාණය සඳහා එතුමාගේ දර්ශනය තීරකව බලපෑවේය.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ගුරු සංගමයේ සභාපති වශයෙන් ද මහත් කැපවීමෙන් සිය කාර්යයන් ඉටුකල විද්වතෙකි.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එතුමාගේ බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණිය වෙතත් ඥාතීන් ඇතුළු එතුමන්ගේ ශිෂ්‍ය පරම්පරාව වෙතත් මාගේ සාතිශය සංවේගය පළ කරමි.

අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.



රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

  1. 05.03 දින.

ලිට්‍රෝ - ලාෆ් ගෑස් මිල අඩු වුණේ මෙහෙමයි !

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව ‍කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලිණ්ඩරයක් රුපියල් 175කින් මිල අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3940කි.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලිණ්ඩරයේ මිල රුපියල් 70/= කින් අඩුකර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1582කි.

කිලෝ ග්‍රෑම් 2.5 ප්‍රමාණයේ ගෑස් සිලිණ්ඩරයේ මිල රුපියල් 32කින් අඩු කර ඇති අතර , ඒ අනුව එහි නව මිල රුපියල් 740 කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් සඳහන් කර ඇත්තේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා මෙම මිල අඩු කිරීම සිදුකරන ලද බවයි.

මේ අතර අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

ඒ අනුව 12.5kg ක ලාෆ් ගෑස් සිලිණ්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3,840කි. එසේම ලාෆ් ගෑස් 5kg සිලිණ්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,542කි.

ක්‍රීඩා ඇමති නව රෙගුලාසියකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කර ඇත.

එමගින් ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇත.

තව ද, සියලු ම ක්‍රීඩා අංශයන්හි දුක්ගැනවිලිවලට සවන් දී රටේ ක්‍රීඩාවේ යහපත උදෙසා ඔවුන්ට මග පෙන්වන ඔම්බුඩ්ස්මන්වරයෙකු ද අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.

S 01

කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිළ පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත

මේ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් පැවසීය.

එමෙන්ම කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය කරයි.

අපනයන ආදායමේ වර්ධනයක් !

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,037 ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139 ක් දක්වා 9.8%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාව සඳහන් කරයි.

ඊට අනුව සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම් හි වර්ධනයක් පෙන්වන අතර ඉහළම වර්ධනය කාර්මික භාණ්ඩ අපනයන වලය.

2024 වසරේ මාර්තු මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයන් හි (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ නැව් සහ ගුවන් යානා ඉන්ධන අපනයන පරිමා ඉහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑම වූ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත .

කුළුබඩු අපනයනයේ සැලකිය යුතු අඩුවීමක් තිබියදීත්, මූලිකව තේ අපනයන (පුධාන වශයෙන් ඉහළ පරිමාවන්) සහ පොල් ආශ්‍රිත නිෂ්පාදිත අපනයන ඉහළ යෑම හේතුවෙන් 2024 මාර්තු මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයන ආදායම ද ඉහළ ගොස් තිබේ.

2024 වසරේ මාර්තු මාසයේ දී ඛනිජමය අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි.

2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම ආදායම වාර්තා කරමින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන වර්ධනය වීම බොහෝදුරට හේතුවී ඇත.

එමෙන්ම මෙම වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම ආදායම වාර්තා කරමින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන වර්ධනය වීම බොහෝදුරට හේතු වී තිබේ.

jmkdjf

පරාටේ නීතිය අත්හිටුවීමට මුදල් කාරක සභාවේ අනුමැතිය !

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

මුදල් කාරක සභාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස ද නිර්දේශ කර ඇති බවය.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවූ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.Public Finance 01

ගෑස් මිළ පහළට

ලිට්‍රෝ ගෑස් සමාගම් විසින් බෙදා හරින ගෑස් මිල ගණන් හෙට (03) සිට පහළ දැමීමට කටයුතු සූදානම් කර තිබේ.

එම සමාගමේ සභාපති මුදිත පිරිස් සඳහන් කරන්නේ දැනට රුපියල් 4115 සීමාවේ පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් හෙට දිනේ සිට රුපියල් 4000න් පහළ මිලකට අලෙවි කිරීමට කටයුතු යොදන බවයි .

මේ සමග වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලාෆ් ගෑස් මිල ද පහළ දැමෙනු ඇති බවයි .

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි !

මහාචාර්ය නලින්ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ වන විට මහාචාර්ය නලින් ද සිල්වා 79 වන වියේ පසුවිය.

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරුන් !

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

IMG 20240502 WA0018

IMG 20240502 WA0017

දුරකථනය විසන්ධි කරන දිනය වැඩි ඈතක නෑ : මැයි දින රැලියේදී රවීගෙන් සහතිකයක් !

මෙවර මැයි දින සැමරුමේ සිට සති කිහිපයක් යන තැන දේශපාලන කරළියෙන් දුරකථනය විසන්දි කරන බවත් දුරකථන පක්ෂයට හඬක් ලබාදුන් හරීන් - මනුෂ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට එක්ව අවසන් බවත් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක අවධාරණය කර සිටියේය.

