නඩු විභාගය අවසන් වන තෙක් ‘හරක් කටා’ රඳවා ගැනීමට නියෝග

නඩු විභාගය අවසන් වන තෙක් ‘හරක් කටා’ රඳවා ගැනීමට නියෝග

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රචලිත නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක  ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර  මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා දැනුම්දී තිබුණේ, මෙම විත්තිකරුට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔහු රැඳවුම් භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා අද (08) නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න