V2025

පුවත්

අලුත් අවුරුද්දට රජයෙන් 'අත්‍යවශ්‍ය භාණ්ඩ පැකේජයක්'

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සහන මිලට ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලබන 01 වැනි දා සිට 13 වැනි දා දක්වා නිකුත් කිරීමට තීරණය කර තිබේ.

දිවයින පුර පිහිටි ලංකා සතොස සහ කෝප්ෆෙඩ් අලෙවිසැල්වලින් මෙම ආහාර පැකේජය ලබාගත හැකියි.

ඒ අනුව රුපියල් 5000ක් වටිනා ආහාර මල්ලක් රුපියල් 2500ක් වැනි මුදලකට ලබාගත හැකි වනු ඇත.

ඵ් සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.

ඒ අනුව, 2025-04-01 දින සිට 2025–04–13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගවීම සහතික කළ යුතු යි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගවීම සහතික කළ යුතු බව දන්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහිම්ගේ සහ එම ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව නිකත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ත්‍රිත්වය පාඩු ලබන බැවින් ඒකාබද්ධ පාලන ව්‍යුහයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මක් රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල චීන සංචාරයේ දී අත්සන් කළ ගිවිසුම් අතරින් එකක් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් වන බවත්, එම ගිවිසුම සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය සංවිධාන මගින් ඉල්ලා සිටි යද මේ දක්වා හෙළිදරව් කර නැති බවත්, එබදු පසුබිමක නව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සහ අදාළ ගිවිසුම අතර සම්බන්ධයක් තිබෙන බවට සැකසංකා පහළ වී ඇති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

එබැවින් රාජ්‍ය මාධ්‍යයට අදාළව චීනය සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන් කරුණු ප්‍රකාශයට පත්කිරීම සහ ප්‍රතිව්‍යුගතකරණ සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කර ක්ෂේත්‍රයේ සහ ග්‍රාහක පුරවැසියන්ගේ ද අදහස් විමසා අවශ්‍ය කටයුතු කිරීම රජයේ වගකීම බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

මතු දැක්වෙන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ නිවේදනය යි.
485962326 9790981207578582 851296278559703398 n
(සටහන | ජයසිරි අලවත්ත)

බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය

සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දන්වා තිබෙයි.

හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට පසුගියදා සම්බාධක පැනවීමට කටයුතු කර තිබිණි.

9873456789

දේශබන්දුට එරෙහි චෝදනා 27ක්

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබේ.

මන්ත්‍රීවරු 115 දෙනෙකු අත්සන් තබන ලද එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාරදී තිබුණි.

අදාළ දූෂණ චෝදනා 27 මෙතනින්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනවලට අදාළ චක්‍රලේඛය නිකුත් වී තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින්.

සම්පූර්ණ චක්‍රලේඛය

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි by poornima

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය, බුදුදහම,සංස්කෘතිය ඇතුළු විෂයයන් කෙරෙහි බලපෑම් සහගත අධ්‍යයන සිදු කළ සුප්‍රකට මානව විද්‍යාඥයෙකු වූ, මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ඔබේසේකර මහතාගේ මිය යනවිට වයස අවුරුදු 96 ක් 1930 පෙබරවාරි දෙවැනිදා උපන් ගණනාථ ඔබේසේකර මහතා වයස අවුරුදු 25 වන විට, එනම් 1955 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළේ ය.

එයින් වසර තුනකට පසු වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධියත් 1964 වසරේදී මානව විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියත් හිමි කර ගැනීමට එතුමාට හැකිවිය.

1968 සිට 1972 දක්වා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රධානියාද වූ ඔහු, 1972 වසරේ සිට වසර අටක් මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේයි.

1983 - 88 වකවානුවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගණනාථ ඔබේසේකර මහතා අනතුරුව වසර 2000 දක්වා සිය දැනුම සිසු පරපුරට ලබා දුන්නේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙනි.

දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත් ඇදහිල්ල, සංස්කෘතියේ කාර්යය, මනෝවිශ්ලේෂණයේ සහ මානව විද්‍යාවේ සංකේතාත්මක පරිවර්තනය” ඇතුළු කෘති රැසක් ඔබේසේකර මහතා සම්පාදනය කර තිබේ.

ලෑන්ඩ් ටෙනුවර් ඉන් විලේජ් සිලෝන් ( ශ්‍රී ලංකාවේ ගමක ඉඩම් භුක්තිය ) ඔබේසේකර මහතාගේ වැදගත් කෘතීන් අතරින් එකකි.

මහාචාර්යවරයා, තමා පරිශීලනය කළ පොත් පත් රැසක් අඩංගුව තිබූ පුස්තකාලයද කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළේ ය.

එක්සත් රාජධානියෙන් ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට සම්බාධක

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයින් සිව් දෙනෙකුට එම සම්බාධක පනවා ඇති බව සඳහන් වෙයි.

එම පිරිසට හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන පිරිස අයත් වේ.

එමෙන්ම LTTE සංවිධානයේ කලක් සේවය කළ LTTE සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාර්ගමූර්ති මුල්ලිදරන් හෙවත් කරුණා අම්මාන් ද ඇතුලත් වෙයි.