තවත් දින 125ක් යන තැන 2024 ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් අනතුරුව තවත් පක්ෂ සහ සංවිධාන රැසක සහාය ඇතිව ඔහු ජයග්‍රහණය කරවීම නියත වශයෙන් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට පමණක් නොව පක්ෂයත් ඉහළට ඔසවා තබා තිබෙනවා. අපේ එකමුතුභාවයේ වෙනස අනෙක් අයට පෙන්විය යුතුයි. එතුමා මේ රට බාරගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ. ඒ වගේම එතුමා මේ රටට අලුත් දර්ශනයක් ඉදිරිපත් කර තිබෙනවා. වැටුණු රටක් යළි ගොඩ ගන්නා ආකාරය එතුමා ගෙවුණු කෙටි කාලය තුළ ලෝකයට ඔප්පු කර තිබෙනවා. කඩා වැටුණු රටක් හදන්න කාලයක් යනවා. නමුත් ගොඩනැගූ රටක් කඩා වැටෙන්න යන්නේ කෙටි කාලයයි. එක්සත් ජාතික පක්ෂයට මීට වසර 22කට පෙර හිමිව තිබූ විධායක බලය අද යළිත් හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමට ‘උරුමය’ වැඩසටහන ආරම්භ කළා. ඒ වගේම ‘අස්වැසුම’ වැඩසටහන ක්‍රියාත්මක කර දුගී ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කටයතු කළා. රජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. වතු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් එක්දහස් හත්සියයක් කළා. මෙවැනි වැඩ කොටසක් කිරීමට එතුමට හැකි වුණේ විවිධ අභියෝග මධ්‍යයේ බව කිව යුතුයි.

තවදුරටත් ගොවියා මඩ ගාගෙන කෘෂිකර්මයේ යෙදිය යුතු නෑ. කම්කරුවාගේ තත්ත්වය පවා දැන් වෙනස් වී තිබෙනවා. රාජ්‍ය සේවයද ස්මාර්ට් විය යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙල මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙනවා. මෙතනදී පාට පක්ෂ භේදයක් අවශ්‍ය නෑ. තවත් දින 125ක් යන තැන 2024 ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් අනතුරුව තවත් පක්ෂ සහ සංවිධාන රැසක සහාය ඇතිව ඔහු ජයග්‍රහණය කරවීම නියත වශයෙන් සිදුකරනවා.

තවත් සති කිහිපයක් යන තැන දුරකථනය විසන්දි කරනවා. ඒ දවස වැඩි ඈතක නෑ. මේ වෙනකොටත් දුරකථනයේ රිඟින් ටෝන් එක වුණු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂයට එක්වී අවසන්. ඉදිරියේදී බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒ නිසා කොළඹින් පටන් ගමු, මුළු රටින්ම පටන් ගමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මේ රටේ ජනාධිපති කරන සටන දිනවමු.

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයටයි - ජනපති

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමිනි.

"මම අද රහසක් කියනවා, ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න සැප්තැම්බර් 9 වැනිදා. ඒවගේ හොද වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබලා දෙන්න. ඉතිං ඔය දෙකම මතක තියාගන්න හොදම නැකත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂටයි. ඒකයි මේ වැටුන රට උස්සන් පුළුවන් වුනේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි... හැම පක්ෂයම දුවලා ලංකාව ගිනස් වාර්තාවක් තිබ්බා. අන්තිමට මට ගන්න වුණා. මං කවුද?.. තනි මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයක නායකයෙක්. අපි අභියෝග හමුවේ දුවන්නේ නැහැ." ජනාධිපතිවරයා පැවසිය.

ශක්තිමත් අපනයන ආර්ථිකයක් ඇති කර රටේ තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබාදෙන සැළැස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් පැවසීය.

රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා කීය.

වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා ඉහළට

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු එබව ප්‍රකාශයට පත්කර සිටියේ, අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමිනි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්..

download 1

wathu padi

download 2

ඇස්ට්‍ර සෙනෙකා එන්නතෙන් අතුරු ආබාධ ඇති විය හැකි බව ඖෂධ සමාගම පළමු වරට පිළිගනී

කොවිඩ් වයිරසයේ අවදානමෙන් මිදීමට භාවිත කළ ඇස්ට්‍ර සෙනෙකා එන්නත (astrazeneca vaccine) දුර්ලභ රෝගාබාධවලට හේතු විය හැකි බව එංගලන්තයේ මහාධිකරණයට නීත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් කරමින් එහි නිෂ්පාදන සමාගම පළමු වරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍ර සෙනෙකා ඖෂධ සමාගම ඉදිරිපත් කර ඇති අධිකරණ වාර්තාවට අනුව එම එන්නත මඟින් ටීටීඑස් නොඑසේ නම් Thrombosis Thrombocytopenia Syndrome රෝගාබාධයට හේතු විය හැකි බව ද වාර්තා වේ. ටීටීඑස් යනු අඩු මට්ටමක පවතින රුධිර පට්ටිකා සමඟ ඒකාබද්ධ වන රුධිර කැටි මොළය හෝ උදරය වැනි අසාමාන්‍ය ස්ථානවල රුධිර කැටිගැසීම් සිදුවිය හැකි තත්ත්වයක් වන අතර, එම සමාගම සිය වාර්තාව මඟින් සඳහන් කර ඇත්තේ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට වුවද එම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව ඇති බවය.

ඇස්ට්‍ර සෙනෙකා ඖෂධ සමාගම විසින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව වැඩිදියුණු කරනු ලැබූ එම එන්නත බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය රටවල් රැසක කොවිඩ් වයිරසයට එරෙහි එන්නතක් ලෙස බෙදා හරිනු ලැබූ අතර, මේ වන විට එම එන්නතට එරෙහිව එංගලන්තයේ මහාධිකරණයේ නඩු 51ක් පවරා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍ර සෙනෙකා එන්නත්කරණයට ලක්වීමෙන් සිය සෞඛ්‍ය තත්ත්වයට සිදුවූ හානියට වන්දි වශයෙන් පවුම් මිලියන 100ක වන්දියක් ඉල්ලා එම නඩු පවරා ඇතැයි එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් සේවය සඳහන් කළේය.

කොවිඩ් වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාළිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර පළමු වරට හෙළි කර තිබිණි.

දිනමිණ

Page 78 of 464