රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ඉටුකිරීම ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර වන පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය, ප්‍රකාශ කළ පරිදිම අද දින උදෑසන 08.00 අවසන් කරන ලදී.
මීට වසර 17කට පෙර ඝාතනයට ලක් කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඔබට යළි මුණගස්වන්නට සූදානම් යැයි ලාංකීය ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ, මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා'' කෘතිය ජනගත කිරීමෙනි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
