ගම- නගරය එකවර ඒකාබද්ධ කරමින් සංවර්ධන කරන (රූබන්-Rurban Development ) සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආධාර මෙරටට ලබා දී එකඟතාවය පළකොට තිබේ.
මෙම ඒකාබද්ධ රූබන් සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (IRDCRP) ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් මූල්‍ය පහසුමක් ලබා ගැනීමට ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත.
IRDCRP සඳහා අදාළ මූල්‍ය ගිවිසුමට ඉකුත් දා (8) දින ශ්‍රී ලංකා රජය සහ IDA වෙනුවෙන් පිළිවෙලින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන දේශීය අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලෙන් විසින් අත්සන් කරන ලදී.
කෘෂිකර්මාන්තය ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතය සමඟ ගැඹුරින් බැඳී ඇති අතර, එම අංශයේ ශ්‍රම බලකායෙන් 25% කට වඩා සම්බන්ධ වී ඇත. මෙම අංශය වර්තමානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% කට ආසන්න ප්‍රමාණයක් දරන අතර වාර්ෂික විදේශ විනිමය ඉපැයීම් සඳහා ආසන්න වශයෙන් 22% ක දායකත්වයක් සපයයි.
ශ්‍රී ලංකාවේ නව රජය, ජනගහනයෙන් විශාල කොටසකට ආර්ථික අවස්ථා ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ඵලදායිතාව, තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇත.
මෙම ප්‍රමුඛතාවයට අනුකූලව, ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ (IRDCRP) අරමුණු වන්නේ තෝරාගත් ප්‍රදේශවල කෘෂි ආහාර නිෂ්පාදකයින්ගේ ඵලදායිතාව, වෙළඳපොළ ප්‍රවේශය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමයි.
මුළු ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් වන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලෝක බැංකුව විසින් මූල්‍යකරණය කරනු ලබන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් දේශීය අරමුදල් වලින් ලැබෙනු ඇත.
මීට අමතරව, ප්‍රතිලාභී දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 17 ක ආයෝජනයක් අපේක්ෂා කෙරේ. මෙම සංරචකය කුඩා වතු හිමියන්, ගැනුම්කරුවන් එකක් හෝ කිහිපයක් සහ රාජ්‍ය අංශය අතර ඵලදායී හවුල්කාරිත්වයක් ඇති කරනු ඇති අතර, වෙළඳපොළ සම්බන්ධතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අදාළ පළාත් සභා වැනි අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
(සටහන | ජේ. මුණසිංහ)
The leader.lk