මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වේ.
මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබු අතර ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර ඇති අතර 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතව ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37 වේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අනෙකුත් ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිට්.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4 වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දය ක්‍රියාත්මකයි.
ඡන්ද බලය, මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාවේ වාසය කරන සහ මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී ඇත.
එහෙත්, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි නීතිමය ක්රමෝපායයන් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගනියි.
ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාව ලබා දුන්නේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරීක්ෂණ, විමර්ශන සහ අධීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිල ආරක්ෂක ආධාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.
මෙම මුලපිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක ආධාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යානා ලබා දෙනු ඇත.
ජපානයේ ඉදිරි නිල රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ හුවමාරු ලියකියවිලි සහ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.
අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ සඳහන් කළාය.
ආක්‍රමණශීලී මසුන් දේශීය ජලාශවලට මුදාහැරීම නිසා අපේ රටේ මිරිදිය මත්ස්‍ය සම්පත විනාශ වීමේ තත්ත්වයක් මතුවීම හේතුවෙන් විසිතුරු මසුන් වර්ග 4ක් ආනයනය, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
තහනම් කරන මසුන් වර්ග
නයිෆ්
රෙඩ්ලයින් ස්නේක් හෙඩ්
ඇලිගේටර්
පිරානා , යන මාලු වර්ග තහනම් කිරීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේය.
එතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවෙස්වල ඇති කරන මසුන් සිටීනම් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ගෙනැවිත් භාර දෙන ලෙසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ(15) රාත්‍රිය් දී චීනය බලා පිටත්ව ගොස් ඇත.
ඒ චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමටයි.
පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර ඇත.
ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
අනිද්දා (18) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ වන බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කළේය.
මේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසා සිටී.
අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න පවසයි.
ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.
ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.
ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.
මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක් ව සිටියහ.
Ada derana.lk
අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් 35 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගැලනිගම සහ කහතුඩුව අතර මෙම අනතුර සිදුව ඇත
වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු සමග ළමුන් තිදෙනෙකු ද එ අතර වේ. ඔවුන් හෝමාගම සහා කළුබෝවිල යන රෝහල් වලට ඇතුලත් කර ඇති අතර එහි දි හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇත.
මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අද (16) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප.ව. 1.00න් පමණ පසුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි
කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැදවුම් නියෝග මත ප්‍රශ්න කර ‘‘ඇඹිලිපිටියේ සුරංග‘ නැමැත්තාගෙන් ලබා ගත් තොරතුරු මත හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා ඇත.
එහි තිබී සැක සහිත උපකරණ, රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවහන්හලේ නවතා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන අතර, පානදුර නිලංග නැමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගත් එකක් බවටද තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍ර දේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයින් කිහිප දෙනෙකු හා මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බවත්, එම ඉරාන ජාතිකයින් මේ වන විට රටින් පිටව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු, පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකි.

නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පහත් බිම් බස් රථ 100ක් මිලදී ගැනීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
අමාත්‍යාංශයට අනුව, බස් රථ සුවපහසු, නවීන සහ ප්‍රධාන නගරවල කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීමට, විශේෂයෙන් වැඩිහිටියන්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට, පොදු ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිතා කිරීම දිරිමත් කිරීමෙන් රථවාහන තදබදය අඩු කිරීමට උත්සාහ කරයි.
ලංසු සඳහා නිල ආරාධනයක් (IFB) නිකුත් කර ඇති අතර, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී. ප්‍රසම්පාදන ක්‍රියාවලිය බත්තරමුල්ලේ සෙත්සිරිපාය අදියර II හි පිහිටා ඇති අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය හරහා සිදු කෙරේ.
වැඩිදුර විස්තර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.transport.gov.lk) හෝ 0112-187213 දුරකථන අංකයෙන් සහ ෆැක්ස් අංකයෙන් ලබා ගත හැකිය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ස්වර්ණ පුස්තක සම්මාන උලළේදී 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර විසින් හිමිකර ගත්තේය.
ඒ ඔහු විසින් රචිත ” පියාසර සමය ” නවකතාව වෙනුවෙනි.
ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පෙරේදා (13) පැවැත් විය.
සම්මාන උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකයි.
චන්ද්‍රරත්න බණ්ඩාරට ස්වර්ණ පුස්තක සම්මානය සමග රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.
අද (15) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (16) දිනය දක්වා වලංගු වේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් “අවධානය යොමු කල යුතු” මට්ටමක උණුසුම් දර්ශකය පැවතිය හැකි බවද එහි සඳහන් වේ.
සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන් අතර ඒ මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින පසුබිමකදීය.
එසේ භාරවීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියම කලේය
සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
