Image

රට පවතින්නේ දැඩි අනතුරක; වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට පවතින්නේ දැඩි අනතුරක; වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කරුණාකර ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික IMF වැඩපිළිවෙළක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහසස් පළ කළේ 21 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

2027 සිට පොළියට අමතරව ණයත් ගෙවන්න වෙනවා

''පැවති IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වන නිසා  අපට ලැබෙන විස්තීරණ ණය පහසුකම් ඉවත් වෙනවා. IMF එක අප රටට ඇ. ඩොලර් බිලියන 14.2ක් පවත්වාගත යුතු වුවත් අදට බි.7ක් හෙවත් 50%ක් පමණක් තිබෙනවා. මේ බි. 14.2 ගැනීමේ අවස්ථාව වන්නේ 0.01% යි. එබැවින් අවසන් මොහොතේ රට අමාරුවේ වැටුනට පසු IMF ගිවිසුමකට යනවාට වඩා දැන්ම සිට IMF අනුප්‍රාප්තික වැඩසටහනක් කරා යන්න. 2027 සිට පොළියට අමතරව ණය ගෙවීමටත් ණය කන්දකට පිවිසීමකට සිදුවන නිසා නව ගිවිසුමක් කරා යා යුතු යි. ඇ.ඩොලර් බි. 14.2ක් තිබිය යුතු වුවත් බි.7යි තිබෙන්නෙ. ඒ අතර සැබැ අගය වන්නේ භාවිත කළ හැක්කේ බි. 7ට වඩා අඩු ප්‍රමාණයක්. දැනට මාසෙකට මි.600 බැගින් එකතු කළ යුතු වුවත් මාසෙකට මි.60ක් පමණක් සොයනවා.

රට මර උගුලක

අද වන විට 92 පෙට්‍රල් 39%කින් වැඩි වෙලා. 2022 පෙට්‍රල් 470ක් වන විට අද 410 යි. අප රට බරපතළ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. 9.2%කින් රුපියල අවප්‍රමාණ වීම, සංචාරක ආදායම 17% අඩුවීම, විදේශ ප්‍රේෂණ බිලියන 8 ඉක්මවුවත් මින් 60%ක් මැදපෙරදිග රටවලින් එන්නෙ. යුද්ධය නිසා විරැකියාව වැඩි විය හැකි යි. 2027 ණය කන්දක් නිර්මාණය වන විට එයට මුහුණ දෙන්නේ කොහොමද කියල ගැටලුවක් පවතිනවා. IMF ප්‍රතිපාදන හා අධීක්ෂණ අහිමිව ණය සේවාකරණ චක්‍රයකට ඇතුලත් වෙනවා. 2027 සිට වාර්ෂිකව පොලියට අමතරව ප්‍රාග්ධනය බි 3-4 ගෙවිය යුතු යි. ඒ හේතුවෙන් මේ රජය රට මර උගුලකට ගෙන යනවා.

තෙල් සංචිත අනතුරේ

මේ කාලය දීර්ඝ කර ගන්න සේම ලක්ෂ 220 ජනතාවට ආරක්ෂාව දී නව ගිවිසුම ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡාවට යා හැකි යි. ආර්ථික අර්බුදයක් නැති බව රජය කිව්වත් විසිවෙනි දා ඩොලරය 346යි; අද 354යි. මේ රටේ ජනතාව පෝලිම්වල ඉන්නවට විපක්ෂය කැමති නැහැ; ඖෂධ හිඟයක්, පොහොර හිඟයක් එනවට කැමති නැහැ.මේ ඇත්ත තේරුම් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මේ වන වි ඉන්ධන මිල වැඩිවන නිසා සංචිත ඒ සදහා යොදා ගැනීමට සිදුවනවා. මේ නිසා ඩොලර් හිඟයක් ඇති වෙනවා. ආනයන ආවරණය මාස තුනකට වඩා අඩුවන නිසා මහා ඛේදවාචකයක් නිර්මාණය වෙනවා. මේ වසරෙ ජනවාරි සිට මැයි දක්වා තෙල් මිල 39%කින් වැඩි වන විට 2022 මාර්තු ජුනි 44%කින් ද වැඩි වුණා. තෙල් මිල 25%කින් ඉහළ යන විට ගෙවුම් ශේෂ ගැටලුවක් ඇති වන බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අගවනවා. මේ අවස්ථාවේ ජනතාවට ඇත්ත කිව යුතු යි. තෙල් බැරලයන් ඩොලර් 60-70 වුවහොත් අනතුරු අඩුවන නමුත් මේ වන විට110ට වඩා වැඩි නිසා විශාල අනතුරක් සංචිතවලට පවතිනවා. NDB බැංකුවේ රු. බි. 13.2 වංචාව,  ණය ගෙවන්න ගිහින් ඩොලර් ලක්ෂ විසිපහක් නැති වීම, අස්වැසුම දෙපාරක් වැරදිලා දීම, තැපැලේ ගෙවීමක් නැති වීම, මහජන බැංකුවේ ගැටලු ආදී ප්‍රශ්න රැසක්, වංචා රැසක් පවතිනවා. මේ නිසා රේටින්වලින් අප රට පහත වැටෙනවා." 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න