Image

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සේවයෙන් නෙරපයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සේවයෙන් නෙරපයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන එන්. ඒ. විමලසේන ගේ වැඩ තහනම්කර විශ්වවිද්‍යාලභූමියට ඇතුළුවීම තහනම් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත. එයට හේතුපාදක වී තිබෙන්නේ 'අධ්‍යයන විෂමාචාර' ගණයට වැටෙන පොතක් පිටපත්කර තම නමින් ප‍්‍රකාශයට පත්කිරීම ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු සහ හිටපු උපකුලපතිවරයෙකු ද වන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන විසින් සිදුකරන ලද පර්යේෂණ මත පදනම්ව ලියා පළකර තිබූ පොතක් වංචනික ලෙස තම නමින් ප‍්‍රකාශයට පත් කිරීම මෙයට පදනම්ව ඇත.මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන 1

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන

මහාචාර්ය ගුණවර්ධන ගේ ඥාති පුත‍්‍රයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාර විමර්ශනයක් පැවැත්වීම සඳහා විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ආර්. බී. රණරාජා සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන ද්වී පුද්ගල විමර්ශන කමිටුව පත්කර තිබුණි.

දැනගන්නට ලැබෙන පරිදි මෙම විමර්ශන කමිටුව හමුවේ මහාචාර්ය විමලසේන තමන් ගේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කර විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කිරීමට පාලක සභාව කටයුතු කර ඇත.

මේ වන විට මහාචාර්ය විමලසේනට එරෙහිව චෝදනා පත‍්‍රයක් ගොනුකර විධිමත් විනය පරීක්‍ෂණයක් කැදවා ඇත.

මහාචාර්ය විමලසේන 2007 වසරේදී ද මෙවැනිම බුද්ධිමය දේපළ සොරකමක් සම්බන්ධයෙන් වරදකරු කර තිබෙන අයෙකි.

අග්නි සපුමල් බණ්ඩාර

මූලාශ්‍ර - TTV News.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න