සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැලඳීම සඳහා වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සියලු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් කරයි.
වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශවල පැතිරයන බෝ වන රෝග තත්ත්ව ද සලකා බලා මෙම ඉල්ලීම සිදු කරන බවයි.
මේ අතර දන්සැල් සංවිධානය සහ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවල දී ඇමතීමට දුරකතන අංක කිහිපයක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
1.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්බන්ධයෙන් , ටී.එච්.වී.සී. විතානගේ, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොළඹ මහ නගර සභාව : 0776697674
2.අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් : කේ.කේ.එල් ජයලාල්, සහකාර අධ්‍යක්ෂ, මධ්‍යම ආහාර පාලන ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0779191010
3. අනෙකුත් අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් : ජානක සුනෙත් බණ්ඩාර, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 0714327387
4. විස්තර විමසීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්, රජයේ කාර්යාල රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා. ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0112670182ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