ඒ අනුව එම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම තහනම් කරන අතර එරට තුළ ඔවුන් සතුව ඇති වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක වනු ඇති බවයි සඳහන් වෙයි.

බහරේන් යන අයට එන්නතක් අනිවාර්යයි

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද ඒ අනුව අනිවාර්ය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙනින්ගොකොකල් රෝගය යනු නයිසීරියා මෙනින්ජිටිඩිස් බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදන රෝගයක් වන අතර ප්‍රතිකාර නොකළහොත් එය මරණයට පත්වීමේ අවදානමක්ද පවතී.

මෙනින්ජයිටිස් බෝවන රෝගයක් වන අතර සංවර්ධිත සහ ඌන සංවර්ධිත රටවල රෝග, මරණ සහ ආබාධිතභාවය සඳහා මෙනින්ජයිටිස් සහ මෙනින්ගොකොක්සිමියාව ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ.

විශේෂයෙන් සංක්‍රමණික සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින කලාපවල, රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ උපාය මාර්ගයේ වැදගත් කොටසක් ලෙස මෙනින්ගොකොකල් එන්නත භාවිතා කිරීම හා ගල්ෆ් සහයෝගිතා කවුන්සල මාර්ගෝපදේශ නිර්දේශ කර තිබේ.

 

 

 

නව තානාපතිවරු තිදෙනෙක්

නව විදෙස් තානාපතිවරු තිදෙනෙකු ජනාධිති අනුර කුමාර දිසානායක  වෙත අක්තපත්‍ර භාරදී තිබේ.

ඒ අද (24) ජනාධිපති කාර්යාලයේදීය.

ප්‍රංශය, පලස්තීනය සහ නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට්, පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් සහ නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි යන  ජනපති හමුවේ අක්තපත්‍ර භාරදී ඇත.

Untitled design 1

මර්වින් යළි රිමාන්ඩ්

හිටපු ඇමති මර්වින් සිල්වා  ලබන 03 වැනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (24) නියෝග කළේ ය.

ඒ ඔහු අද මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු ඇමති මර්වින් සිල්වා  ගොනුකළ ඇප අයදුම්පත ප්‍රතික්ශේෂ කරමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

හිටපු අමාත්‍යවරයා ඇතුළු තුන්දෙනෙකු පසුගිය 06 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, රජයේ ඉදිකිරීමක් සඳහා පවරා දුන් ඉඩමක් පෞද්ගලික ගැනුම්කරුවෙකුට විකිණීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පොදු දේපල පනත යටතේ ගැණෙන වැරදි කළ බවට චෝදනා නගමිනි.

නඩුව ලබන 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 04 දෙනෙකුට ස්ථාන මාරු

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක  විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර ඇත.

එමෙන්ම මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්. ඒ. ජේ. විශාන්ත  අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබේ.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුට රාජකාරී ඉටුකිරීම සඳහා නව පත්කිරීම් සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.

police

දේශබන්දුට නිවසින් ගෙන එන ආහාර ලබාගැනීමට අනුමැතිය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමක් අනුවයි.

සිය ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරය තුළ ඊට සුදුසු ස්ථානයක දේශබන්දු තෙන්නකෝන්  රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ ගාමිණි බී දිසානායක  පැවසුවේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ, ලබන 03 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු මේ වනවිට පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා ව්‍යාප්තියක්

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බව වෛද්‍යවරු පවසයි.

''චිකුන්ගුන්යා'' රෝගය මේ වනවිට හඳුනාගෙන ඇත්තේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙසය.

''චිකුන්ගුන්යා'' වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදුවේ.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මෙරට තුළ යළිත් චිකන්ගුන්යා රෝගය ව්‍යාප්තවීමේ තත්ත්වයක් මතුව ඇති බවය.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මඳුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගත යුතු වේ.

පළාත් පාලන ඡන්දයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ කටයුතු අද (23) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වැනිදා නිවේදනය කළේය.

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන සමාජ මාධ්‍යයේ පුවත අසත්‍යයක්

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සංසරණයවන ව්‍යාජ පුවතක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.ෙ

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිවේදනයට අනුව “මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුට ම හිමි” බව සඳහන්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවයි.

එය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කරන බව සඳහන් වේ.

එම නිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (22) වැනිදා මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ගම්පොළ, නවකුරුදුවත්ත පොලිස් වසමේ වැටකෙදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගල්වලින් පහරදීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එසේම අම්පාර, අක්කරපත්තුව පොලිස් වසමේ පල්ලිකුඩිඉරිප්පු 02 ප්‍රදේශයේ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබේ. අක්කරපත්තුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට ස්තූතිය

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් හිමි වූ බව

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

ඒ අද පැවැති අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුවන බව පවසමින් පසුගිය කාලසීමාව පුරා රට තුළ පැවතියේ දැඩි කතාබහකි.

ඇතැම් සෞඛ්‍ය වෘත්තිය සංගම් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වූ අතර බලධාරින් සමඟ සාකච්ඡා ද පවත්වා තිබුණේ මේ සඳහා සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙනි.

Page 11 of 464